මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
එදා ලකුණ්ඨක භද්දිය තෙරුන් බොහෝ භික්ෂූන්ට පිටුපසින්, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණෙමින් සිටියා. භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂුන්ට පිටුපසින් පැමිණෙන, වර්ණයෙනුත් පැහැපත් නැති, දකින්නත් එතරම් ප්‍රියමනාප නැති, සෑහෙන තරමක මිටි, (සිත දියුණු නොකළ) බොහෝ භික්ෂූන් විසින් එතරම් සැළකිල්ලක් දක්වන්නේත් නැති ඒ ලකුණ්ඨක භද්දිය තෙරුන්ව දැක වදාළා. දැකලා භික්ෂූන්ව ඇමතුවා. “පින්වත් මහණෙනි, ඔබට පේනවාද බොහෝ භික්ෂූන්ට පිටුපසින් එන, වර්ණයෙනුත් පැහැපත් නැති, දකින්නත් එතරම් ප්‍රියමනාප නැති, සෑහෙන තරමක මිටි, (සිත දියුණු නොකළ) බොහෝ භික්ෂූන් විසින් එතරම් සැළකිල්ලක් දක්වන්නේත් නැති භික්ෂුව?” “එසේය, ස්වාමීනී”
“පින්වත් මහණෙනි, ඔය භික්ෂුව (ඔය විදිහට පෙනුම තිබුනට එසේ මෙසේ කෙනෙක් නොවෙයි) මහා ඉර්ධිබල සම්පන්නයි. මහා ආනුභාව සම්පන්නයි. ඔය භික්ෂුව සමවදින්නේ නැති සමාපත්තියක් නැති තරම්. යම් අර්ථයක් පිණිස නම් පින්වත් කුල පුතුන් ශ්‍රද්ධාවෙන් ගිහි ගේ අත්හැරලා පැවිදි වෙන්නෙ, අන්න ඒ උතුම් අර්ථය වන බඹසර වාසයේ කෙළවර වූ උතුම් අරහත්වය තමන් විසින් ඉතා හොඳින් දැනගෙන, සාක්ෂාත් කරලා, ලබාගෙනයි ඔය භික්ෂුව වාසය කරන්නේ.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“ලස්සන රථයක් තියෙනවා. ඒක ගමන් කරන්නේ ඉතාම පිරිසිදු මාවතක. සුදු සේලවලින් වහලා තියෙන්නේ. එකම අරයකින් යුක්තයි. අන්න ඒ වගේමයි. කිසි දුකක් නැති, හැම තණ්හාවක්ම සිඳලා දාපු, බන්ධන නැති, භික්ෂුව වඩින හැටි අර බලන්න.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-7-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M