ඛුද්දක නිකාය

උදාන පාළි

3.7. කස්සප සුත්තං

3.7. මහා කස්සප තෙරුන් අරභයා වදාළ උදානය

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්දකනිවාපේ. තේන ඛෝ පන සමයේන ආයස්මා මහාකස්සපෝ පිප්පලිගුහායං විහරති. සත්තාහං ඒකපල්ලංකේන නිසින්නෝ හෝති අඤ්ඤතරං සමාධිං සමාපජ්ජිත්වා.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලේනුන්ගේ අභය භූමිය වූ කලන්දක නිවාපයේ.

ඒ දිනවල ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ පිප්ඵලී ගුහාවේ වැඩසිටියා. ඒ මහා කස්සපයන් වහන්සේ එක්තරා සමාධියකට සමවැදිලා, එක පළඟින්ම දවස් හතක් වැඩසිටියා.

අථ ඛෝ ආයස්මා මහාකස්සපෝ තස්ස සත්තාහස්ස අච්චයේන තම්හා සමාධිම්හා වුට්ඨාසි: අථ ඛෝ ආයස්මතෝ මහාකස්සපස්ස තම්හා සමාධිම්හා වුට්ඨිතස්ස ඒතදහෝසි: ‘යන්නූනාහං රාජගහං පිණ්ඩාය පවිසෙය්‍යන්’ති.

තේන ඛෝ පන සමයේන පඤ්චමත්තානි දේවතාසතානි උස්සුක්කං ආපන්නානි හොන්ති ආයස්මතෝ මහාකස්සපස්ස පිණ්ඩපාතපටිලාභාය. අථ ඛෝ ආයස්මා මහාකස්සපෝ තානි පඤ්චමත්තානි දේවතාසතානි පටික්ඛිපිත්වා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි.

ඉතින් ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ ඒ දවස් හත ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිට්ටා. ඒ සමාධියෙන් නැගිට්ට ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේට එතකොට මෙහෙම හිතුනා. ‘මං රජගහ නුවරට පිණ්ඩපාතෙ වඩිනවා නම් හොඳයි’ කියලා. ඒ මොහොතේ දෙවිවරු පන්සියයක් පමණ ආයුෂ්මත් මහා කස්සප තෙරුන්ට පිණ්ඩපාතේ පිළිගන්වන්න මහන්සි ගත්තා. එතකොට ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ පන්සියයක් පමණ දෙවිවරුන්ව වැළැක්වූවා. උදේ වරුවේ සිවුරු පොරොවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන රජගහ නුවරට පිණ්ඩපාතේ වැඩියා.

තේන ඛෝ පන සමයේන සක්කෝ දේවානමින්දෝ ආයස්මතෝ මහාකස්සපස්ස පිණ්ඩපාතං දාතුකාමෝ හෝති. පේසකාරවණ්ණං අභිනිම්මිනිත්වා තන්තං විනාති. සුජා අසුරකඤ්ඤා තසරං පූරේති.

එතකොට ශක්‍ර දේවේන්ද්‍රයාටත් ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේට පිණ්ඩපාතය පූජා කිරීමට ඕන වෙලා තිබුනා. ඉතින් ඔහු රෙදි වියන්නෙකුගේ වෙස් අරගෙන නූල් කටිමින් සිටියා. සුජා නම් වූ අසුර කන්‍යාවත් ලී දණ්ඩෙහි නූල් ඔතමින් සිටියා.

අථ ඛෝ ආයස්මා මහාකස්සපෝ රාජගහේ සපදානං පිණ්ඩාය චරමානෝ යේන සක්කස්ස දේවානමින්දස්ස නිවේසනං තේනුපසංකමි. අද්දසා ඛෝ සක්කෝ දේවානමින්දෝ ආයස්මන්තං මහාකස්සපං දූරතෝව ආගච්ඡන්තං. දිස්වාන ඝරා නික්ඛමිත්වා පච්චුග්ගන්ත්වා හත්ථතෝ පත්තං ගහෙත්වා ඝරං පවිසිත්වා ඝටියා ඕදනං උද්ධරිත්වා පත්තං පූරෙත්වා ආයස්මතෝ මහාකස්සපස්ස පාදාසි. සෝ අහෝසි පිණ්ඩපාතෝ අනේකසූපෝ අනේකබ්‍යඤ්ජනෝ අනේකසූපරසබ්‍යඤ්ජනෝ.

එතකොට ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ රජගහ නුවර ගෙපිළිවෙලින් පිණ්ඩපාතේ වඩිද්දී වෙස් වලා ගෙන සිටි ශක්‍ර දේවේන්ද්‍රයාගේ පැල්පතටත් වැඩියා. ශක්‍ර දේවේන්ද්‍රයා දුරින්ම වඩිනා මහා කස්සප තෙරුන්ව දැක්කා. දැකලා පැල්පතෙන් එළියට ඇවිත් පෙර ගමන් ගියා. පාත්‍රය අතින් ඉල්ලා ගෙන පැලට අරගෙන ගියා. හැලියෙන් බත් ගෙන පාත්‍රය පිරෙව්වා. ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේට පිළිගැන්වූවා. ඒ පිණ්ඩපාත භෝජනය නොයෙක් සූප ව්‍යංජන ඇතිව, නොයෙක් සූප ව්‍යංජන රසයෙන් රසවත් වෙලා තිබුනා.

