☰
භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, මේ යහපතේ හැසිරීම් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? කයෙන් යහපතේ හැසිරීම. වචනයෙන් යහපතේ හැසිරීම. මනසින් යහපතේ හැසිරීම. පින්වත් මහණෙනි, මේ තමයි යහපතේ හැසිරීම් තුන.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“කෙනෙක් ඉන්නවා, කාය දුෂ්චරිතය අත්හරිනවා. වචී දුෂ්චරිතය අත්හරිනවා. මනෝ දුෂ්චරිතයත් අත්හරිනවා. වෙනත් වැරදි සහිත දේවලුත් අත්හරිනවා.
අකුසල් කරන්නේ නෑ. කුසල් තමයි බහුල වශයෙන් කරන්නේ. ඒ ඤාණවන්ත පුද්ගලයා කය බිඳිලා මැරුණට පස්සේ සැප ඇති සුගතියේ උපදිනවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M