මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
ඒ දිනවල බොහෝ භික්ෂූන් පිණ්ඩපාතෙන් පස්සේ හවස් වරුවේ මණ්ඩල මාලකයට රැස්වෙලා මේ විදිහේ කතාවක් කරමින් හිටියා.
“ප්‍රිය ආයුෂ්මතුනි, මෙතැන කවුද ශිල්ප දන්නෙ? මොන විදිහේ ශිල්පද ඉගෙන ගෙන තියෙන්නෙ? ශිල්ප අතරින් කොයි ශිල්පයද අග්‍ර?”
එතකොට එතැන හිටපු ඇතැම් කෙනෙක් මෙහෙම කිව්වා. “ශිල්ප අතරින් අග්‍ර හස්ති ශිල්පය තමයි.” තව කෙනෙක් මෙහෙම කිව්වා. “ශිල්ප අතරින් අග්‍ර අශ්ව ශිල්පය තමයි.” තව කෙනෙක් මෙහෙම කිව්වා. “ශිල්ප අතරින් අග්‍ර රථ ශිල්පය තමයි.” තව කෙනෙක් මෙහෙම කිව්වා. “ශිල්ප අතරින් අග්‍ර දුනු ශිල්පය තමයි.” තව කෙනෙක් මෙහෙම කිව්වා. “ශිල්ප අතරින් අග්‍ර ආයුධ ශිල්පය තමයි.” තව කෙනෙක් මෙහෙම කිව්වා. “ශිල්ප අතරින් අග්‍ර මුද්‍රා ශිල්පය තමයි.” තව කෙනෙක් මෙහෙම කිව්වා. “ශිල්ප අතරින් අග්‍ර ගණිත ශිල්පය තමයි.” තව කෙනෙක් මෙහෙම කිව්වා. “ශිල්ප අතරින් අග්‍ර සංඛ්‍යාන ශිල්පය තමයි.” තව කෙනෙක් මෙහෙම කිව්වා. “ශිල්ප අතරින් අග්‍ර ලේඛන ශිල්පය තමයි.” තව කෙනෙක් මෙහෙම කිව්වා. “ශිල්ප අතරින් අග්‍ර කාව්‍ය ශිල්පය තමයි. තව කෙනෙක් මෙහෙම කිව්වා. “ශිල්ප අතරින් අග්‍ර ක්ෂත්‍රීය විද්‍යාව තමයි.” තව කෙනෙක් මෙහෙම කිව්වා. “ශිල්ප අතරින් අග්‍ර ලෝක නීති ශිල්පය තමයි.”
භික්ෂූන් අතර වූ මේ කතා බහ මෙහිදී අඩාල වුනා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ හවස් වරුවේ භාවනාවෙන් නැගිටලා මණ්ඩල මාලකයට වැඩම කළා. එහි පණවන ලද අසුනෙහි වැඩසිටියා. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා.
“පින්වත් මහණෙනි, දැන් ඔබ කතා බස් කර කර හිටියේ මොකක් ගැනද? අඩාල වෙලා ගිය කතාව කුමක්ද?”
“ස්වාමීනී, අපි පිණ්ඩපාතෙන් පස්සේ හවස් වරුවේ මණ්ඩල මාලකයට රැස් වෙලා ඉන්න කොට, මේ විදිහේ කතා බහකයි යෙදිලා හිටියේ. ‘ප්‍රිය ආයුෂ්මතුනි, මෙතැන කවුද ශිල්ප දන්නෙ? මොන විදිහේ ශිල්පද ඉගෙන ගෙන තියෙන්නෙ? ශිල්ප අතරින් කොයි ශිල්පයද අග්‍ර?’ කියලා. එතකොට එතැන හිටපු ඇතැම් කෙනෙක් මෙහෙම කිව්වා. ‘ශිල්ප අතරින් අග්‍ර හස්ති ශිල්පය තමයි.’ තව කෙනෙක් මෙහෙම කිව්වා. ‘ශිල්ප අතරින් අග්‍ර අශ්ව ශිල්පය තමයි.’ තව කෙනෙක් මෙහෙම කිව්වා. ‘ශිල්ප අතරින් අග්‍ර රථ ශිල්පය තමයි.’ තව කෙනෙක් මෙහෙම කිව්වා. ‘ශිල්ප අතරින් අග්‍ර දුනු ශිල්පය තමයි.’ තව කෙනෙක් මෙහෙම කිව්වා. ‘ශිල්ප අතරින් අග්‍ර ආයුධ ශිල්පය තමයි.’ තව කෙනෙක් මෙහෙම කිව්වා. ‘ශිල්ප අතරින් අග්‍ර මුද්‍රා ශිල්පය තමයි.’ තව කෙනෙක් මෙහෙම කිව්වා. ‘ශිල්ප අතරින් අග්‍ර ගණිත ශිල්පය තමයි.’ තව කෙනෙක් මෙහෙම කිව්වා. ‘ශිල්ප අතරින් අග්‍ර සංඛ්‍යාන ශිල්පය තමයි.’ තව කෙනෙක් මෙහෙම කිව්වා. ‘ශිල්ප අතරින් අග්‍ර ලේඛන ශිල්පය තමයි.’ තව කෙනෙක් මෙහෙම කිව්වා. ‘ශිල්ප අතරින් අග්‍ර කාව්‍ය ශිල්පය තමයි.’ තව කෙනෙක් මෙහෙම කිව්වා. ‘ශිල්ප අතරින් අග්‍ර ක්ෂත්‍රීය විද්‍යාව තමයි.’ තව කෙනෙක් මෙහෙම කිව්වා. ‘ශිල්ප අතරින් අග්‍ර ලෝක නීති ශිල්පය තමයි’ කියලා. ස්වාමීනී, ඔය කථාව තමයි අතරමග නතර වුනේ. එතකොට තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩමවා වදාළේ.”
“නෑ, පින්වත් මහණෙනි, ගිහි ගේ අත්හැරලා මේ අනගාරික ශාසනයේ ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච පින්වත් කුලපුත්‍රයන් වන ඔබට ඔය විදිහේ කථාවක් කර කර ඉන්න එක සුදුසු නෑ. ‘පින්වත් මහණෙනි, එකට එකතුවෙච්ච වෙලාවට කරුණු දෙකක් කරන්න ඕන. එක්කො ධර්ම කථාවක යෙදෙන්න ඕන. එහෙම නැත්නම් ආර්ය වූ නිශ්ශබ්දතාවය වන භාවනාවක යෙදෙන්න ඕන.’”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“ඔහු ශිල්පයකින් ජීවත් වෙන්නෙ නෑ. සැහැල්ලුයි. හැමදෙනාගේම යහපත කැමතියි. ඉඳුරන් දමනය කරගෙනයි ඉන්නෙ. හැමදේකින්ම මනා කොට නිදහස් වෙලයි ඉන්නෙ. තණ්හාවෙන් බැසගන්නෙ නෑ. මමත්වයෙන් තොරයි. ආශාවෙන් තොරයි. මානය අත්හැරලා හුදෙකලාවෙනුයි ඉන්නෙ. එයාට තමයි භික්ෂුව කියන්නෙ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M