☰
භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, මුනිවරයෙකුගේ ස්වභාවයන් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? කයෙන් ඇති මුනිවරයෙකුගේ ස්වභාවය. වචනයෙන් ඇති මුනිවරයෙකුගේ ස්වභාවය. මනසින් ඇති මුනිවරයෙකුගේ ස්වභාවය. පින්වත් මහණෙනි, මේ තමයි මුනිවරයෙකුගේ ස්වභාවයන් තුන.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“ඔහු ආශ්‍රව රහිතයි. කයෙනුත් මුනිවරයෙක්. වචනයෙනුත් මුනිවරයෙක්. සිතෙනුත් මුනිවරයෙක්. මේ සියලු මුනි බවෙන් යුක්ත ඒ මුනිවරයාට ‘සියලු පව් සෝදා හැරි කෙනා’ කියලයි කියන්නේ.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M