ඛුද්දක නිකාය

උදාන පාළි

5.5. උපෝසථ සුත්තං

5.5. පොහොය කිරීම අරභයා වදාළ උදානය

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති, පුබ්බාරාමේ මිගාරමාතුපාසාදේ. තේන ඛෝ පන සමයේන භගවා තදහුපෝසථේ භික්ඛුසංඝපරිවුතෝ නිසින්නෝ හෝති. අථ ඛෝ ආයස්මා ආනන්දෝ අභික්කන්තාය රත්තියා නික්ඛන්තේ පඨමේ යාමේ උට්ඨායාසනා ඒකංසං චීවරං කත්වා යේන භගවා තේනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං ඒතදවෝච: “අභික්කන්තා භන්තේ, රත්ති. නික්ඛන්තෝ පඨමෝ යාමෝ. චිරනිසින්නෝ භික්ඛුසංඝෝ. උද්දිසතු භන්තේ, භගවා භික්ඛූනං පාතිමොක්ඛං”ති. ඒවං වුත්තේ භගවා තුණ්හී අහෝසි. දුතියම්පි ඛෝ ආයස්මා ආනන්දෝ අභික්කන්තාය රත්තියා නික්ඛන්තේ මජ්ඣිමේ යාමේ, උට්ඨායාසනා ඒකංසං චීවරං කත්වා යේන භගවා තේනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං ඒතදවෝච: “අභික්කන්තා, භන්තේ රත්ති. නික්ඛන්තෝ මජ්ඣිමෝ යාමෝ. චිරනිසින්නෝ භික්ඛුසංඝෝ. උද්දිසතු භන්තේ, භගවා භික්ඛූනං පාතිමොක්ඛං”ති. දුතියම්පි ඛෝ භගවා තුණ්හී අහෝසි. තතියම්පි ඛෝ ආයස්මා ආනන්දෝ අභික්කන්තාය රත්තියා නික්ඛන්තේ පච්ඡිමේ යාමේ උද්ධටේ අරුණේ, නන්දිමුඛියා රත්තියා උට්ඨායාසනා ඒකංසං චීවරං කත්වා යේන භගවා තේනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං ඒතදවෝච: “අභික්කන්තා භන්තේ රත්ති. නික්ඛන්තෝ පච්ඡිමෝ යාමෝ. උද්ධටෝ අරුණෝ. නන්දිමුඛී රත්ති. චිරනිසින්නෝ භික්ඛුසංඝෝ. උද්දිසතු භන්තේ, භගවා භික්ඛූනං පාතිමොක්ඛං”ති. “අපරිසුද්ධා ආනන්ද පරිසා”ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර මිගාරමාතාවගේ ප්‍රාසාදය නම් වූ පූර්වාරාමයේ.

එදා උපෝසථ දිනයේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා ගෙන සිටියා. එතකොට ආයුෂ්මත් ආනන්ද තෙරුන් රෑ ගෙවී ගෙන යද්දී, පළමු යාමය ඉක්ම යද්දී, සිටි අසුනින් නැගිට්ටා. සිවුර ඒකාංශ කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, රාත්‍රිය ගෙවිලා ගියා. පළමු යාමය ගෙවිලා ගියා. බොහෝ වේලාවක් තිස්සේ භික්ෂු සංඝයා වාඩි වෙලා ඉන්නවා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භික්ෂූන්ට ප්‍රතිමෝක්ෂය වදාරණ සේක්වා!”

එහෙම කිව්වාම භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වුනා.

දෙවෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්ද තෙරුන් රෑ ගෙවී ගෙන යද්දී, මධ්‍යම යාමය ඉක්ම යද්දී, සිටි අසුනින් නැගිට්ටා. සිවුර ඒකාංශ කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, දැන් ගොඩාක් රෑ වුනා. මධ්‍යම යාමයත් ගෙවිලා ගියා. බොහෝ වේලාවක් තිස්සේ භික්ෂු සංඝයා වාඩි වෙලා ඉන්නවා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භික්ෂූන්ට ප්‍රතිමෝක්ෂය වදාරණ සේක්වා!”

එහෙම කිව්වාම භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වුනා.

තුන්වෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්ද තෙරුන් රෑ ගෙවී ගෙන යද්දී, පශ්චිම යාමයත් ගෙවී යද්දී, අරුණ උදාවෙද්දී, රැය පහන් වෙද්දී සිටි අසුනින් නැගිට්ටා. සිවුර ඒකාංශ කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, රෑ ඉක්ම ගියා. පශ්චිම යාමයත් ගෙවිලා ගියා. අරුණත් උදාවුනා. රැය පහන් වුනා. බොහෝ වේලාවක් තිස්සේ භික්ෂු සංඝයා වාඩි වෙලා ඉන්නවා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භික්ෂූන්ට ප්‍රතිමෝක්ෂය වදාරණ සේක්වා!”

“පින්වත් ආනන්ද, පිරිස අපිරිසිදුයි.”

2. අථ ඛෝ ආයස්මතෝ මහාමොග්ගල්ලානස්ස ඒතදහෝසි: “කං නු ඛෝ භගවා පුග්ගලං සන්ධාය ඒවමාහ ‘අපරිසුද්ධා ආනන්ද, පරිසා’ති? අථ ඛෝ ආයස්මා මහාමොග්ගල්ලානෝ සබ්බාවන්තං භික්ඛුසංඝං චේතසා චේතෝ පරිච්ච මනසාකාසි. අද්දසා ඛෝ ආයස්මා මහාමොග්ගල්ලානෝ තං පුග්ගලං දුස්සීලං පාපධම්මං අසුචිසංකස්සරසමාචාරං පටිච්ඡන්නකම්මන්තං අස්සමණං සමණපටිඤ්ඤං අබ්‍රහ්මචාරිං බ්‍රහ්මචාරිපටිඤ්ඤං අන්තෝපූතිං අවස්සුතං කසම්බුජාතං මජ්ඣෙ භික්ඛුසංඝස්ස නිසින්නං. දිස්වාන උට්ඨායාසනා යේන සෝ පුග්ගලෝ තේනුපසංකමි. උපසංකමිත්වා තං පුග්ගලං ඒතදවෝච: “උට්ඨේහාවුසෝ, දිට්ඨෝසි භගවතා; නත්ථි තේ භික්ඛූහි සද්ධිං සංවාසෝ”ති. අථ ඛෝ සෝ පුග්ගලෝ තුණ්හී අහෝසි.දුතියම්පි ඛෝ ආයස්මා මහාමොග්ගල්ලානෝ තං පුග්ගලං ඒතදවෝච: “උට්ඨේහාවුසෝ, දිට්ඨෝසි භගවතා. නත්ථි තේ භික්ඛූහි සද්ධිං සංවාසෝ”ති. දුතියම්පි ඛෝ සෝ පුග්ගලෝ තුණ්හී අහෝසි. තතියම්පි ඛෝ ආයස්මා මහාමොග්ගල්ලානෝ තං පුග්ගලං ඒතදවෝච: “උට්ඨේහාවුසෝ, දිට්ඨෝසි භගවතා. නත්ථි තේ භික්ඛූහි සද්ධිං සංවාසෝ”ති. තතියම්පි ඛෝ සෝ පුග්ගලෝ තුණ්හී අහෝසි.

