☰
භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, තණ්හාව තුන් විදිහකින් තියෙනවා. ඒ තුන් විදිහ මොනවාද? කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. පින්වත් මහණෙනි, මේවා තමයි තුන් ආකාරයක තණ්හාව.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“තණ්හා බන්ධනයෙන් බැඳී ගිය සත්වයන් හැම භවයකම ඇලිච්ච සිතින්ම තමයි ඉන්නේ. ඒ අය මාරයාගේ බන්ධනයට අහුවෙලා ඉන්නේ. ඒ ජනයා බන්ධනවලින් මිදිලා නෑ. ඔවුන්ට සිද්ධ වෙන්නේ නැවත නැවතත් සංසාරේ ජරා මරණවලට යන්නමයි.
ඒත් යම් කෙනෙක් තණ්හාව ප්‍රහීණ කරලා, කිසි භවයක නොඇලී ඉන්නවා නම්, යම් කෙනෙක් ආශ්‍රව ක්ෂය කිරීමට පත්වුනා නම්, ඔවුන් තමයි ලෝකයෙන් එතෙරට ගියේ.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M