භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, මේ ලෝකයේ හට ගන්නවා නම් හට ගන්නා වූ එකම එක දෙයක් තිබෙනවා. අන්න ඒ දෙය බොහෝ දෙනෙකුට යහපත පිණිස, බොහෝ දෙනෙකුට සැපය පිණිස හේතු වෙනවා. බොහෝ මිනිසුන්ගේත්, දෙවියන්ගේත් අර්ථය පිණිස, යහපත පිණිස, සැපය පිණිසමයි හේතු වෙන්නේ. මොකක්ද ඒ එකම එක දෙය? එනම් සංඝයාගේ සමගියයි. පින්වත් මහණෙනි, සංඝයා සමඟි වුන විට, ඔවුනොවුන් කෝලාහල කර ගැනීම් නෑ. ඔවුනොවුන් බැණ ගන්නෙත් නෑ. ඔවුනොවුන් වට කරගෙන රණ්ඩු වෙන්නෙත් නෑ. ඔවුනොවුන් ඇසුරෙන් බැහැර කරල දමන්නෙත් නෑ. එතකොට අපැහැදී සිටින අයත් පැහැදෙනවා. පැහැදුන අයගේ ඒ පැහැදීම ගොඩාක් වැඩිවීම පිණිසත් හේතු වෙනවා.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“සංඝයාගේ සමඟියත්, සමගි වූ අයට අනුබලදීමත් සැපයක්. සමගියේ ඇලුනු, ධර්මයේ පිහිටි කෙනා තමන්ගේ අමා නිවන නැති කර ගන්නෙත් නෑ. සංඝයා සමගි කරලා, කල්පයක් දෙව්ලොව සතුටු වෙනවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-1-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M