ඛුද්දක නිකාය

උදාන පාළි

5.3. සුප්පබුද්ධකුට්ඨි සුත්තං

5.3. සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා අරභයා වදාළ උදානය

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්දකනිවාපේ. තේන ඛෝ පන සමයේන රාජගහේ සුප්පබුද්ධෝ නාම කුට්ඨී අහෝසි: මනුස්සදළිද්දෝ, මනුස්සකපණෝ, මනුස්සවරාකෝ.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලෙහෙනුන්ගේ අභය භූමිය වූ වේළුවනාරාමයේ.

ඒ දිනවල රජගහ නුවර සුප්‍රබුද්ධ කියලා කුෂ්ඨ රෝගියෙක් හිටියා. ඔහු මිනිසුන් අතර ගොඩාක් දුප්පත්. මිනිසුන් අතර ගොඩාක් අවාසනාවන්තයි. මිනිසුන් අතර දීන කෙනෙක්.

2.තේන ඛෝ පන සමයේන භගවා මහතියා පරිසාය පරිවුතෝ ධම්මං දේසෙන්තෝ නිසින්නෝ හෝති. අද්දසා ඛෝ සුප්පබුද්ධෝ කුට්ඨී තං මහාජනකායං දූරතෝව සන්නිපතිතං. දිස්වානස්ස ඒතදහෝසි: “නිස්සංසයං ඛෝ එත්ථ කිඤ්චි ඛාදනීයං වා භෝජනීයං වා භාජීයිස්සති. යංනූනාහං යේන සෝ මහාජනකායෝ තේනුපසංකමෙය්‍යං. අප්පේවනාමෙත්ථ කිඤ්චි ඛාදනීයං වා භෝජනීයං වා ලභෙය්‍ය”න්ති.

එදා භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේව පිරිවරා ගත් විශාල පිරිසකට දහම් දෙසමින් වැඩසිටියේ. සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාත් සෙනඟ රැස් වෙලා ඉන්න හැටි දුරදීම දැක්කා. දැකලා ඔහුට මෙහෙම හිතුනා.

“නොවැරදීම මෙතැන නම් මොනවා හරි කන බොන දෙයක් බෙදන තැනක් වගෙයි. මමත් ටිකක් ඒ පිරිස ළඟට කිට්ටු කරන්න ඕන. එතකොට ඔය කන බොන දේවල් මොනවා හරි මටත් ලැබෙන්නෙ නැතැයි” කියලා.

3. අථ ඛෝ සුප්පබුද්ධෝ කුට්ඨී යේන සෝ මහාජනකායෝ තේනුපසංකමි. අද්දසා ඛෝ සුප්පබුද්ධෝ කුට්ඨී භගවන්තං මහතියා පරිසාය පරිවුතං ධම්මං දේසෙන්තං නිසින්නං. දිස්වානස්ස ඒතදහෝසි: “න ඛෝ එත්ථ කිඤ්චි ඛාදනීයං වා භෝජනීයං වා භාජීයති, සමණෝ අයං ගෝතමෝ පරිසතිං ධම්මං දේසේති. යන්නූනාහම්පි ධම්මං සුණෙය්‍ය”න්ති. තත්ථේව ඒකමන්තං නිසීදි. “අහම්පි ධම්මං සොස්සාමී”ති.

ඉතින් සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා ඒ රැස්වුන සෙනඟ ළඟට කිට්ටු වුනා. එතකොට එහි සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාට දකින්න ලැබුනේ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේව පිරිවරා ගත් විශාල පිරිසකට දහම් දෙසමින් වැඩඉන්න ආකාරයයි. දැකලා ඔහුට මෙහෙම හිතුනා. ‘ආ! මෙතැන කන බොන දේවල් බෙදන තැනක් නොවෙයි. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිසකට දහම් දෙසනවා නෙ. මමත් එහෙනම්, බණ ටිකක් අහන්න ඕන.’ ඔහුත් පැත්තකින් වාඩි වුනේ ‘මමත් බණ අහනවා, මමත් ධර්මයට සවන් දෙනවා’ කියලයි.

අථ ඛෝ භගවා සබ්බාවන්තං පරිසං චේතසා චේතෝපරිච්ච මනසාකාසි “කෝ නු ඛෝ ඉධ භබ්බෝ ධම්මං විඤ්ඤාතුං?”ති

එතකොට භාග්‍යවතුන් වහන්සේ එතැන උන් පිරිසේ සෑම දෙනාගේ ම සිත් තම සිතින් විමසා බලා වදාළා. ‘මෙතැන ධර්මය අවබෝධ කරන්නේ කවුද?’ කියලා.

