භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, තවමත් උතුම් අරහත්වයට පත්වෙච්ච නැති, ඒ අනුත්තර වූ අමා මහ නිවන අපේක්ෂාවෙන් සිටිමින් නිවන් මගේ හික්මෙන සේඛ භික්ෂුවක් ඉන්නවා. පින්වත් මහණෙනි, (ඔහුගේ ඒ නිවන් මග සම්පූර්ණ කරගැනීමට වුවමනා කරන) තමා තුළ පිහිටා තිබෙන ගුණයක් වශයෙන් මේ යෝනිසෝ මනසිකාරය තරම් බොහෝ සේ උපකාර වන වෙනත් එකම එක දෙයක්වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ධර්මයෙන් පෙන්වා දී ඇති පරිදිම නුවණින් සිහි කරන භික්ෂුව අකුසල් නැති කරලා දානවා. කුසල් දහම් වැඩි දියුණු කරනවා.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“නිවන් මගේ හික්මෙන සේඛ භික්ෂුවට ඒ උතුම් අරහත්වයට පත්වීම පිණිස, බොහෝ සේ උපකාර වන යම් දෙයක් තියෙනවා නම්, මේ යෝනිසෝ මනසිකාරය තරම් වෙන උපකාර වෙන දෙයක් නෑ. ධර්මයේ පෙන්වා දී ඇති පරිද්දෙන්ම නුවණින් සළකමින් වීරිය වඩන භික්ෂුව සියලු දුක් නැති කරපු කෙනෙක් බවට පත්වෙනවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-1-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M