ඛුද්දක නිකාය

උදාන පාළි

4.7. සාරිපුත්ත සුත්තං

4.7. සැරියුත් තෙරුන් අරභයා වදාළ උදානය

ඒවං මේ සුතං – ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන ආයස්මා සාරිපුත්තෝ භගවතෝ අවිදූරේ නිසින්නෝ හෝති, පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය, අප්පිච්ඡෝ, සන්තුට්ඨෝ, පවිවිත්තෝ, අසංසට්ඨෝ, ආරද්ධවිරියෝ, අධිචිත්තමනුයුත්තෝ. අද්දසා ඛෝ භගවා ආයස්මන්තං සාරිපුත්තං අවිදූරේ නිසින්නං පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය අප්පිච්ඡං සන්තුට්ඨං පවිවිත්තං අසංසට්ඨං ආරද්ධවිරියං අධිචිත්තමනුයුත්තං.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

ඒ වෙලාවෙ ආයුෂ්මත් සැරියුත් තෙරුන් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් පළඟක් බැඳ ගෙන, කය ඍජු කරගෙන වැඩසිටියා. (ඒ ආයුෂ්මත් සැරියුත් තෙරුන්) අල්පේච්ඡයි. ලද දෙයින් සතුටු වෙනවා. හුදෙකලාවේ ඇලී වාසය කරන්නෙ. පිරිසෙහි නොඇලී තමයි වාසය කළේ. පටන් ගත් දැඩි වීර්යයෙන් යුතුවයි වාසය කළේ. අරහත් ඵල සමාපත්තියෙනුත් යුතුවයි වැඩවාසය කරන්නේ.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ අල්පේච්ඡ වූ, ලද දෙයින් සතුටු වන, පිරිසෙහි නොඇලී වාසය කරන, පටන් ගත් දැඩි වීරියෙන් යුතු, අරහත් ඵල සමාපත්තියට සමවැදී, තමන් වහන්සේට නුදුරින් පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන වැඩසිටින ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්ව දැක වදාළා.

අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි –

ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

අධිචේතසෝ අප්පමජ්ජතෝ
මුනිනෝ මෝනපථේසු සික්ඛතෝ
සෝකා න භවන්ති තාදිනෝ
උපසන්තස්ස සදා සතීමතෝ”ති.

“අරහත් ඵල සිතින් යුතුව වෙසෙන, අප්‍රමාදීව වෙසෙන, මුනි දහමේ හික්මෙන, ඒ මුනිවරයාට ශෝක ඇතිවෙන්නෙ නෑ. අට ලෝ දහමින් කම්පා නොවෙන ගුණ ඇති, උපශාන්ත සිත් ඇති, හැම විටම සිහි නුවණින් සිටින ඒ මුනිවරයාට ශෝක ඇතිවෙන්නෙ නෑ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M