4. අද්දසා ඛෝ භගවා සුප්පබුද්ධං කුට්ඨිං තස්සං පරිසායං නිසින්නං, දිස්වානස්ස ඒතදහෝසි: “අයං ඛෝ ඉධ භබ්බෝ ධම්මං විඤ්ඤාතුං”ති. සුප්පබුද්ධං කුට්ඨිං ආරබ්භ ආනුපුබ්බීකථං කථේසි. සෙය්‍යථිදං: දානකථං, සීලකථං, සග්ගකථං, කාමානං ආදීනවං ඕකාරං සංකිලේසං, නෙක්ඛම්මේ ච ආනිසංසං පකාසේසි. යදා භගවා අඤ්ඤාසි, සුප්පබුද්ධං කුට්ඨිං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදේසනා තං පකාසේසි, දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං. සෙය්‍යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදේව රජනං පතිගණ්හෙය්‍ය, ඒවමේව සුප්පබුද්ධස්ස කුට්ඨිස්ස තස්මිං යේව ආසනේ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: ‘යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරෝධධම්මන්ති.’

ඒ පිරිස අතර වාඩි වෙලා සිටිය සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාව භාග්‍යවතුන් වහන්සේ දැක වදාළා. දැකලා මෙහෙම සිතුවා. ‘මෙතැන ධර්මය අවබෝධ කරන්න සුදුසු කෙනා මෙයා තමයි’ කියලා.

ඉතින් කුෂ්ඨ රෝගී සුප්‍රබුද්ධ අරභයා අනුපිළිවෙලින් කථාව වදාළා. ඒ කියන්නේ දන් දීමේ අනුසස් ගැන කථාව, සිල් රැකීමේ අනුසස් ගැන කථාව, සුගතියේ ඉපදීම ගැන කථාව, කාමයන් නිසා විඳින දුක් ගැන කථාව, කෙලෙස් නිසා සිත පිරිහීම ගැන කථාව, කෙලෙසුන්ගෙන් නිදහස් වීමේ අනුසස් වදාළා. එතකොට සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාගේ සිත හොඳට සකස් වෙලා, මෘදු වෙලා, නීවරණ පහ වෙලා, ඔද වැඩී ගිය ප්‍රසන්න සිතකින් යුක්ත වෙලා සිටින මොහොත භාග්‍යවතුන් වහන්සේ දැක වදාළා. එතකොට බුදුවරයන් වහන්සේලාගේ සාමුක්කංසික ධර්ම දේශනාව වන ‘දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග’ යන චතුරාර්ය සත්‍යය වදාළා. කළු පැල්ලම් නැති පිරිසිදු වස්ත්‍රයකට සායම් පොවන කොට, ඉතා හොඳින් ඒ සායම් උරාගන්නවා වගේ, සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාටත් තමන් සිටි තැනදීම ‘හේතූන්ගෙන් සකස් වූ යම් දෙයක් ඇත්නම්, ඒ හැම දෙයක් ම හේතු නැතිවීමෙන් නැතිවෙලා යන ස්වභාවයෙන් යුක්තයි’ කියන කෙලෙස් රහිත, අවිද්‍යා මලකඩ රහිත දහම් ඇස පහළ වුනා.

5. අථ ඛෝ සුප්පබුද්ධෝ කුට්ඨී දිට්ඨධම්මෝ පත්තධම්මෝ විදිතධම්මෝ පරියෝගාළ්හධම්මෝ තිණ්ණවිචිකිච්ඡෝ විගතකථංකථෝ වේසාරජ්ජප්පත්තෝ අපරප්පච්චයෝ සත්ථුසාසනේ, උට්ඨායාසනා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ සුප්පබුද්ධෝ කුට්ඨී භගවන්තං ඒතදවෝච:“අභික්කන්තං භන්තේ, අභික්කතං භන්තේ, සෙය්‍යථාපි භන්තේ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තී”ති. ඒවමේව භගවතා අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒසාහං භන්තේ, භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකං මං භගවා ධාරේතු, අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගත”න්ති.

ඉතින් ධර්මය දැකපු, ධර්මයට පැමිණුන, ධර්මය දැනගත්, ධර්මයේ බැසගත්, සැකයෙන් එතෙර වුන, අවිශ්වාසයෙන් බැහැර වුන, ධර්මය තුළ විශාරද බවට පැමිණුන, ශාස්තෘ ශාසනය තුළ ස්වාධීනත්වයට පත් වුන, ඒ සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිදින් ආදරයෙන් වන්දනා කළා. පැත්තකින් වාඩි වුන සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, ඉතාම සුන්දරයි! ස්වාමීනී, ඉතාම සුන්දරයි! යටිකුරු වෙච්ච දෙයක් උඩුකුරු කළා වගෙයි. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මං මුළා වූ කෙනෙකුට නොවරදින මඟ කිව්වා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරේ තෙල් පහන් දැරුවා වගෙයි. ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. ස්වාමීනී, ඒ මම භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. භික්ෂු සංඝයාත් සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අද පටන් මාව දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙක් හැටියට පිළිගන්නා සේක්වා!”

