ඛුද්දක නිකාය

උදාන පාළි

7.7. පපඤ්චක්ඛය සුත්තං

7.7. කෙලෙස් සහිත කල්පනාවන් ක්ෂය වී යාම ගැන වදාළ උදානය

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

එදා භාග්‍යවතුන් වහන්සේ, තමන් වහන්සේගේ සිතින් කෙලෙස් සහිත කල්පනාවෙන් යුත් සඤ්ඤා සංඛා ප්‍රහාණය වූ බව නුවණින් දකිමින් වැඩසිටියා.

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ සිතින් කෙලෙස් සහිත කල්පනාවෙන් යුත් සඤ්ඤා සංඛාවල ප්‍රහාණය දැකලා ඒ වෙලාවේ මේ උදානය වදාළා.

“ඔහු තුළ කෙලෙස් සහිතව කල්පනා කර කර ඉන්න ගතියක් පවතින්නේ නෑ. සියලු තණ්හා බන්ධනත්, අවිද්‍යා නමැති බාධකයත් ඉක්මවා ගිහිල්ලයි ඉන්නේ. ඒ ඒ තැන කිසිම තණ්හාවකින් තොරව හැසිරෙන ඒ මුනිඳුන්ව, දෙවියන් සහිත ලෝකයා හෑල්ලු කරන්නේ නෑ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-7-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M