ඛුද්දක නිකාය

උදාන පාළි

5.8. ආනන්ද සුත්තං

5.8. දේවදත්ත අරභයා ආනන්ද තෙරුන්ට වදාළ උදානය

48. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා රාජගහේ විහරති, වේළුවනේ කලන්දකනිවාපේ. තේන ඛෝ පන සමයේන ආයස්මා ආනන්දෝ තදහුපෝසථේ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛෝ දේවදත්තෝ ආයස්මන්තං ආනන්දං රාජගහේ පිණ්ඩාය චරන්තං. දිස්වාන යේන ආයස්මා ආනන්දෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං ආනන්දං ඒතදවෝච: අජ්ජතග්ගේ දානාහං ආවුසෝ ආනන්ද, අඤ්ඤත්‍රේව භගවතා අඤ්ඤත්‍ර භික්ඛුසංඝා උපෝසථං කරිස්සාමි සංඝකම්මානි චා”ති. අථ ඛෝ ආයස්මා ආනන්දෝ රාජගහේ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: “ඉධාහං භන්තේ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසිං. අද්දසා ඛෝ මං භන්තේ දේවදත්තෝ රාජගහේ පිණ්ඩාය චරන්තං. දිස්වාන යේනාහං තේනුපසංකමි; උපසංකමිත්වා මං ඒතදවෝච: ‘අජ්ජතග්ගේ දානාහං, ආවුසෝ ආනන්ද, අඤ්ඤත්‍රේව භගවතා අඤ්ඤත්‍ර භික්ඛුසංඝා උපෝසථං කරිස්සාමි සංඝකම්මානි චා’ති. අජ්ජ භන්තේ දේවදත්තෝ සංඝං භින්දිස්සති උපෝසථඤ්ච කරිස්සති සංඝකම්මානි චා’ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලෙහෙනුන්ගේ අභයභූමිය වූ වේළුවනයේ. එදා උපෝසථ දිනයක්. ආයුෂ්මත් ආනන්ද තෙරුන් එදා උදේ වරුවේ සිවුරු පොරවලා, පාත්‍ර සිවුරු අරගෙන රජගහ නුවර පිණ්ඩපාතේ වැඩියා. (ඒ වෙලාවේ) දේවදත්ත, ආයුෂ්මත් ආනන්ද තෙරුන් රජගහ නුවර පිණ්ඩපාතේ වඩිනවා දැක්කා. දැකලා, ආනන්ද තෙරුන් ළඟට ගියා. ගිහිල්ලා ආනන්ද තෙරුන්ට මෙහෙම කිව්වා.

“ආයුෂ්මත් ආනන්ද, අද ඉඳන් මම භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන් වෙලා, භික්ෂු සංඝයාගෙනුත් වෙන් වෙලා උපෝසථය කරනවා. වෙන්වම සංඝයා පිළිබඳ කටයුතුත් කරනවා” කියලා.

ඊට පස්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් රජගහ නුවර පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතෙන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අද මම උදේ වරුවේ සිවුරු පොරවලා, පාත්‍ර සිවුරු අරගෙන රජගහ නුවර පිණ්ඩපාතේ වැඩියා. ඒ වෙලාවේ දේවදත්ත මං රජගහ නුවර පිණ්ඩපාතේ වඩිනවා දැක්කා. දැකලා මං ළඟට ආවා. ඇවිල්ලා මට මෙහෙම කිව්වා. ‘ආයුෂ්මත් ආනන්ද, අද ඉඳන් මම භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන් වෙලා, භික්ෂු සංඝයාගෙනුත් වෙන් වෙලා උපෝසථය කරනවා. වෙන්වම සංඝයා පිළිබඳ කටයුතුත් කරනවා’ කියලා. ස්වාමීනී, අද ඔය දේවදත්ත සංඝ භේදය කරනවා. වෙනම වෙන්වෙලා උපෝසථය කරනවා. වෙන්වම සංඝයා පිළිබඳ කටයුතුත් කරනවා” කියලා.

2. අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

සුකරං සාධුනා සාධු සාධු පාපේන දුක්කරං,
පාපං පාපේන සුකරං පාපමරියේහි දුක්කර”න්ති.

“යහපත් කෙනෙකු විසින් යහපත් දෙයක්ම කරනවා කියන එක ගොඩාක් පහසුයි. එහෙත් පව්කාරයාට නම් යහපත් දෙයක් කරනවා කියන එක දුෂ්කරයි. පව්කාරයාට ලෙහෙසියෙන්ම පව් නම් කරන්න පුළුවන්. නමුත් උත්තරීතර සිත් ඇති ආර්යයන් වහන්සේලාට නම් කවදාකවත් පව් කරන්න බෑ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M