6. අථ ඛෝ සුප්පබුද්ධෝ කුට්ඨී භගවතා ධම්මියා කථාය සන්දස්සිතෝ, සමාදපිතෝ, සමුත්තේජිතෝ, සම්පහංසිතෝ, භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛෝ සුප්පබුද්ධං කුට්ඨිං අචිරපක්කන්තං ගාවී තරුණවච්ඡා අධිපාතෙත්වා ජීවිතා වෝරෝපේසි.

එතකොට භාග්‍යවතුන් වහන්සේ දහම් කථාවෙන් සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාට කරුණු දැක්වූවා. සමාදන් කෙරෙව්වා. උත්සාහවත් කෙරෙව්වා. සතුටු කෙරෙව්වා. ඔහු භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙය සතුටින් පිළි අරගෙන අනුමෝදන් වුනා. සිටි තැනින් නැගිට්ටා. භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. ප්‍රදක්ෂිණා කළා. ඉතින් සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාට වැඩි දුරක් යන්න ලැබුනේ නෑ. අලුත වැදූ වහුපැටියෙක් ඇති ගව දෙනක් අඟින් ඇනලා ඔහුව මරලා දැම්මා.

7. අථ ඛෝ සම්බහුලා භික්ඛූ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ තේ භික්ඛූ භගවන්තං ඒතදවෝචුං: “යෝ සෝ භන්තේ, සුප්පබුද්ධෝ නාම කුට්ඨී භගවතා ධම්මියා කථාය සන්දස්සිතෝ, සමාදපිතෝ, සමුත්තේජිතෝ, සම්පහංසිතෝ, සෝ කාලංකතෝ. තස්ස කා ගති, කෝ අභිසම්පරායෝ”ති?

ඉතින් බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් ආදරයෙන් වන්දනා කරලා, පැත්තකින් වාඩි වුනා. පැත්තකින් වාඩි වුන ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් කරුණු කියා දීපු, සමාදන් කරවපු, උනන්දු කරවපු, සතුටු කරවපු අර සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා මරණයට පත් වුනා. එයා ඉපදුනේ කොහේද? එයාගේ පරලොව මොකක්ද?”

8. “පණ්ඩිතෝ භික්ඛවේ, සුප්පබුද්ධෝ කුට්ඨී, පච්චපාදි ධම්මස්සානුධම්මං, න ච මං ධම්මාධිකරණං විහේසේසි. සුප්පබුද්ධෝ භික්ඛවේ, කුට්ඨී තිණ්ණං සංයෝජනානං පරික්ඛයා සෝතාපන්නෝ අවිනිපාතධම්මෝ නියතෝ සම්බෝධිපරායනෝ”ති.

“පින්වත් මහණෙනි, ඔය සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා හරිම බුද්ධිමත්. ධර්මානුධර්ම ප්‍රතිපදාවට බැසගත්තා. ධර්ම කරුණු මුල් කර ගෙන මාව මහන්සි කළේ නෑ. පින්වත් මහණෙනි, සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා සංයෝජන තුනක් ප්‍රහාණය කරලා සෝතාපන්න වුනා. කවදාවත් ආයෙ අපායේ වැටෙන්නේ නෑ. නියත වශයෙන්ම නිවන අවබෝධ කරගන්නවා.”

9. ඒවං වුත්තේ, අඤ්ඤතරෝ භික්ඛු භගවන්තං ඒතදවෝච: “කෝ නු ඛෝ භන්තේ, හේතු, කෝ පච්චයෝ යේන සුප්පබුද්ධෝ කුට්ඨී අහෝසි, මනුස්සදලිද්දෝ, මනුස්සකපණෝ, මනුස්සවරාකෝ?”ති.

මෙහෙම වදාළ විට, එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙහෙම ඇහුවා.

“ස්වාමීනී, ඔය සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා අන්ත දිළිඳු මනුස්සයෙක්. අන්ත අසරණ මනුස්සයෙක්. අන්ත දීන මනුස්සයෙක්. ඒකට හේතුව මොකක්ද? කාරණය මොකක්ද?”

