ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.2.7. සෝචෙය්‍ය සුත්තං

3.2.7. පිරිසිදු බව ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, මේ පිරිසිදුකම් තුනක් තියෙනවා. (අපිරිසිදු අකුසල් නොකිරීමෙන්) කයේ පිරිසිදු බව, වචනයේ පිරිසිදු බව, මනසේ පිරිසිදු බව. පින්වත් මහණෙනි, මේ තමයි පිරිසිදුකම් තුන.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“ඔහු ආශ්‍රව රහිතයි. කයෙනුත් පිරිසිදු පැවතුම් තියෙන්නේ. වචනයත් පිරිසිදුයි. සිතත් පිරිසිදුයි. මේ ආකාරයට පිරිසිදුව ඉන්න කෙනාටයි ‘සියලු පව් ප්‍රහීණ කරපු කෙනා’ කියල කියන්නේ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M