☰
භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, මේ සෙවීම් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? කාමය සෙවීම, භවය සෙවීම, බ්‍රහ්මචරියාව සෙවීම. පින්වත් මහණෙනි, මේ තමයි ඒ සෙවීම් තුන.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“කාමය සෙවීමත්, භවය සෙවීමත්, බ්‍රහ්මචරිය (දුකෙන් මිදීමේ මඟක්) සෙවීම තුළින් මෙය පමණයි සත්‍යය කිය කියා මතවාද ග්‍රහණය කර ගැනීමත් වශයෙන් සෙවීම් තුනකි.
නමුත් හැම රාගයෙන්ම වෙන් වුන, තණ්හාව ක්ෂය කරලා සියලු දුකෙන් නිදහස් වුන, අරහත් භික්ෂුව සෙවීම් බැහැර කරලයි ඉන්නේ. දෘෂ්ටි හට ගන්න තැන් මුලින්ම සිඳලයි ඉන්නේ. සෙවීම් ක්ෂයව ගිය ඒ භික්ෂුව ආශා රහිතයි. ‘කෙසේද? කෙසේද?’ කියන සැකයෙනුත් තොරයි.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-3-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M