එතකොට ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේට මෙහෙම හිතුනා. “පින්වත් ආනන්ද, පිරිස අපිරිසිදුයි” කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ කවර පුද්ගලයෙක් උදෙසාද? ඉතින් ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ සියලු භික්ෂූන් වහන්සේලාගේ සිත් ගැන තම සිතින් විමසා බැලුවා. ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ඒ පුද්ගලයාව දැක්කා. ඔහු දුස්සීල කෙනෙක්. පවිටු කෙනෙක්. සැක සහිත, අපිරිසිදු කටයුතු ඇති කෙනෙක්. රහස් වැඩ ඇති කෙනෙක්. අශ්‍රමණයෙක්. ශ්‍රමණයෙක් වගේ පෙනී ඉන්න කෙනෙක්. අබ්‍රහ්මචාරී කෙනෙක්. බ්‍රහ්මචාරී වගේ පෙනී ඉන්න කෙනෙක්. ඇතුළත කුණු වෙච්ච කෙනෙක්. කෙලෙස්වලින් තෙත් වෙච්ච කෙනෙක්. කෙලෙස් කසල ඇති කෙනෙක්. ඔහු භික්ෂු සංඝයා මැද්දේ වාඩි වෙලා හිටියා. මොහු දැකගත් මොග්ගල්ලානයන් වහන්සේ සිටි ආසනයෙන් නැගිට්ටා. ඒ පුද්ගලයා ළඟට ගියා. ගිහින් මෙහෙම කිව්වා.

“ආයුෂ්මත, නැගිටින්න. භාග්‍යවතුන් වහන්සේ ඔබව දැක වදාළා. ඔබට භික්ෂු සංඝයා සමඟ කිසි පෑහීමක් නෑ.”

එතකොට ඒ පුද්ගලයා නිශ්ශබ්දව සිටියා.

දෙවන වතාවටත් ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ඒ පුද්ගලයාට මෙහෙම කිව්වා.

“ආයුෂ්මත, නැගිටින්න. භාග්‍යවතුන් වහන්සේ ඔබව දැක වදාළා. ඔබට භික්ෂු සංඝයා සමඟ කිසි පෑහීමක් නෑ.”

දෙවෙනි වතාවෙත් ඒ පුද්ගලයා නිශ්ශබ්දව සිටියා.

තුන්වෙනි වතාවටත් ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ඒ පුද්ගලයාට මෙහෙම කිව්වා.

“ආයුෂ්මත, නැගිටින්න. භාග්‍යවතුන් වහන්සේ ඔබව දැක වදාළා. ඔබට භික්ෂු සංඝයා සමඟ කිසි පෑහීමක් නෑ.”

තුන්වෙනි වතාවෙත් ඒ පුද්ගලයා නිශ්ශබ්දව සිටියා.

3. අථ ඛෝ ආයස්මා මහාමොග්ගල්ලානෝ තං පුග්ගලං බාහායං ගහෙත්වා බහිද්වාරකොට්ඨකා නික්ඛාමෙත්වා සූචිඝකං දත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං ඒතදවෝච: “නික්ඛාමිතෝ භන්තේ, සෝ පුග්ගලෝ මයා. පරිසුද්ධා පරිසා. උද්දිසතු භන්තේ, භගවා භික්ඛූනං පාතිමොක්ඛං”ති. “අච්ඡරියං මොග්ගල්ලාන, අබ්භුතං මොග්ගල්ලාන, යාව බාහාගහණාපි නාම සෝ මෝඝපුරිසෝ ආගමෙස්සතී”ති.

එතකොට ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ඒ පුද්ගලයාව අතින් අල්ලාගෙන ගිහින් දොරටුවෙන් එළියට බැහැර කරවලා, දොර අගුළු දැම්මා. භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම පවසා සිටියා.

“භාග්‍යවතුන් වහන්ස, මා විසින් ඒ පුද්ගලයාව පිරිසෙන් බැහැර කළා. දැන් පිරිස පිරිසිදුයි. භික්ෂූන්ට ප්‍රාතිමෝක්ෂය වදාරණ සේක්වා!”

“පින්වත් මොග්ගල්ලාන, ආශ්චර්යයයි! පින්වත් මොග්ගල්ලාන, අද්භූතයි! ඒ හිස් පුද්ගලයාව අතින් අල්ලාගන්න කල්ම එතැනම හිටියා නෙ.”

4. අථ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: “න දානාහං, භික්ඛවේ, ඉතෝ පරං උපෝසථං කරිස්සාමි, පාතිමොක්ඛං උද්දිසිස්සාමි. තුම්හේව දානි භික්ඛවේ, ඉතෝ පරං උපෝසථං කරෙය්‍යාථ, පාතිමොක්ඛං උද්දිසෙය්‍යාථ. අට්ඨානමේතං, භික්ඛවේ, අනවකාසෝ යං තථාගතෝ අපරිසුද්ධාය පරිසාය උපෝසථං කරෙය්‍ය, පාතිමොක්ඛං උද්දිසෙය්‍ය.”

ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා.

පින්වත් මහණෙනි, මීට පස්සේ මං පොහොය කරන්නෙ නෑ. ප්‍රාතිමෝක්ෂය පවසන්නෙ නෑ. දැන් පින්වත් මහණෙනි, මීට පස්සෙ ඔබමයි පොහොය කළ යුත්තේ. ඔබමයි ප්‍රාතිමෝක්ෂය උදෙසිය යුත්තේ. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ නමක් අපිරිසිදු පිරිසක් මැද උපෝසථ කිරීම, ප්‍රාතිමෝක්ෂය උදෙසීම යන මෙය නොවන දෙයක්. අවකාශ රහිත දෙයක්.

