ඛුද්දක නිකාය

උදාන පාළි

3.5. කෝලිත සුත්තං

3.5. මුගලන් තෙරුන් අරභයා වදාළ උදානය

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන ආයස්මා මහාමොග්ගල්ලානෝ භගවතෝ අවිදූරේ නිසින්නෝ හෝති, පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය කායගතායසතියා අජ්ඣත්තං සූපට්ඨිතාය. අද්දසා ඛෝ භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අවිදූරේ නිසින්නං පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය කායගතාය සතියා අජ්ඣත්තං සූපට්ඨිතාය.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

එදා ආයුෂ්මත් මොග්ගල්ලාන තෙරුන් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් පළඟක් බැඳ ගෙන, කය ඍජු කරගෙන, තමා තුළ කායානුපස්සනා භාවනාවේ සිහිය මනා කොට පිහිටුවා ගෙන වාඩිවෙලා සිටියා. පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන, තමා තුළ කායානුපස්සනා භාවනාවේ සිහිය මනා කොට පිහිටුවා ගෙන වාඩිවෙලා ඉන්න ආයුෂ්මත් මොග්ගල්ලානයන්ව භාග්‍යවතුන් වහන්සේට දැකගන්න ලැබුනා.

අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

සති කායගතා උපට්ඨිතා ඡසු ඵස්සායතනේසු සංවුතෝ,
සතතං භික්ඛු සමාහිතෝ ජඤ්ඤා නිබ්බානමත්තනෝ”ති.

“කායානුපස්සනාවේ සිහිය පිහිටුවා ගෙන ඉන්නෙ. ස්පර්ශ ආයතන හයම සංවර වෙලයි තියෙන්නෙ. භික්ෂුව නිතරම සමාහිත සිතිනුයි ඉන්නෙ. අන්න ඒ භික්ෂුව තමන් සාක්ෂාත් කරපු අමා නිවන ගැන දන්නවා.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M