ඛුද්දක නිකාය

උදාන පාළි

5.1. රාජ සුත්තං

5.1. කොසොල් රජු අරභයා වදාළ උදානය

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති, ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන රාජා පසේනදි කෝසලෝ මල්ලිකාය දේවියා සද්ධිං උපරිපාසාදවරගතෝ හෝති. අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ මල්ලිකං දේවිං ඒතදවෝච: “අත්ථි නු ඛෝ තේ, මල්ලිකේ, කෝචඤ්ඤෝ අත්තනා පියතරෝ?”ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

එදා පසේනදී කොසොල් රජතුමා මල්ලිකා දේවියත් සමඟ මාළිගාවේ උඩු මහලේ සිටියේ. ඒ වෙලාවේ පසේනදී කොසොල් රජු මල්ලිකා දේවියගෙන් මෙහෙම ඇහුවා.

“ප්‍රිය මල්ලිකා, තමන්ටත් වඩා ප්‍රිය වූ තව කවුරු හරි ඉන්නවාද?”

“නත්ථි ඛෝ මේ මහාරාජ, කෝචඤ්ඤෝ අත්තනා පියතරෝ”ති.

“පින්වත් මහාරාජ, මට නම් තමන්ට වඩා ප්‍රිය කවුරුවත් නෑ.

“තුය්හං පන මහාරාජ, අත්ථඤ්ඤෝ කෝචි අත්තනා පියතරෝ?”ති.

පින්වත් මහාරාජ, තමන්ට වඩා ප්‍රිය මනාප වූ වෙන කවුරුවත් ඔබවහන්සේට ඉන්නවාද?”

“මය්හම්පි ඛෝ මල්ලිකේ, නත්ථඤ්ඤෝ කෝචි අත්තනා පියතරෝ”ති.

“ප්‍රිය මල්ලිකා, තමන්ට වඩා ප්‍රිය මනාප වූ කවුරුවත් මටත් නෑ.”

2. අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ පාසාදා ඕරෝහිත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ රාජා පසේනදි කෝසලෝ භගවන්තං ඒතදවෝච:

එතකොට පසේනදී කොසොල් රජතුමා මාළිගාවෙන් බැස්සා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. පැත්තකින් වාඩි වුනා. පැත්තකින් වාඩි වුන පසේනදී කෙසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ඉධාහං, භන්තේ, මල්ලිකාය දේවියා සද්ධිං උපරිපාසාදවරගතෝ මල්ලිකාදේවිං ඒතදවෝචං:“අත්ථි නු ඛෝ තේ මල්ලිකේ, කෝචඤ්ඤෝ අත්තනා පියතරෝ?”ති.“ඒවං වුත්තේ, මල්ලිකාදේවී මං ඒතදවෝච: “නත්ථි ඛෝ මේ මහාරාජ, කෝචඤ්ඤෝ අත්තනා පියතරෝ”ති. තුය්හං පන මහාරාජ, අත්ථඤ්ඤෝ කෝචඤ්fඤා් අත්තනා පියතරෝ’ති. ඒවං වුත්තේ අහං භන්තේ, මල්ලිකං දේවිං ඒතදවෝචං: “මය්හං පි ඛෝ මල්ලිකේ, නත්ථඤ්ඤෝ කෝචි අත්තනා පියතරෝ”ති.

“ස්වාමීනී, මේ මං මල්ලිකා දේවියත් සමඟ මාළිගාවේ උඩු මහලේ සිටියේ. ඉතින් මං මල්ලිකා දේවියගෙන් මෙහෙම ඇහුවා. ‘ප්‍රිය මල්ලිකා, තමන්ටත් වඩා ප්‍රිය වූ තව කවුරු හරි ඉන්නවාද?’ කියලා. එතකොට ස්වාමීනී, මල්ලිකා දේවිය මට මෙහෙම කිව්වා. ‘පින්වත් මහාරාජ, මට නම් තමන්ට වඩා ප්‍රිය කවුරුවත් නෑ. පින්වත් මහාරාජ, තමන්ට වඩා ප්‍රිය මනාප වූ වෙන කවුරුවත් ඔබවහන්සේට ඉන්නවාද?’ කියලා. ස්වාමීනී, එහෙම කිව්වාම මල්ලිකා දේවියට මං මෙහෙම කිව්වා. ‘ප්‍රිය මල්ලිකා, තමන්ට වඩා ප්‍රිය මනාප වූ කවුරුවත් මටත් නෑ’ කියලා.”

3. අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

“සබ්බා දිසා අනුපරිගම්ම චේතසා
නේවජ්ඣගා පියතරමත්තනා ක්වචි,
ඒවං පියෝ පුථු අත්තා පරේසං
තස්මා න හිංසේ පරමත්තකාමෝ”ති.

“හැම දිශාවෙම සිතින් විමස විමසා බැලුවත්, තමන්ට වඩා ප්‍රිය මනාප කෙනෙක් හම්බවෙන්නේ නෑ. අනිත් උදවිය ගැනත් වෙන වෙනම බැලුවොත් තමාමයි ප්‍රිය. ඒ නිසා තමාගේ සැප කැමති කෙනා අනුන්ට හිංසා නොකර ඉන්න ඕන.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M