5. අට්ඨිමේ භික්ඛවේ, මහාසමුද්දේ අච්ඡරියා අබ්භුතා ධම්මා, යේ දිස්වා දිස්වා අසුරා මහාසමුද්දේ අභිරමන්ති. කතමේ අට්ඨ?

පින්වත් මහණෙනි, මහා සමුද්‍රයේ ආශ්චර්යය, අද්භූත කරුණු අටක් තියෙනවා. ඒ කරුණු දැක දැක තමයි අසුරයෝ මහා සමුද්‍රයට මෙච්චර ආසා කරන්නේ. මොනවාද ඒ අසිරිමත් කරුණු අට?

(1.) මහාසමුද්දෝ භික්ඛවේ, අනුපුබ්බනින්නෝ අනුපුබ්බපෝණෝ අනුපුබ්බපබ්භාරෝ, නායතකේනේව පපාතෝ. යම්පි භික්ඛවේ මහාසමුද්දෝ අනුපුබ්බනින්නෝ, අනුපුබ්බපෝණෝ, අනුපුබ්බපබ්භාරෝ, නායතකේනේව පපාතෝ; අයං, භික්ඛවේ, මහාසමුද්දේ පඨමෝ අච්ඡරියෝ අබ්භුතෝ ධම්මෝ, යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දේ අභිරමන්ති.

(01) පින්වත් මහණෙනි, මහා සමුද්‍රය පිළිවෙලින් පහළට යනවා. පිළිවෙලින් ඇතුළට යනවා. පිළිවෙලින් ගැඹුරට බර වෙනවා. එක පාරටම ප්‍රපාතයක් නෑ. පින්වත් මහණෙනි, මහා සමුද්‍රය පිළිවෙලින් පහළට යනවාද, පිළිවෙලින් ඇතුළට යනවාද, පිළිවෙලින් ගැඹුරට බර වෙනවාද, එක පාරටම ප්‍රපාතයක් නැද්ද, පින්වත් මහණෙනි, මහා සමුද්‍රයේ ඇති ආශ්චර්යය අද්භූත වූ පළවෙනි කරුණ මෙයයි. එය දැක දැක තමයි අසුරයන් මහා සමුද්‍රයට ඔච්චර ආසා කරන්නේ.

(2.) පුනචපරං භික්ඛවේ, මහාසමුද්දෝ ඨිතධම්මෝ වේලං නාතිවත්තති. යං භික්ඛවේ, මහාසමුද්දෝ ඨිතධම්මෝ වේලං නාතිවත්තති. අයම්පි භික්ඛවේ මහාසමුද්දේ දුතියෝ අච්ඡරියෝ අබ්භුතෝ ධම්මෝ, යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දේ අභිරමන්ති.

(02) පින්වත් මහණෙනි, තව දෙයක් තියෙනවා. මහා සමුද්‍රය පිහිටි ජල කඳින් යුක්තයි. වෙරළ ඉක්මවා යන්නෙ නෑ. පින්වත් මහණෙනි, මහා සමුද්‍රය පිහිටි ජල කඳින් යුක්තව වෙරළ ඉක්මවා නොයන ස්වභාවයක් ඇද්ද, මේක තමයි පින්වත් මහණෙනි, මහා සමුද්‍රයේ ඇති දෙවන ආශ්චර්යය අද්භූත කාරණය. එය දැක දැක තමයි අසුරයන් මහා සමුද්‍රයට ඔච්චර ආසා කරන්නේ.

(3.) පුන චපරං භික්ඛවේ, මහාසමුද්දෝ න මතේන කුණපේන සංවසති. යං හෝති මහාසමුද්දේ මතං කුණපං තං ඛිප්පඤ්ඤෙව තීරං වාහේති, ථලං උස්සාරේති. යම්පි, භික්ඛවේ, මහාසමුද්දෝ න මතේන කුණපේන සංවසති, යං හෝති මහාසමුද්දේ මතං කුණපං තං ඛිප්පමේව තීරං වාහේති ථලං උස්සාරේති. අයම්පි භික්ඛවේ, මහාසමුද්දේ තතියෝ අච්ඡරියෝ අබ්භුතෝ ධම්මෝ, යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දේ අභිරමන්ති.

(03) පින්වත් මහණෙනි, තවත් කාරණයක් තියෙනවා. මහා සමුද්‍රයේ මළකුණු එකතු වෙන්නෙ නෑ. මහා සමුද්‍රයේ යම් මළකුණක් තිබ්බොත් ඒක වහාම මුහුදු වෙරළට ගහගෙන එනවා. ගොඩබිමට ගහගෙන එනවා. පින්වත් මහණෙනි, මහා සමුද්‍රයේ මළකුණු එකතු නොවීමත්, මහා සමුද්‍රයේ යම් මළකුණක් තිබ්බොත් ඒක වහාම මුහුදු වෙළරට ගැසීමත්, ගොඩබිමට ගැසීමත් යන කරුණක් ඇද්ද, පින්වත් මහණෙනි, මහා සමුද්‍රයේ ඇති ආශ්චර්යය අද්භූත වූ තුන්වෙනි කරුණ මෙයයි. එය දැක දැක තමයි අසුරයන් මහා සමුද්‍රයට ඔච්චර ආසා කරන්නේ.

(4.) පුන චපරං, භික්ඛවේ, යා කාචි මහානදියෝ, සෙය්‍යථිදං: ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී, තා මහාසමුද්දං පත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, මහාසමුද්දොත්වේව සංඛං ගච්ඡන්ති. යං භික්ඛවේ, යා කාචි මහානදියෝ, සෙය්‍යථිදං: ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී. තා මහාසමුද්දං පත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, මහාසමුද්දොත්වේව සංඛං ගච්ඡන්ති. අයං භික්ඛවේ, මහාසමුද්දේ චතුත්ථෝ අච්ඡරියෝ අබ්භුතෝ ධම්මෝ, යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දේ අභිරමන්ති.

(04) පින්වත් මහණෙනි, තවත් කාරණයක් තියෙනවා. ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී ආදී මහා ගංගාවල් තියෙනවා. ඒවා ඔක්කොම මහා මුහුදටයි එන්නේ. ඊට පස්සේ ඒ ගංගාවල කලින් නම් අත්හැරලා, ‘මහා සමුද්‍රය’ කියන ව්‍යවහාරයට පත් වෙනවා. පින්වත් මහණෙනි, ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී ආදී මහා ගංගාවල් මහා සමුද්‍රයට වැටුනට පස්සේ කළින් නම් ගොත් අත්හැරලා, ‘මහා සමුද්‍රය’ ම කියලා භාවිතා වීමක් ඇද්ද, පින්වත් මහණෙනි, මහා සමුද්‍රයේ ඇති ආශ්චර්යය අද්භූත වූ හතරවෙනි කරුණ මෙයයි. එය දැක දැක තමයි අසුරයන් මහා සමුද්‍රයට ඔච්චර ආසා කරන්නේ.

