ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.1.10. මාරධෙය්‍ය සුත්තං

3.1.10. මාරයාගේ භූමිය ඉක්මවා යෑම ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, මේ කාරණා තුනකින් යුක්ත භික්ෂුව මාරයාගේ භූමිය ඉක්මවලා හිරු මඬලක් වගේ බබලනවා. ඒ තුන මොනවාද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව අසේඛ (අරහත්) සීල ස්කන්ධයෙන් යුක්තයි. අසේඛ සමාධි ස්කන්ධයෙන් යුක්තයි. අසේඛ ප්‍රඥා ස්කන්ධයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මේ කාරණා තුනෙන් සමන්විත භික්ෂුව මාරයාගේ භූමිය ඉක්මවලා හිරු මඬලක් වගේ බබලනවා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“ඒ රහත් භික්ෂුව සීල, සමාධි, ප්‍රඥා හොඳින් ප්‍රගුණ කරලයි තිබෙන්නේ. ඒ නිසාම මාරයාගේ භූමිය ඉක්මවලා සූර්යයා වගේ බබලනවා.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

පළමු වෙනි වර්ගය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M