10. “භූතපුබ්බං භික්ඛවේ සුප්පබුද්ධෝ කුට්ඨී ඉමස්මිංයේව රාජගහේ සෙට්ඨිපුත්තෝ අහෝසි. සෝ උය්‍යානභූමිං නිය්‍යන්තෝ අද්දස තගරසිඛිං පච්චේකබුද්ධං නගරං පිණ්ඩාය පවිසන්තං. දිස්වානස්ස ඒතදහෝසි: ‘ක්වායං කුට්ඨී කුට්ඨිචීවරේන විචරතී’ති, නිට්ඨුභිත්වා අපසබ්‍යතෝ කරිත්වා පක්කාමි. සෝ තස්ස කම්මස්ස විපාකේන බහූනි වස්සානි බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි බහූනි වස්සසතසහස්සානි නිරයේ පච්චිත්ථ. තස්සේව කම්මස්ස විපාකාවසේසේන ඉමස්මිං යේව රාජගහේ කුට්ඨී අහෝසි, මනුස්සදළිද්දෝ මනුස්සකපණෝ මනුස්සවරාකෝ. සෝ තථාගතප්පවේදිතං ධම්මවිනයං ආගම්ම සද්ධං සමාදියි, සීලං සමාදියි, සුතං සමාදියි, චාගං සමාදියි, පඤ්ඤං සමාදියි. සෝ තථාගතප්පවේදිතං ධම්මවිනයං ආගම්ම සද්ධං සමාදියිත්වා සීලං සමාදියිත්වා සුතං සමාදියිත්වා චාගං සමාදියිත්වා පඤ්ඤං සමාදියිත්වා කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නෝ දේවානං තාවතිංසානං සහබ්‍යතං. සෝ තත්ථ අඤ්ඤේ දේවේ අතිරෝචති වණ්ණේන චේව යසසා චා”ති.

“පින්වත් මහණෙනි, ඕක ගොඩාක් ඉස්සර සිදු වෙච්ච දෙයක්. ඒ කාලෙ ඔය සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා මේ රජගහ නුවර සිටු පුත්‍රයෙක්. දවසක් එයා උයන් බිමට යද්දී, නගරයට පිඬුසිඟා වැඩලා හිටිය ‘තගරසිඛී’ කියන පසේබුදු රජාණන් වහන්සේව දැක්කා. දැකලා මෙහෙම හිතුවා. ‘ම්…! සිවුරකින් ඇඟ වහගෙන ඉන්න මේ කුෂ්ඨයා කවුද?’ මෙහෙම හිතලා නින්දා අපහාස කරලා එතැනින් ගියා. ඒ කර්ම විපාකය නිසා බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ අවුරුදු ලක්ෂ ගණනක් ඔහු නිරයේ පැහුනා. ඒ කර්මයේ ඉතිරි විපාකයෙන් තමයි මේ රජගහ නුවරම එයා අන්ත දිළිඳු වෙලා, අන්ත අසරණ වෙලා, අන්ත දීන වෙලා ඉපදුනේ. දැන් ඔහු තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනයට පැමිණිලා, ශ්‍රද්ධාව ඇති කරගත්තා. සිල්වත් වුනා. ධර්ම ඥානය ඇති කරගත්තා. ත්‍යාග ගුණය ඇති කරගත්තා. ප්‍රඥාවන්ත වුනා. ඔහු තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනයට පැමිණිලා, ශ්‍රද්ධාව ඇති කරගෙන, සීලය ඇති කරගෙන, ශ්‍රැතවත් බව ඇති කරගෙන, ත්‍යාග ගුණය ඇති කරගෙන, ප්‍රඥාව ඇති කරගෙන, කය බිඳිලා මැරුණට පස්සේ සුගතිය නම් දෙව්ලොව උපන්නා. තව්තිසා දෙවියන් අතර උපන්නා. ඔහු ඒ දෙව්ලොවදී අනිත් සියලු දෙවියන් අභිබවා, රූපයෙනුත්, කීර්තියෙනුත් බබලනවා.”

අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

“චක්ඛුමා විසමානීව විජ්ජමානේ පරක්කමේ,
පණ්ඩිතෝ ජීවලෝකස්මිං, පාපානි පරිවජ්ජයේ”ති.

“ඇස් පෙනෙන කෙනා අනතුර හඳුනාගෙන විසම මාර්ගය බැහැර කරලා දානවා වගෙයි, බුද්ධිමත් කෙනා ඇඟේ පතේ වීරිය තියෙන කාලෙ, මේ ලෝකෙ තියෙන පව් බැහැර කරන්න ඕන.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M