☰
මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
එදා ආයුෂ්මත් සුභූති තෙරුන් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන පිහිටුවා, අවිතර්ක සමාධියට සමවැදී වැඩසිටියා. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට නුදුරින් පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන පිහිටුවා, අවිතර්ක සමාධියට සමවැදී සිටින ආයුෂ්මත් සුභූති තෙරුන්ව දැක වදාළා.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ මුල්කොට ගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“යමෙකු විසින් මිත්‍යා කල්පනා දුරින්ම දුරුකරල දැම්මා නම් තමා තුළින් ඒ මිත්‍යා කල්පනා සම්පූර්ණයෙන්ම බැහැර කරලා දැම්මා නම්, රාගාදී සංග ඉක්මවා ගියා නම්, අරූප සඤ්ඤාවෙන් යුක්ත වුනා නම්, කාමාදී සතර යෝගයන් ඉක්මවා ගියා නම්, ඒ ආර්යයන් වහන්සේ ආයෙමත් උපදින්නේ නෑ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-6-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M