ඛුද්දක නිකාය

උදාන පාළි

4.3. ගෝපාල සුත්තං

4.3. ගොපලු මිනිසෙක් අරභයා වදාළ උදානය

ඒවං මේ සුතං – ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරති මහතා භික්ඛුසංඝේන සද්ධිං. අථ ඛෝ භගවා මග්ගා ඔක්කම්ම යේන අඤ්ඤතරං රුක්ඛමූලං තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. අථ ඛෝ අඤ්ඤතරෝ ගෝපාලකෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ තං ගෝපාලකං භගවා ධම්මියා කථාය සන්දස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පහංසේසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන, කොසොල් ජනපදයේ චාරිකාවේ වැඩියා. එදා භාග්‍යවතුන් වහන්සේ වඩින මාර්ගයෙන් ඉවත් වෙලා එක්තරා රුක් සෙවනකට වැඩියා. වැඩම කරලා පණවන ලද ආසනයේ වැඩසිටියා. එතකොට එක්තරා ගොපලු මිනිසෙක් භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් වන්දනා කරලා, පැත්තකින් වාඩි වුනා. පැත්තකින් වාඩිවුන ඒ ගොපලු මිනිසාට භාග්‍යවතුන් වහන්සේ සදහම් කථාවක් වදාළා. සමාදන් කොට වදාළා. ධර්මයෙහි උනන්දු කොට වදාළා. ධර්මයෙහි සතුටු කොට වදාළා.

අථ ඛෝ සෝ ගෝපාලකෝ භගවතා ධම්මියා කථාය සන්දස්සිතෝ සමාදපිතෝ සමුත්තේජිතෝ සම්පහංසිතෝ භගවන්තං ඒතදවෝච – “අධිවාසේතු මේ භන්තේ, භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසංඝේනා”ති. අධිවාසේසි භගවා තුණ්හීභාවේන. අථ ඛෝ සෝ ගෝපාලකෝ භගවතෝ අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් කථාව කියා දීපු, සමාදන් කරවපු, උනන්දු කරවපු, සතුටු කරවපු, ඒ ගොපලු මිනිසා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, භික්ෂුසංඝයා සමඟ හෙට දවසට මගේ දානය පිළිගන්නා සේක්වා!”

භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දතාවයෙන් යුතුව ඒ ඇරයුම පිළිගෙන වදාළා. ඉතින් ඒ ගොපලු මිනිසා භාග්‍යවතුන් වහන්සේ තම ඇරයුම පිළිගෙන වදාළ බව දැන, භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා, ප්‍රදක්ෂිණා කරලා පිටත් වුනා.

අථ ඛෝ සෝ ගෝපාලකෝ තස්සා රත්තියා අච්චයේන සකේ නිවේසනේ පහූතං අප්පෝදකපායාසං පටියාදාපෙත්වා නවඤ්ච සප්පිං, භගවතෝ කාලං ආරෝචේසි – “කාලෝ භන්තේ, නිට්ඨිතං භත්ත”න්ති.

ඉතින් ඒ ගොපලු මිනිසා ඒ රාත්‍රිය ඇවෑමෙන් තමන්ගේ නිවසේ දිය නුමුසු බොහෝ කිරි බතුත් අලුත්ම ගිතෙලුත් පිළියෙල කළා. භාග්‍යවතුන් වහන්සේට කල් දැනුම් දුන්නා.

“ස්වාමීනී, දානෙ පිළියෙල කළා. වඩින්න කාලයයි” කියලා.

අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසංඝේන යේන තස්ස ගෝපාලකස්ස නිවේසනං තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. අථ ඛෝ සෝ ගෝපාලකෝ බුද්ධපමුඛං භික්ඛුසංඝං අප්පෝදකපායාසේන නවේන ච සප්පිනා සහත්ථා සන්තප්පේසි, සම්පවාරේසි. අථ ඛෝ සෝ ගෝපාලකෝ භගවන්තං භුත්තාවිං ඕනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ තං ගෝපාලකං භගවා ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛෝ අචිරපක්කන්තස්ස භගවතෝ තං ගෝපාලකං අඤ්ඤතරෝ පුරිසෝ සීමන්තරිකාය ජීවිතා වෝරෝපේසි.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ උදේ වරුවේ සිවුරු පොරොවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන, භික්ෂු සංඝයා සමඟ ඒ ගොපලු මිනිසා ගේ නිවසට වැඩම කළා. වැඩම කරලා පණවන ලද ආසනයේ වැඩසිටියා. එදා ඒ ගොපලු මිනිසා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දිය නුමුසු කිරිබතින්ද, අලුත්ම ගිතෙලින්ද සැකසූ දානය තමන්ගේ අතින්ම පිළිගැන්වූවා. ඉතා හොඳින් පිළිගැන්වූවා. ඊට පස්සේ දන් වළඳා පාත්‍රයෙන් ඉවතට ගත් අතින් යුතු භාග්‍යවතුන් වහන්සේට එකත්පසින්, ඒ ගොපලු මිනිසා ඉතා කුඩා අසුනක වාඩි වුනා. එකත්පස්ව හුන් ඒ ගොපලු මිනිසාට භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථා වදාළා. සමාදන් කොට, උනන්දු කොට, සතුටු කොට වදාළා. ඊට පස්සේ හුනස්නෙන් නැගිට පිටත් වී වදාළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වැඩම කරලා ටික වෙලාවකින් ගම් මායිම් අතරකදී එක්තරා මිනිසෙක් අර ගොපලු මිනිසාව ඝාතනය කළා.

අථ ඛෝ සම්බහුලා භික්ඛූ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නා ඛෝ තේ භික්ඛූ භගවන්තං ඒතදවෝචුං – “යේන භන්තේ, ගෝපාලකේන අජ්ජ බුද්ධපමුඛෝ භික්ඛුසංඝෝ අප්පෝදකපායාසේන නවේන ච සප්පිනා සහත්ථා සන්තප්පිතෝ සම්පවාරිතෝ, සෝ කිර භන්තේ, ගෝපාලකෝ අඤ්ඤතරේන පුරිසේන සීමන්තරිකාය ජීවිතා වෝරෝපිතෝ”ති.

එතකොට බොහෝ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා, භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා පැත්තකින් වාඩි වුනා. පැත්තකින් වාඩි වුන ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම පැවසුවා.

“ස්වාමීනී, අද බුදු සමිඳුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට දිය නුමුසු කිරි බතිනුත්, අලුත්ම ගිතෙලිනුත් දාන හදලා, තමන්ගේ අතින්ම පූජා කරගත්තු, ඉතා හොඳින් පූජා කරගත්තු අර ගොපලු මිනිසෙක් හිටියා නේ. ඉතින් ස්වාමීනී, එක්තරා පුරුෂයෙක් විසින් ගම් මායිමකදී ඒ ගොපලු මිනිසාව ඝාතනය කරලා දාලා.”

අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි –

ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

දිසෝ දිසං යං තං කයිරා වේරී වා පන වේරිනං
මිච්ඡාපණිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ”ති.

“සතුරෙක් තවත් සතුරෙකුට හානියක් කරනවාට වඩා, වෛරක්කාරයෙක් තවත් වෛරක්කාරයෙකුට හානියක් කරනවාට වඩා, වරදකට යොමු කරගත්තු සිත තමන්ව ඊටත් වඩා පව්කාරයෙක් බවට පත්කරනවා.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M