(5.) පුන චපරං භික්ඛවේ, යා ච ලෝකේ සවන්තියෝ මහාසමුද්දං අප්පෙන්ති, යා ච අන්තලික්ඛා ධාරා පපතන්ති, න තේන මහාසමුද්දස්ස ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. යං භික්ඛවේ, යා ච ලෝකේ සවන්තියෝ මහාසමුද්දං අප්පෙන්ති, යා ච අන්තලික්ඛා ධාරා පපතන්ති, න තේන මහාසම්මුද්දස්ස ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. අයම්පි භික්ඛවේ, මහාසමුද්දේ පඤ්චමෝ අච්ඡරියෝ අබ්භුතධම්මෝ, යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දේ අභිරමන්ති.

(05) පින්වත් මහණෙනි, තවත් කාරණයක් තියෙනවා. ලෝකයේ තියෙන ඇළ, දොළ, ගංගා ආදියෙන් මහ මුහුදට වතුර ගලනවා. අහසිනුත් මහ මුහුදට වතුර වැටෙනවා. නමුත් ඒ හේතුවෙන් මහා සමුද්‍රයේ අඩු බවක්වත්, පිරී ගිය බවක්වත් පෙන්නෙ නෑ. පින්වත් මහණෙනි, මේ ලෝකයේ තියෙන ඇළ, දොළ, ගංගා ආදියෙන් මහ මුහුදට වතුර ගැලුවත්, අහසිනුත් මහ මුහුදට වතුර වැටුනත්, ඒ හේතුවෙන් මහා සමුද්‍රයේ අඩු බවක්වත්, පිරී ගිය බවක්වත් පෙනෙන්නට නැති බවක් ඇද්ද, පින්වත් මහණෙනි, මහා සමුද්‍රයේ ඇති ආශ්චර්යය අද්භූත වූ පස්වෙනි කරුණ මෙයයි. එය දැක දැක තමයි අසුරයන් මහා සමුද්‍රයට ඔච්චර ආසා කරන්නේ.

(6.) පුන චපරං, භික්ඛවේ, මහාසමුද්දෝ ඒකරසෝ ලෝණරසෝ. යං භික්ඛවේ, මහාසමුද්දෝ ඒකරසෝ ලෝණරසෝ; අයම්පි භික්ඛවේ, මහාසමුද්දේ ඡට්ඨෝ අච්ඡරියෝ අබ්භුතෝ ධම්මෝ, යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දේ අභිරමන්ති.

(06) පින්වත් මහණෙනි, තවත් කාරණයක් තියෙනවා. මහා සමුද්‍රය එකම රසයකින් යුක්තයි. ලුණු රසයෙන් යුක්තයි. මහා සමුද්‍රය එකම රසයකින්, ලුණු රසයෙන් යුක්තයි යන යම් කරුණක් ඇද්ද, පින්වත් මහණෙනි, මහා සමුද්‍රයේ ඇති ආශ්චර්යය අද්භූත වූ හයවෙනි කරුණ මෙයයි. එය දැක දැක තමයි අසුරයන් මහා සමුද්‍රයට ඔච්චර ආසා කරන්නේ.

(7.) පුන චපරං භික්ඛවේ, මහාසමුද්දෝ බහූරතනෝ අනේකරතනෝ. තත්‍රිමානි රතනානි, සෙය්‍යථිදං: මුත්තා, මණි, වේළුරියෝ, සංඛෝ, සිලා, පවාළං, රජතං, ජාතරූපං, ලෝහිතංකෝ, මසාරගල්ලං. යං භික්ඛවේ, මහාසමුද්දෝ බහුරතනෝ අනේකරතනෝ, තත්‍රිමානි රතනානි. සෙය්‍යථිදං: මුත්තා, මණි, වේළුරියෝ, සංඛෝ, සිලා, පවාළං, රජතං, ජාතරූපං, ලෝහිතංකෝ, මසාරගල්ලං. අයං භික්ඛවේ, මහාසමුද්දේ සත්තමෝ අච්ඡරියෝ අබ්භූතධම්මෝ, යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දේ අභිරමන්ති.

(07) පින්වත් මහණෙනි, තවත් කාරණයක් තියෙනවා. මහා සමුද්‍රයේ ගොඩාක් මැණික් තියෙනවා. නොයෙක් මැණික් තියෙනවා. ඒ කියන්නේ මුතු, මැණික්, වෛරෝඩි, හක්ගෙඩි, ගල්වර්ග, පබළු, රිදී, රත්තරන්, රතු මැණික්, මැසිරි ගල් ආදියයි. මහා සමුද්‍රයේ මුතු, මැණික්, වෛරෝඩි, හක්ගෙඩි, ගල්වර්ග, පබළු, රිදී, රත්තරන්, රතු මැණික්, මැසිරි ගල් ආදී ගොඩාක් මැණික් වර්ග ඇද්ද, නොයෙක් මැණික් වර්ග ඇද්ද, පින්වත් මහණෙනි, මහා සමුද්‍රයේ ඇති ආශ්චර්යය අද්භූත වූ හත්වෙනි කරුණ මෙයයි. එය දැක දැක තමයි අසුරයන් මහා සමුද්‍රයට ඔච්චර ආසා කරන්නේ.

(8.) පුන චපරං භික්ඛවේ, මහාසමුද්දෝ මහතං භූතානං ආවාසෝ. තත්‍රිමේ භූතා: තිමි, තිමිංගලෝ, තිමිරපිංගලෝ, අසුරා, නාගා, ගන්ධබ්බා. සන්ති මහාසමුද්දේ යෝජනසතිකාපි අත්තභාවා, ද්වියෝජනසතිකාපි අත්තභාවා, තියෝජනසතිකාපි අත්තභාවා, චතුයෝජනසතිකාපි අත්තභාවා, පඤ්චයෝජනසතිකාපි අත්තභාවා. යං භික්ඛවේ, මහාසමුද්දෝ මහතං භූතානං ආවාසෝ, තත්‍රිමේ භූතා: තිමි, තිමිංගලෝ, තිමිරපිංගලෝ, අසුරා, නාගා, ගන්ධබ්බා. සන්ති මහාසමුද්දේ යෝජනසතිකාපි අත්තභාවා, ද්වියෝජනසතිකාපි අත්තභාවා, තියෝජනසතිකාපි අත්තභාවා, චතුයෝජනසතිකාපි අත්තභාවා, පඤ්චයෝජනසතිකාපි අත්තභාවා. අයම්පි භික්ඛවේ, මහාසමුද්දේ අට්ඨමෝ අච්ඡරියෝ අබ්භුතෝ ධම්මෝ, යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දේ අභිරමන්ති.

