ඛුද්දක නිකාය

උදාන පාළි

3.3. යසෝජ සුත්තං

3.3. යසෝජ තෙරුන් අරභයා වදාළ උදානය

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන යසෝජපමුඛානි පඤ්චමත්තානි භික්ඛුසතානි සාවත්ථිං අනුප්පත්තානි හොන්ති, භගවන්තං දස්සනාය. තේච ඛෝ ආගන්තුකා භික්ඛූ නේවාසිකේහි භික්ඛූහි සද්ධිං පටිසම්මෝදමානා සේනාසනානි පඤ්ඤාපයමානා පත්තචීවරානි පටිසාමයමානා උච්චාසද්දා මහාසද්දා අහේසුං. අථ ඛෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: ‘කේ පනේතේ ආනන්ද, උච්චාසද්දාමහාසද්දා කේවට්ටා මඤ්ඤේ මච්ඡවිලෝපේ’?ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

ඒ දවස්වල යසෝජ තෙරුන් ප්‍රමුඛ පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න සැවැත් නුවරට පැමිණිලා හිටියා. ඉතින් ඒ ආගන්තුක භික්ෂූන් වහන්සේලා, නේවාසික භික්ෂූන් වහන්සේලා සමඟ පිළිසඳරින් සතුටු වෙද්දී, සේනාසන පහසුකම් සළසද්දී, පාත්‍ර සිවුරු තැන්පත් කරද්දී ගොඩාක් ශබ්ද ඇති වුනා. මහා ශබ්ද ඇති වුනා.

එතකොට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ඇමතුවා.

“පින්වත් ආනන්ද, ඔය උස් හඬින්, මහා හඬින් ශබ්ද කරන්නේ කවුද? මාළු අල්ලන තැනක කෑකෝ ගසමින් මාළු අල්ලන කෙවුල් මිනිසුන් වගේ.”

“ඒතානි භන්තේ යසෝජපමුඛානි පඤ්චමත්තානි භික්ඛුසතානි සාවත්ථිං අනුප්පත්තානි භගවන්තං දස්සනාය. තේ’තේ ආගන්තුකා භික්ඛූ නේවාසිකේහි භික්ඛූහි සද්ධිං පටිසම්මෝදමානා සේනාසනානි පඤ්ඤාපයමානා පත්තචීවරානි පටිසාමයමානා උච්චාසද්දා මහාසද්දා”ති.

“ස්වාමීනී, මේ යසෝජ තෙරුන් ප්‍රමුඛ පන්සියයක් භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේව බැහැදැකීමට ඇවිල්ලයි ඉන්නෙ. ඉතින් ඒ භික්ෂූන් නේවාසික භික්ෂූන් සමඟ පිළිසඳර කතා බහේ යෙදෙනවා. සේනාසන පැනවෙනවා. පාත්‍රා සිවුරු තැන්පත් කෙරෙනවා. ඔය උස් හඬ, මහා හඬ ඇහෙන්නේ ඒ නිසයි.”

‘තේනහානන්ද මම වචනේන තේ භික්ඛූ ආමන්තේහි “සත්ථා ආයස්මන්තේ ආමන්තේතී’ති. ‘ඒවං භන්තේ’ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පටිස්සුත්වා යේන තේ භික්ඛූ තේනුපසංකමි. උපසංකමිත්වා තේ භික්ඛූ ඒතදවෝච: ‘සත්ථා ආයස්මන්තේ ආමන්තේතී’ති.

“එහෙම නම් පින්වත් ආනන්ද, මගේ වචනයෙන් ඒ භික්ෂූන්ව අමතන්න. ‘ඔය ආයුෂ්මතුන් වහන්සේලාට අන්න ශාස්තෘන් වහන්සේ අමතනවා’ කියලා.”

“එසේය, ස්වාමීනී” කියලා ආයුෂ්මත් ආනන්දයන් පිළිතුරු දීලා ඒ භික්ෂූන් ළඟට ගිහින් ඒ භික්ෂූන්ට මෙහෙම කිව්වා.

“ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ශාස්තෘන් වහන්සේ ඔබ කැඳවනවා.”

‘ඒවමාවුසