මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
ඒ වෙලාවේ ආයුෂ්මත් කංඛාරේවත තෙරුන් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන, තමන්ගේ සිත සියලු සැකවලින් නිදහස් වීමෙන් ලද පිරිසිදු බව නුවණින් දකිමින් වැඩසිටියා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කංඛාරේවත තෙරුන් තමන් වහන්සේට නුදුරින් පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන, තමන්ගේ සිත සියලු සැකවලින් නිදහස් වීමෙන් ලද පිරිසිදු බව නුවණින් දකිමින් ඉන්න හැටි දැක වදාළා.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“මෙලොව ගැන හරි පරලොව ගැන හරි තියෙන යම්කිසි සැකයක් වෙයි නම්, තමන්ගේ දේ මුල් කරගෙන හරි, අනුන්ගේ දේ මුල් කරගෙන තියෙන යම් සැකයක් වෙයි නම්, කෙලෙස් නසා දැමීමෙහි යෙදුනු, අප්‍රමාදීව සසුන බඹසරෙහි යෙදෙන, ධ්‍යානයෙහි දක්ෂ වූ මුනිවරයා ඒ සියලු සැක අත්හැර දානවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M