(08) පින්වත් මහණෙනි, තවත් කාරණයක් තියෙනවා. මේ මහා සමුද්‍රය මහත් සත්වයන්ට වාසස්ථානයයි. මෙවැනි සත්වයන් ඉන්නවා. තිමි, තිමිංගල, තිමිරපිංගල, අසුරයන්, නාගයන්, ගාන්ධර්වයන් ඉන්නවා. ඒ වගේම මහා සමුද්‍රයේ යොදුන් සියයේ ශරීර ඇති සතුන් ඉන්නවා. යොදුන් දෙසියේ ශරීර ඇති සතුන් ඉන්නවා. යොදුන් තුන් සියයේ ශරීර ඇති සතුන් ඉන්නවා. යොදුන් හාරසියයේ ශරීර ඇති සතුන් ඉන්නවා. යොදුන් පන්සියයේ ශරීර ඇති සතුන් ඉන්නවා. පින්වත් මහණෙනි, මේ මහා සමුද්‍රය මහත් සත්වයන්ට වාසස්ථාන වන බවක් ඇද්ද, මෙවැනි සත්වයන්ට ඒ කියන්නේ, තිමි, තිමිංගල, තිමිරපිංගල, අසුරයන්, නාගයන්, ගාන්ධර්වයන් ආදී සතුන්ට, ඒ වගේම මහා සමුද්‍රයේ යොදුන් සියයේ ආත්මභාව ඇති සතුන්, යොදුන් දෙසියේ ආත්මභාව ඇති සතුන්, යොදුන් තුන් සියයේ ආත්මභාව ඇති සතුන්, යොදුන් හාරසියයේ ආත්මභාව ඇති සතුන් සිටින ස්වභාවයක් ඇද්ද, යොදුන් පන්සියයේ ආත්මභාව ඇති සතුන් සිටින ස්වභාවයක් ඇද්ද, පින්වත් මහණෙනි, මහා සමුද්‍රයේ ඇති ආශ්චර්යය අද්භූත වූ අට වෙනි කරුණ මෙයයි. එය දැක දැක තමයි අසුරයන් මහා සමුද්‍රයට ඔච්චර ආසා කරන්නේ.

ඉමේ ඛෝ භික්ඛවේ, අට්ඨ මහාසමුද්දේ අච්ඡරියා අබ්භුතා ධම්මා යේ දිස්වා දිස්වා අසුරා මහාසමුද්දේ අභිරමන්ති.

පින්වත් මහණෙනි, මහා සමුද්‍රයේ මේ ආශ්චර්ය, අද්භූත කරුණු අට තියෙනවා. ඒ කරුණු දැක දැක තමයි අසුරයෝ මහා සමුද්‍රයට ඔච්චර ආසා කරන්නේ.

6. ඒවමේව ඛෝ භික්ඛවේ, ඉමස්මිං ධම්මවිනයේ අට්ඨ අච්ඡරියා අබ්භුතධම්මා, යේ දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයේ අභිරමන්ති. කතමේ අට්ඨ?

පින්වත් මහණෙනි, අන්න ඒ විදිහටම මේ බුද්ධ ශාසනයේ ආශ්චර්යවත් අද්භූත කාරණා අටක් තියෙනවා. ඒවා දැක දැක තමයි භික්ෂූන් මේ බුද්ධ ශාසනයට ඔච්චර ආශා කරන්නේ. මොනවාද ඒ ආශ්චර්යවත් වූ කරුණු අට?

(1.) සෙය්‍යථාපි භික්ඛවේ, මහාසමුද්දෝ අනුපුබ්බනින්නෝ, අනුපුබ්බපෝණෝ, අනුපුබ්බපබ්භාරෝ, නායතකේනේව පපාතෝ, ඒවමේව ඛෝ භික්ඛවේ, ඉමස්මිං ධම්මවිනයේ අනුපුබ්බසික්ඛා, අනුපුබ්බකිරියා, අනුපුබ්බපටිපදා, නායතකේනේව අඤ්ඤාපටිවේධෝ. යං භික්ඛවේ, ඉමස්මිං ධම්මවිනයේ අනුපුබ්බසික්ඛා, අනුපුබ්බකිරියා, අනුපුබ්බපටිපදා, න ආයතකේනේව අඤ්ඤාපටිවේධෝ; අයං භික්ඛවේ, ඉමස්මිං ධම්මවිනයේ පඨමෝ අච්ඡරියෝ අබ්භුතෝ ධම්මෝ, යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයේ අභිරමන්ති.

(01) පින්වත් මහණෙනි, මහා සමුද්‍රය පිළිවෙලින් පහළට යනවා. පිළිවෙලින් ඇතුළට යනවා. පිළිවෙලින් ගැඹුරට බර වෙනවා. එක පාරටම ප්‍රපාතයක් නෑ. පින්වත් මහණෙනි, අන්න ඒ විදිහමයි මේ බුද්ධ ශාසනයෙත් පිළිවෙලින් හික්මීමක් තියෙනවා. පිළිවෙලින් වැඩපිළිවෙලක් තියෙනවා. පිළිවෙලින් ප්‍රතිපදාවක් තියෙනවා. එකපාරටම අරහත් වෙන්නෙ නෑ. පින්වත් මහණෙනි, මේ ශාසනයේ පිළිවෙලින් හික්මීමක්, පිළිවෙලන් කටයුතු කිරීමක්, පිළිවෙලින් ප්‍රතිපදාවක්, එකපාරටම අරහත්ව අවබෝධයක් නැද්ද, පින්වත් මහණෙනි, මේ බුද්ධ ශාසනයේ ඇති ආශ්චර්යය අද්භූත වූ පළවෙනි කරුණ මෙයයි. එය දැක දැක තමයි භික්ෂූන් මේ බුද්ධ ශාසනයට ඔච්චර ආසා කරන්නේ.

