☰
මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
එදා භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ තුළින් ප්රහාණය වෙලා ගිය නොයෙක් පාපී අකුසලයන් ගැන නුවණින් විමසා බලමින් වැඩසිටියා. ඒ වගේම භාවනාව තුළින් සම්පූර්ණ කරගත්තු නොයෙක් කුසල් දහම් ගැනත් නුවණින් බලමින් වැඩසිටියේ.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ මුල්කොට ගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“ඉස්සර මට තිබුනේ රාගාදී කෙලෙස් විතරයි. ඒ කාලෙ ආර්ය සත්‍යය අවබෝධය තිබුනේ නෑ. ඉස්සර ආර්ය සත්‍යය අවබෝධය මට තිබුනේ නෑ. ඒ කාලෙ මට තිබුනෙ කෙලෙස් විතරයි. සම්බුද්ධත්වය අවබෝධ වුනාට පස්සේ මට කෙලෙස් නැතුව ගියා. අනාගතයේ හටගන්නෙත් නෑ. දැන් දකින්නත් නෑ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-6-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M