භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, මම (දිවැසින්) දැකලා තියෙනවා, මේ සමහර සත්වයෝ කයෙන් යහපත් දේවල් කරනවා. වචනයෙන් යහපත් දේවල් කරනවා. සිතින් යහපත් දේවල් කරනවා. ආර්යයන් වහන්සේලාට උපවාද කරන්නේ නෑ. නිවැරදි දෘෂ්ටියෙන් යුක්තයි. නිවැරදි දෘෂ්ටියෙන් යුතු දේවල් තමයි කරන්නේ. ඉතින් ඔවුන් කය බිඳිලා මරණයට පත්වෙලා සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා.
පින්වත් මහණෙනි, මම මේ කාරණය ඔබට කියා දෙන්නේ වෙන ශ්‍රමණයෙකුගෙන්වත්, බ්‍රාහ්මණයෙකුගෙන්වත් අහලා නොවෙයි.
පින්වත් මහණෙනි, මම (දිවැසින්) දැකලා තියෙනවා, මේ සමහර සත්වයෝ කයෙන් යහපත් දේවල් කරනවා. වචනයෙන් යහපත් දේවල් කරනවා. සිතින් යහපත් දේවල් කරනවා. ආර්යයන් වහන්සේලාට උපවාද කරන්නේ නෑ. නිවැරදි දෘෂ්ටියෙන් යුක්තයි. නිවැරදි දෘෂ්ටියෙන් යුතු දේවල් තමයි කරන්නේ. ඉතින් ඔවුන් කය බිඳිලා මරණයට පත්වෙලා සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා.
පින්වත් මහණෙනි, මම තමන් විසින්ම දැනගත්තු තමන් විසින්ම (දිවැසින්) දැකපු, තමන් විසින්ම අවබෝධ කරපු දෙයක්මයි මෙය. ඒ දෙයමයි මා ඔබට කියන්නේ.
පින්වත් මහණෙනි, මම (දිවැසින්) දැකලා තියෙනවා, මේ සමහර සත්වයෝ කයෙන් යහපත් දේවල් කරනවා. වචනයෙන් යහපත් දේවල් කරනවා. සිතින් යහපත් දේවල් කරනවා. ආර්යයන් වහන්සේලාට උපවාද කරන්නේ නෑ. නිවැරදි දෘෂ්ටියෙන් යුක්තයි. නිවැරදි දෘෂ්ටියෙන් යුතු දේවල් තමයි කරන්නේ. ඉතින් ඔවුන් කය බිඳිලා මරණයට පත්වෙලා සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා කියලා.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“මෙහි ඇතැම් පුද්ගලයන් ඉන්නවා, සිත පිහිටුවන්නේ නිවැරදි විදිහටමයි. නිවැරදි යහපත් දේ තමයි කතා කරන්නේ. කයෙනුත් කරන්නේ යහපත් දෙයක් තමයි.
මේ මිනිස් ජීවිතය ගෙවන්න තියෙන්නේ හරිම ටික කාලයයි. ධර්මය ගැන හොඳට දන්නා ඔහු බොහෝ පින් රැස් කරනවා. ඒ ඤාණවන්තයා කය බිඳිලා මැරුණට පස්සේ දෙව්ලොව උපදිනවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M