ඛුද්දක නිකාය

උදාන පාළි

7.6. තණ්හාක්ඛය සුත්තං

7.6. තණ්හාව ක්ෂය වී යාම ගැන වදාළ උදානය

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

එදා ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන, (තමන්ගේ) තෘෂ්ණාව නැති වී යාමෙන් ලැබූ අරහත් ඵල විමුක්තිය ගැන නුවණින් දකිමින් හිටියා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට නුදුරින් පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන, (තමන්ගේ) තෘෂ්ණාව නැති වී යාමෙන් ලැබූ අරහත් ඵල විමුක්තිය ගැන නුවණින් දකිමින් සිටින ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන්ව දැක වදාළා.

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

“ඒ භික්ෂුව තුළ දුකට මූලික හේතුව වන අවිද්‍යාව නෑ. එය වැඩෙන පොළොවත් නෑ. ඒ නිසා එහි කොළත් නෑ. තණ්හා ලතාව කොහෙන් නම් හටගන්නද? ඒ නුවණැති රහත් භික්ෂුව බන්ධනයෙන් මිදිලයි ඉන්නේ. එහෙම කෙනෙකුට කවුද නින්දා කරන්නේ? දෙවියොත් කරන්නේ ප්‍රශංසාවක්මයි. බ්‍රහ්මයා කරන්නෙත් ප්‍රශංසාවක්මයි.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-7-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M