☰
භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, මේ දුසිරිත් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? කයෙන් කරන කාය දුසිරිත, වචනයෙන් කරන වචී දුසිරිත, මනසින් කරන මනෝ දුසිරිත. පින්වත් මහණෙනි, මේ තමයි දුසිරිත් තුන.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“කෙනෙක් ඉන්නවා, කයෙන් දුසිරිත් කරනවා. වචනයෙන් දුසිරිත් කරනවා. මනසිනුත් දුසිරිත් කරනවා. කෙලෙස් සහිත තව දොස් සහිත දේවලුත් කරනවා.
කුසල් නොකර බහුල වශයෙන් කරන්නේ අකුසල්මයි. ඉතින් ඒ අඥාන පුද්ගලයා කය බිඳිලා මැරුණට පස්සේ නිරයේ උපදිනවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M