ඛුද්දක නිකාය

උදාන පාළි

6.9. උපාති සුත්තං

6.9. අසාර දේ පසුපස දිවීම ගැන වදාළ උදානය

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

එදා භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී අන්ධකාරයේ එළිමහනේ වැඩසිටියා. තෙල් පහනුත් දැල්වෙමින් තිබුනා. ඒ වෙලාවේ බොහෝ පළඟැටියන් ඒ තෙල් පහන් ඉදිරියට ආවා. ඇවිල්ලා වටේ කැරකිලා තෙල් පහන්වලට පැනලා, දුකටත්, ව්‍යසනයටත් පත්වුනා. බොහෝ පළගැටියන් ඒ තෙල් පහන් ඉදිරියට ඇවිල්ලා වටේ කැරකිලා තෙල් පහන්වලට පැනලා, දුකටත්, ව්‍යවසනයටත් පත්වෙන හැටි භාග්‍යවතුන් වහන්සේ දැක වදාළා.

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

“මේ සත්වයන් අසාර දේ පස්සෙමයි දුවන්නේ. ඔවුන්ට සාරවත් දෙයක් ලැබෙන්නේ නෑ. අලුත් අලුත් බන්ධනවලටමයි ඔවුන් බැඳි බැඳී යන්නේ. පහන් දැල්ලට ඇදිලා යන පළඟැටියො වගෙයි. අසන, දකින හැමදේකටම ඔවුන් ඇදිලා යනවා.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-6-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M