අථ ඛෝ ආයස්මතෝ මහාකස්සපස්ස ඒතදහෝසි: ‘කෝ නු ඛෝ අයං සත්තෝ, යස්සායං ඒවරූපෝ ඉද්ධානුභාවෝ’ති. අථ ඛෝ ආයස්මතෝ මහාකස්සපස්ස ඒතදහෝසි: ‘සක්කෝ ඛෝ අයං දේවානමින්දෝ’ති. ඉති විදිත්වා සක්කං දේවානමින්දං ඒතදවෝච: කතං ඛෝ තේ ඉදං කෝසිය. මාස්සු පුනපි ඒවරූපමකාසී’ති.

එතකොට ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ හිතන්න පටන් ගත්තා. ‘කවුද මේ තැනැත්තා? මේ විදිහේ ඉර්ධිබල ආනුභාවයක් තියෙන කෙනා කවුද?’

එතකොට ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේට මෙහෙම හිතුනා. ‘මේ ශක්‍ර දේවේන්ද්‍රයා නෙව.’ එහෙම දැනගෙන ශක්‍ර දේවේන්ද්‍රයාට මෙහෙම කිව්වා.

“පින්වත් කෝසිය, ඔබ තමයි මේ වැඩේ කළේ. ආයෙ නම් මේ විදිහේ දේවල් කරන්න එපා!”

‘අම්හාකම්පි භන්තේ කස්සප, පුඤ්ඤේන අත්ථෝ: අම්හාකම්පි පුඤ්ඤේන කරණීය”න්ති. අථ ඛෝ සක්කෝ දේවානමින්දෝ ආයස්මන්තං මහාකස්සපං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා වේහාසං අබ්භුග්ගන්ත්වා ආකාසේ අන්තලික්ඛේ තික්ඛත්තුං උදානං උදානේසි: “අහෝ දානං පරමදානං කස්සපේ සුප්පතිට්ඨිතං, අහෝ දානං පරමදානං කස්සපේ සුප්පතිට්ඨිත”න්ති.

“ස්වාමීනී, කස්සපයන් වහන්ස, අපටත් පින්වලින් යහපතක් වෙනවා නෙව. අපටත් පින්වලින් කළ යුතු දේ තියෙනවා නෙව” කියලා ශක්‍ර දේවේන්ද්‍රයා ආයුෂ්මත් මහා කස්සපයන්ට වන්දනා කරලා, ප්‍රදක්ෂිණා කරලා අහසට පැන නැංගා. අහස් තලයේ සිටිමින් තුන් වරක් සතුට ප්‍රකාශ කළා.

“ආශ්චර්යයි! කස්සප තෙරුන්ට පූජා කරගත්තු දානය තමයි උතුම්ම දානය. ආශ්චර්යයි! කස්සප තෙරුන්ට පූජා කරගත්තු දානය තමයි උතුම්ම දානය. ආශ්චර්යයි! කස්සප තෙරුන්ට පූජා කරගත්තු දානය තමයි උතුම් ම දානය.”

අස්සෝසි ඛෝ භගවා දිබ්බාය සෝතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය සක්කස්ස දේවානමින්දස්ස වේහාසං අබ්භුග්ගන්ත්වා ආකාසේ අන්තලික්ඛේ තික්ඛත්තුං උදානං උදානෙන්තස්ස “අහෝ දානං පරමදානං කස්සපේ සුප්පතිට්ඨිතං, අහෝ දානං පරමදානං කස්සපේ සුප්පතිට්ඨිත”න්ති.

එතකොට භාග්‍යවතුන් වහන්සේ මිනිස් ශ්‍රවණය ඉක්මවා ගිය පිරිසිදු දිව්‍ය ශ්‍රවණයෙන් අහසට පැන නැගී, අහස් තලයේදී තුන් වරක් උදම් අනන ශක්‍ර දේවේන්ද්‍රයාගේ මේ බස ශ්‍රවණය කොට වදාළා.

“ආශ්චර්යයි! කස්සප තෙරුන්ට පූජා කරගත්තු දානය තමයි උතුම් ම දානය. ආශ්චර්යයි! කස්සප තෙරුන්ට පූජා කරගත්තු දානය තමයි උතුම් ම දානය. ආශ්චර්යයි! කස්සප තෙරුන්ට පූජා කරගත්තු දානය තමයි උතුම් ම දානය.”

අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

“පිණ්ඩපාතිකස්ස භික්ඛුනෝ අත්තභරස්ස අනඤ්ඤපෝසිනෝ,
දේවා පිහයන්ති තාදිනෝ උපසන්තස්ස සදා සතීමතෝ”ති.

“පිණ්ඩපාතෙ කරගන්න භික්ෂුව, යන්තමින් තමන්ට යැපීමට විතරයි මොකවත් හොයාගන්නෙ. අනුන්ව පෝෂණය කරන්නෙ නෑ. අට ලෝ දහමෙන් නොසැලෙන, උපශාන්ත වූ, හැම තිස්සේම සිහියෙන් වාසය කරන භික්ෂුවට දෙවියෝ පවා සෙනෙහෙවන්තයි.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M