(2.) සෙය්‍යථාපි භික්ඛවේ, මහාසමුද්දෝ ඨිතධම්මෝ වේලං නාතිවත්තතිල ඒවමේව ඛෝ භික්ඛවේ, යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තං මම සාවකා ජීවිතහේතුපි නාතික්කමන්ති. යං භික්ඛවේ, මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තං මම සාවකා ජීවිතහේතුපි නාතික්කමන්ති; අයම්පි භික්ඛවේ, ඉමස්මිං ධම්මවිනයේ දුතියෝ අච්ඡරියෝ අබ්භුතෝ ධම්මෝ, යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයේ අභිරමන්ති.

(02) පින්වත් මහණෙනි, මහා සමුද්‍රය පිහිටි ජල කඳින් යුක්තයි. වෙරළ ඉක්මවා යන්නෙ නෑ. අන්න ඒ වගේමයි පින්වත් මහණෙනි, මා විසින් ශ්‍රාවකයන් හට යම් ශික්ෂාපදයක් පණවලා තියෙනවාද, මාගේ ශ්‍රාවකයෝ ජීවිතය නිසාවත් ඒ ශික්ෂාපද ඉක්මවා යන්නෙ නෑ. පින්වත් මහණෙනි, මා විසින් ශ්‍රාවකයන් හට යම් ශික්ෂාපදයක් පණවලා තියෙනවාද, මාගේ ශ්‍රාවකයෝත් ජීවිතය නිසාවත් ඒ ශික්ෂාපද ඉක්මවා යන්නේ නැද්ද, මේක තමයි පින්වත් මහණෙනි, මේ බුද්ධ ශාසනයේ ඇති දෙවන ආශ්චර්යය අද්භූත කාරණය. එය දැක දැක තමයි භික්ෂූන් මේ බුද්ධ ශාසනයට ඔච්චර ආසා කරන්නේ.

(3.) සෙය්‍යථාපි, භික්ඛවේ, මහාසමුද්දෝ න මතේන කුණපේන සංවසති. යං හෝති මහාසමුද්දේ මතං කුණපං තං ඛිප්පමේව තීරං වාහේති, ථලං උස්සාදේති. ඒවමේව ඛෝ භික්ඛවේ, යෝ සෝ පුග්ගලෝ දුස්සීලෝ පාපධම්මෝ අසුචි සංකස්සරසමාචාරෝ පටිච්ඡන්නකම්මන්තෝ, අස්සමණෝ සමණපටිඤ්ඤෝ, අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරිපටිඤ්ඤෝ, අන්තෝපූති අවස්සුතෝ කසම්බුජාතෝ, න තේන සංඝෝ සංවසති. අථ ඛෝ නං ඛිප්පමේව සන්නිපතිත්වා උක්ඛිපති. කිඤ්චාපි සෝ හෝති මජ්ඣේ භික්ඛුසංඝස්ස නිසින්නෝ, අථ ඛෝ සෝ ආරකාව සංඝම්හා, සංඝෝ ච තේන. අයම්පි භික්ඛවේ, ඉමස්මිං ධම්මවිනයේ තතියෝ අච්ඡරියෝ අබ්භූතධම්මෝ, යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයේ අභිරමන්ති.

(03) පින්වත් මහණෙනි, මහා සමුද්‍රයේ මළකුණු එකතු වෙන්නෙ නෑ. මහා සමුද්‍රයේ යම් මළකුණක් තිබ්බොත් ඒක වහාම මුහුදු වෙරළට ගහගෙන එනවා. ගොඩබිමට ගහගෙන එනවා. පින්වත් මහණෙනි, අන්න ඒ විදිහමයි යම්කිසි පුද්ගලයෙක් දුස්සීල නම්, පාපී ස්වභාවයෙන් යුතු නම්, පිළිකුල් සහගත සැක කටයුතු පැවැත්මෙන් යුතු නම්, රහස් වැඩ තියෙනවා නම්, අශ්‍රමණයෙක් නම්, ශ්‍රමණයෙක් වගේ ඉන්නවා නම්, බ්‍රහ්මචාරී වගේ ඉන්න අබ්‍රහ්මචාරී කෙනෙක් නම්, ඇතුළ කුණුවෙලා නම්, කෙලෙස් වැගිරෙනවා නම්, කසළවලින් යුක්ත නම්, ඔහු සංඝයා සමඟ පෑහෙන්නේ නෑ. භික්ෂු සංඝයා රැස් වෙලා, වහාම ඔහුව බැහැර කරනවා. ඔහු භික්ෂු සංඝයා මැද වාඩි වෙලා හිටියත්, ඔහු ඉන්නෙ සංඝයාගෙන් දුරස් වෙලාමයි. සංඝයා ඉන්නෙ ඔහුගෙන් දුරස් වෙලාමයි.

පින්වත් මහණෙනි, ඒ දුස්සීල වූ, පාපී වූ, පිළිකුල් සහගත, සැක කටයුතු ක්‍රියා ඇති, රහස් වැඩ ඇති, ශ්‍රමණ වෙස් ගත් අශ්‍රමණයෙක් වූ, බ්‍රහ්මචාරී වෙස් ගත් අබ්‍රහ්මචාරී වූ, ඇතුළත කුණු වූ, කෙලෙස් වැගිරෙන, කසළවලින් හටගත් ඒ පුද්ගලයා සංඝයා සමඟ නොපෑහෙන බව. භික්ෂු සංඝයා රැස් වෙලා, ඒ පුද්ගලයාව බැහැර කරන බව, යම් හෙයකින් ඔහු පිරිසිදු සංඝයා මැද හිටියත් සංඝයාට අයිති නැති බව, සංඝයාද ඔහුගෙන් බැහැර බව යන මේ දේවල් ඇද්ද, පින්වත් මහණෙනි, මේ බුද්ධ ශාසනයේ ඇති තුන්වන ආශ්චර්යය අද්භූත කාරණය. එය දැක දැක තමයි භික්ෂූන් මේ බුද්ධ ශාසනයට ඔච්චර ආසා කරන්නේ.

(4.) සෙය්‍යථාපි භික්ඛවේ, යා කාචි මහානදියෝ, සෙය්‍යථිදං: ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී. තා මහාසමුද්දං පත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, මහාසමුද්දොත්වේව සංඛං ගච්ඡන්ති. ඒවමේව ඛෝ භික්ඛවේ, චත්තාරෝ වණ්ණා: ඛත්තියා, බ්‍රාහ්මණා, වෙස්සා, සුද්දා. තේ තථාගතප්පවේදිතේ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, සමණා සක්‍යපුත්තියාත්වේව සංඛං ගච්ඡන්ති. යං භික්ඛවේ, චත්තාරෝ මේ වණ්ණා ඛත්තියා, බ්‍රාහ්මණා, වෙස්සා, සුද්දා තේ තථාගතප්පවේදිතේ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි , සමණා සක්‍යපුත්තියාත්වේව සංඛං ගච්ඡන්ති; අයම්පි භික්ඛවේ, ඉමස්මිං ධම්මවිනයේ චතුත්ථෝ අච්ඡරියෝ අබ්භූතධම්මෝ, යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයේ අභිරමන්ති.

