☰
භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, පුණ්‍ය ක්‍රියා කරන්න මුල් වන කරුණු තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? දන් දීම පින් රැස් කරගන්න මුල් වෙනවා. සිල් රැකීම පින් රැස් කරගන්න මුල් වෙනවා. භාවනා කිරීම පින් රැස් කරගන්න මුල් වෙනවා. පින්වත් මහණෙනි, මේ තමයි පින් රැස් කරගන්න මුල් වෙන කරුණු තුන.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“ඔහු මතුවට සැප ලබා දෙන පින් රැස් කරන්නමයි ඉගෙන ගන්න ඕන. දන්දීමත්, නිවැරදිව ජීවත් වීමත්, මෙත් සිතත් වඩන්න ඕන.
සැප විපාක ලබාදෙන මේ ධර්ම තුන වඩලා, ඒ නුවණැත්තා දුක් රහිත, සැපවත් ලෝකයක උපදිනවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M