ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.1.8. දුතිය ආසව සුත්තං

3.1.8. ආශ්‍රවයන් ගැන වදාළ දෙවෙනි දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, මේ ආශ්‍රව තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව. පින්වත් මහණෙනි, මේ තමයි මේ තමයි ආශ්‍රව තුන.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“ඒ රහත් භික්ෂුවගේ කාම ආශ්‍රව ප්‍රහීණයි. අවිද්‍යාවත් දුරු වෙලා තියෙන්නේ. භව ආශ්‍රවත් ක්ෂය කරලා දාලා තියෙන්නේ. කෙලෙස්වලින් මිදිලා, කෙලෙස් රහිතවයි වැඩඉන්නේ. සේනා සහිත වූ මරු පැරද වූ ඔහු මේ දරන්නේ අන්තිම සිරුරයි.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M