මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
එදා ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනී, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ නූපදින තාක් තමයි මේ අන්‍යාගමික පරිබ්‍රාජකයන් සත්කාර ලබන්නේ. ගෞරව ලබන්නේ. බුහුමන් ලබන්නේ. යටහත් පැවතුම් ලබන්නේ. සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පිරිකර ආදිය ලබන්නේ. නමුත් ස්වාමීනී, යම් දවසක තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොව උපදින සේක් නම් එතකොට ඔය අන්‍යාගමික පරිබ්‍රාජකයන්ට සත්කාර ලැබෙන්නේ නෑ. ගෞරව ලැබෙන්නේ නෑ. බුහුමන් ලැබෙන්නෙත් නෑ. යටහත් පැවතුම් ලැබෙන්නෙත් නෑ. සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පිරිකර ආදිය ලැබෙන්නෙත් නෑ. ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේටත්, භික්ෂු සංඝයාටත් තමයි සත්කාර ලැබෙන්නේ. ගෞරව ලැබෙන්නේ. බුහුමන් ලැබෙන්නේ. යටහත් පැවතුම් ලැබෙන්නේ. සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පිරිකර ආදිය ලැබෙන්නේ.”
“ඒක ඒ විදිහම තමයි පින්වත් ආනන්ද, තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයේ නූපදින තාක් තමයි මේ අන්‍යාගමික පරිබ්‍රාජකයන් සත්කාර ලබන්නේ. ගෞරව ලබන්නේ. බුහුමන් ලබන්නේ. යටහත් පැවතුම් ලබන්නේ. සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පිරිකර ආදිය ලබන්නේ. පින්වත් ආනන්ද, යම් දවසක තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලොව උපදින සේක් නම් එතකොට ඔය අන්‍යාගමික පරිබ්‍රාජකයන්ට සත්කාර ලැබෙන්නේ නෑ. ගෞරව ලැබෙන්නේ නෑ. බුහුමන් ලැබෙන්නෙත් නෑ. යටහත් පැවතුම් ලැබෙන්නෙත් නෑ. සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පිරිකර ආදිය ලැබෙන්නෙත් නෑ. දැන් භාග්‍යවතුන් වහන්සේටත්, භික්ෂු සංඝයාටත් තමයි සත්කාර ලැබෙන්නේ. ගෞරව ලැබෙන්නේ. බුහුමන් ලැබෙන්නේ. යටහත් පැවතුම් ලැබෙන්නේ. සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පිරිකර ආදිය ලැබෙන්නේ.”
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“යම්තාක් හිරු මඬල උදා නොවේද, ඒ තාක්ම කණාමැදිරියන් යස අගේට බබලනවා. නමුත් හිරු මඬල උදාවුන විට අර කණාමැදිරියන්ගේ එළිය නැතිවෙලා යනවා. බැබලීම නැතිවෙලා යනවා.
අන්න ඒ වගේම තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ නොවෙන තාක් විතරයි තර්ක කර කර ඉන්න ඔය අන්‍යාගම්කාරයන්ට තැනක් තියෙන්නේ. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් ඒ තාර්කිකයන්ගේ බැබලීම ඉවර වෙනවා. ඔවුන්ගේ ශ්‍රාවකයන්ට වෙන්නෙත් ඒ ටිකමයි. වැරදි දෘෂ්ටි අරගෙන ඉන්න ඒ උදවියට දුකින් නිදහස් වෙන්න ලැබෙන්නේ නෑ.”
සාදු! සාදු!! සාදු!!!
හයවෙනි ජච්චන්ධ වර්ගය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-6-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M