මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
එදා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ හවස් වරුවේ භාවනාවෙන් නැගිටලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. පැත්තකින් වාඩි වුනා. පැත්තකින් වාඩි වුන ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.
“ස්වාමීනී, ආශ්චර්යයි! ස්වාමීනී, අද්භූතයි! භාග්‍යවතුන් වහන්සේගේ මෑණියන් වහන්සේට ආයුෂ තිබුනේ කොයිතරම් ස්වල්පයයිද? භාග්‍යවතුන් වහන්සේ ඉපදිලා සත් දවසකින් භාග්‍යවතුන් වහන්සේගේ මෑණියන් කළුරිය කළානෙ. තුසිත දෙව්ලොව ඉපදුනානෙ.”
“පින්වත් ආනන්ද, ඒක එහෙමම තමයි. පින්වත් ආනන්ද, ඒක එහෙමම තමයි. බෝසත් මව්වරුන්ට තියෙන්නේ ආයුෂ ස්වල්පයයි. බෝසතාණන් වහන්සේලා ඉපදිලා දින හත ගෙවෙන කොට, බෝසත් මව්වරු කළුරිය කරනවා. තුසිත දෙව්ලොව උපදිනවා.”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“මේ ලෝකෙ යම් කෙනෙක් ඉපදිලා හිටියද, අනාගතයේ උපදිනවාද, ඒ හැම කෙනෙක්ම මේ කය අත්හැරලා යනවා. නුවණ තියෙන කෙනා හැම උපතකම ඇති ඔය ස්වභාවය දැනගෙන, කෙලෙස් තවන වීරියෙන් යුතුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේමයි හැසිරෙන්න ඕන.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M