ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

3.1.7. පඨම ආසව සුත්තං

3.1.7. ආශ්‍රවයන් ගැන වදාළ පළමු දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, මේ ආශ්‍රව තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව. පින්වත් මහණෙනි, මේ තමයි මේ තමයි ආශ්‍රව තුන.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“සමාහිත සිත් ඇති හොඳ සිහි නුවණ ඇති සම්බුදු සමිඳුන්ගේ ශ්‍රාවකයා මේ ආශ්‍රව ගැනත් අවබෝධ කරනවා, ආශ්‍රවවල හටගැනීම ගැනත් අවබෝධ කරනවා.

යම් තැනකදී මේවා නිරුද්ධ වෙනවා නම්, එයත් අවබෝධ කරනවා. ආශ්‍රව ක්ෂය වෙලා යන ආර්ය මාර්ගයත් අවබෝධ කරනවා. සියලු ආශ්‍රව ක්ෂය කරලා දාපු ඒ භික්ෂුව කෙලෙස් පිපාසයෙන් තොරව පිරිනිවන් පානවා.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M