භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, මේ ලෝකයේ හට ගන්නවා නම් හට ගන්නා වූ එකම එක දෙයක් තිබෙනවා. අන්න ඒ දෙය බොහෝ දෙනෙකුට අහිත පිණිස, බොහෝ දෙනෙකුට දුක් පිණිස හේතු වෙනවා. බොහෝ මිනිසුන්ගේත්, දෙවියන්ගේත් අනර්ථය පිණිස, අහිත පිණිස, දුක පිණිසමයි හේතු වෙන්නේ. මොකක්ද ඒ එකම එක දෙය? එනම් සංඝ භේදයයි. පින්වත් මහණෙනි, සංඝයා භේද වුන විට, ඔවුනොවුන් කෝලාහල කර ගන්නවා. ඔවුනොවුන් බැණ ගන්නවා. ඔවුනොවුන් වට කරගෙන රණ්ඩු වෙනවා. ඔවුනොවුන් ඇසුරෙන් බැහැර කරල දමනවා. එතකොට අපැහැදී සිටින අය තවත් අපැහැදෙනවා. පැහැදී සිටින සමහර අයගේ ඒ පැහැදීමත් වෙනස් වෙනවා.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“සංඝභේදය කරන කෙනා ඒ කරගන්නේ අපායේ උපදින්න හේතුවන දෙයක්. නිරයේ ඉපදිලා කල්පයක්ම එහි සිටීමට හේතුවන දෙයක්. භේදයෙහි ඇලුන, අධර්මයෙහි පිහිටි ඔහු, ඒ නිසා තමන්ගේ නිවනත් නැති කර ගන්නවා. සමගි සංඝයා බිඳවා, කල්පයක් නිරයේ පැහෙනවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-1-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M