(04) පින්වත් මහණෙනි, ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී ආදී මහා ගංගාවල් තියෙනවා. ඒවා ඔක්කොම මහා මුහුදටයි එන්නේ. ඊට පස්සේ ඒ ගංගාවල කලින් නම් අත්හැරලා, ‘මහා සමුද්‍රය’ කියන ව්‍යවහාරයට පත් වෙනවා. පින්වත් මහණෙනි, අන්න ඒ වගේමයි රජ කුලය, බ්‍රාහ්මණ කුලය, වෙළඳ කුලය, කම්කරු කුලය කියන මේ කුල හතරක් තියෙනව නෙ. ඔවුන් කවුරුත් ගිහි ගේ අත්හැරලා, තථගතයන් වහන්සේ වදාළ අනගාරික ශාසනයේ පැවිදි වුනාට පස්සේ, කලින් තිබිච්ච නම් ගොත් අත්හරිනවා. ‘ශාක්‍යපුත්‍ර ශ්‍රමණ’ නම ගන්නවා. පින්වත් මහණෙනි, මේ ‘ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර’ යන මේ කුල හතරට අයිති කවුරුත් ගිහි ජීවිතය අත්හැරලා තථාගතයන් වහන්සේ වදාළ අනගාරික ශාසනයේ පැවිදි වුණාට පස්සේ, කළින් තිබිච්ච නම් ගොත් අත්හැරලා ‘ශාක්‍යපුත්‍ර ශ්‍රමණ’ යන නම ගන්නවාය කියන යම් කරුණක් ඇද්ද, පින්වත් මහණෙනි, මේ බුද්ධ ශාසනයේ ඇති හතරවන ආශ්චර්යය අද්භූත කාරණය. එය දැක දැක තමයි භික්ෂූන් මේ බුද්ධ ශාසනයට ඔච්චර ආසා කරන්නේ.

(5.) සෙය්‍යථාපි, භික්ඛවේ, යා ච ලෝකේ සවන්තියෝ මහාසමුද්දං අප්පෙන්ති, යා ච අන්තලික්ඛා ධාරා පපතන්ති, න තේන මහාසමුද්දස්ස ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. ඒවමේව ඛෝ භික්ඛවේ, බහූ චේපි භික්ඛූ අනුපාදිසේසාය නිබ්බානධාතුයා පරිනිබ්බායන්ති. න තේන නිබ්බානධාතුයා ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. යං භික්ඛවේ, බහූ චේපි භික්ඛූ අනුපාදිසේසාය නිබ්බානධාතුයා පරිනිබ්බායන්ති, න තේන නිබ්බානධාතුයා ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. අයම්පි භික්ඛවේ, ඉමස්මිං ධම්මවිනයේ පඤ්චමෝ අච්ඡරියෝ අබ්භූතධම්මෝ, යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයේ අභිරමන්ති.

(05) පින්වත් මහණෙනි, ලෝකයේ තියෙන ඇළ, දොළ, ගංගා ආදියෙන් මහ මුහුදට වතුර ගලනවා. අහසිනුත් මහ මුහුදට වතුර වැටෙනවා. නමුත් ඒ හේතුවෙන් මහා සමුද්‍රයේ අඩු බවක්වත්, පිරී ගිය බවක්වත් පෙන්නෙ නෑ. පින්වත් මහණෙනි, ඔන්න ඔය වගේමයි කොයි තරම් විශාල භික්ෂු පිරිසක් වුණත් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවත් ඒ අමා මහ නිවනෙ අඩුවක්වත්, පිරුණු බවක්වත් ඒ හේතුව නිසා ඇතිවෙන්නේ නෑ. පින්වත් මහණෙනි, කොයි තරම් භික්ෂු පිරිසක් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවත්, ඒ අමා මහ නිවනේ අඩුවක්වත්, පිරුණු බවක්වත් නොපෙනෙන බවක් ඇද්ද, පින්වත් මහණෙනි, මේ බුද්ධ ශාසනයේ ඇති පස් වන ආශ්චර්යය අද්භූත කාරණය. එය දැක දැක තමයි භික්ෂූන් මේ බුද්ධ ශාසනයට ඔච්චර ආසා කරන්නේ.

(6.) සෙය්‍යථාපි භික්ඛවේ, මහාසමුද්දෝ ඒකරසෝ ලෝණරසෝ. ඒවමේව ඛෝ භික්ඛවේ, අයං ධම්මවිනයෝ ඒකරසෝ විමුත්තිරසෝ. යං භික්ඛවේ, අයං ධම්මවිනයෝ ඒකරසෝ විමුත්තිරසෝ. අයම්පි භික්ඛවේ, ඉමස්මිං ධම්මවිනයේ ඡට්ඨෝ අච්ඡරියෝ අබ්භූතධම්මෝ, යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයේ අභිරමන්ති.

(06) පින්වත් මහණෙනි, මහා සමුද්‍රය එකම රසයකින් යුක්තයි. ලුණු රසයෙන් යුක්තයි. අන්න ඒ වගේමයි මේ බුදු සසුනත් එකම රසය වන විමුක්ති රසයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, මේ බුදු සසුනත් එකම රසය වන විමුක්ති රසයෙන් යුක්තයි යන යමක් ඇද්ද, පින්වත් මහණෙනි, මේ බුද්ධ ශාසනයේ ඇති හයවන ආශ්චර්යය අද්භූත කාරණය. එය දැක දැක තමයි භික්ෂූන් මේ බුද්ධ ශාසනයට ඔච්චර ආසා කරන්නේ.

