ඛුද්දක නිකාය

උදාන පාළි

5.9. සද්ධායමාන සුත්තං

5.9. අනුන් තළා පෙළා කතා කළ තරුණයින් පිරිසක් අරභයා වදාළ උදානය

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරති මහතා භික්ඛුසංඝේන සද්ධිං. තේන ඛෝ පන සමයේන සම්බහුලා මාණවකා භගවතෝ අවිදූරේ සද්ධායමානරූපා අතික්කමන්ති. අද්දසා ඛෝ භගවා සම්බහුලේ මාණවකේ අවිදූරේ සද්ධායමානරූපේ අතික්කන්තේ.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු පිරිවරක් සමඟ කොසොල් ජනපදයේ චාරිකාවේ වඩිමින් සිටියා. ඒ වෙලාවේ බොහෝ තරුණයන් පිරිසක්, අනුන්ව තළා පෙළා කතාකරමින් භාග්‍යවතුන් වහන්සේ අසලින් යනවා. භාග්‍යවතුන් වහන්සේ බොහෝ තරුණයින් පිරිසක් අනුන්ව තළා පෙළා කතා කරමින් ඒ අසලින් යන හැටි දැක වදාළා.

2. අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

“පරිමුට්ඨා පණ්ඩිතාභාසා වාචාගෝචරභාණිනෝ,
යාවිච්ඡන්ති මුඛායාමං, යේන නීතා න තං විදූ”ති.

“මුළා වෙච්ච සිහියෙන් යුතුව වැදගත්ය කියලා හිතාගෙන කටට එන එන දේවල්ම කියනවා. කට අරින්න පුළුවන් පුළුවන් තරමට කියවනවා. තමන් කියන්නේ මොනවද කියලා තමන්වත් දන්නෙ නෑ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M