(7.) සෙය්‍යථාපි භික්ඛවේ, මහාසමුද්දෝ බහුරතනෝ අනේකරතනෝ, තත්‍රිමානි රතනානි: සෙය්‍යථිදං? මුත්තා, මණි, වේළුරියෝ, සංඛෝ, සිලා, පවාළං, රජතං, ජාතරූපං, ලෝහිතංගෝ, මසාරගල්ලං. ඒවමේව ඛෝ භික්ඛවේ අයං ධම්මවිනයෝ බහුරතනෝ අනේකරතනෝ, තත්‍රිමානි රතනානි: සෙය්‍යථිදං? චත්තාරි සතිපට්ඨානානි, චත්තාරි සම්මප්පධානානි, චත්තාරෝ ඉද්ධිපාදා, පඤ්චින්ද්‍රියානි, පඤ්ච බලානි, සත්ත බොජ්ඣංගා, අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. යං භික්ඛවේ, අයං ධම්මවිනයෝ බහුරතනෝ අනේකරතනෝ, තත්‍රිමානි රතනානි: සෙය්‍යථිදං? චත්තාරි සතිපට්ඨානානි, චත්තාරි සම්මප්පධානානි, චත්තාරෝ ඉද්ධිපාදා, පඤ්චින්ද්‍රියානි, පඤ්ච බලානි, සත්ත බොජ්ඣංගා, අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ; අයම්පි භික්ඛවේ, ඉමස්මිං ධම්මවිනයේ සත්තමෝ අච්ඡරියෝ අබ්භූතධම්මෝ, යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයේ අභිරමන්ති.

(07) පින්වත් මහණෙනි, තවත් කාරණයක් තියෙනවා. මහා සමුද්‍රයේ ගොඩාක් මැණික් තියෙනවා. නොයෙක් මැණික් තියෙනවා. ඒ කියන්නේ මුතු, මැණික්, වෛරෝඩි, හක්ගෙඩි, ගල්වර්ග, පබළු, රිදී, රත්තරන්, රතු මැණික්, මැසිරි ගල් ආදියයි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි මේ බුදු සසුනේත් ගොඩාක් මැණික් තියෙනවා. නොයෙක් මැණික් තියෙනවා. මේවා තමයි තියෙන මැණික්. ඒ කියන්නේ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් පධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත් මහණෙනි, මේ බුදු සසුනේ ගොඩාක් මැණික් ඇති බව, නොයෙක් මැණික් ඇති බව, මේ ආකාරයේ මැණික් ඇති බව, ඒ කියෙන්නේ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් පධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන යමක් ඇද්ද, පින්වත් මහණෙනි, මේ බුද්ධ ශාසනයේ ඇති හත් වන ආශ්චර්යය අද්භූත කාරණය. එය දැක දැක තමයි භික්ෂූන් මේ බුද්ධ ශාසනයට ඔච්චර ආසා කරන්නේ.

(8.) සෙය්‍යථාපි භික්ඛවේ, මහාසමුද්දෝ මහතං භූතානං ආවාසෝ, තත්‍රිමේ භූතා: තිමි, තිමිංගලෝ, තිමිතිමිංගලෝ, අසුරා, නාගා, ගන්ධබ්බා. සන්ති මහාසමුද්දේ යෝජනසතිකාපි අත්තභාවා, ද්වියෝජනසතිකාපි අත්තභාවා, තියෝජනසතිකාපි අත්තභාවා, චතුයෝජනසතිකාපි අත්තභාවා, පඤ්චයෝජනසතිකාපි අත්තභාවා. ඒවමේව ඛෝ භික්ඛවේ, අයං ධම්මවිනයෝ මහතං භූතානං ආවාසෝ. තත්‍රිමේ භූතා: සෝතාපන්නෝ, සෝතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නෝ, සකදාගාමි, සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෝ, අනාගාමී, අනාගාමීඵලසච්ඡිකිරියාය පටිපන්නෝ, අරහා, අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නෝ. අයං භික්ඛවේ, ඉමස්මිං ධම්මවිනයේ අට්ඨමෝ අච්ඡරියෝ අබ්භුතධම්මෝ, යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයේ අභිරමන්ති.

(08) පින්වත් මහණෙනි, මේ මහා සමුද්‍රය මහත් සත්වයන්ට වාසස්ථානයයි. මෙවැනි සත්වයන් ඉන්නවා. තිමි, තිමිංගල, තිමිරපිංගල, අසුරයන්, නාගයන්, ගාන්ධර්වයන් ඉන්නවා. ඒ වගේම මහා සමුද්‍රයේ යොදුන් සියයේ ශරීර ඇති සතුන් ඉන්නවා. යොදුන් දෙසියේ ශරීර ඇති සතුන් ඉන්නවා. යොදුන් තුන් සියයේ ශරීර ඇති සතුන් ඉන්නවා. යොදුන් හාරසියයේ ශරීර ඇති සතුන් ඉන්නවා. යොදුන් පන්සියයේ ශරීර ඇති සතුන් ඉන්නවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය වගේමයි මේ බුදු සසුනත් මහත් සත්වයන්ට වාසස්ථානයක්. එහි මෙවැනි සත්වයන් ඉන්නවා. සෝවාන් කෙනා, සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නට පිළිපන් කෙනා, සකදාගාමී කෙනා, සකදාගාමී ඵලය සාක්ෂාත් කරන්නට පිළිපන් කෙනා, අනාගාමී කෙනා, අනාගාමී ඵලය සාක්ෂාත් කරන්නට පිළිපන් කෙනා, රහතන් වහන්සේ, අරහත් ඵලය සාක්ෂාත් කරන්නට පිළිපන් කෙනා. පින්වත් මහණෙනි, මේ බුද්ධ ශාසනයේ ඇති අට වන ආශ්චර්යය අද්භූත කාරණය. එය දැක දැක තමයි භික්ෂූන් මේ බුද්ධ ශාසනයට ඔච්චර ආසා කරන්නේ.

ඉමේ ඛෝ භික්ඛවේ, ඉමස්මිං ධම්මවිනයේ අට්ඨ අච්ඡරියා අබ්භූතධම්මා. යේ දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයේ අභිරමන්තී”ති.

පින්වත් මහණෙනි, මේවා තමයි මේ බුද්ධ ශාසනයේ ආශ්චර්යවත් අද්භූත කරුණු අට. මේවා දැක දැක තමයි භික්ෂූන් මේ බුද්ධ ශාසනයට ඔච්චර ආශා කරන්නේ.

7. අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

“ඡන්නමතිවස්සති විවටං නාතිවස්සති,
තස්මා ඡන්නං විවරේථ ඒවං තං නාතිවස්සතී”ති.

“වරද වැහැව්වොත් (කෙලෙස්) වැස්ස වහිනවා. විවෘත වුනොත් කෙලෙස් වැස්ස වහින්නේ නෑ. ඒ නිසා වැසුණු වරද හෙළිදරව් කරන්න. එතකොට (කෙලෙස්) වැස්ස වහින්නේ නෑ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M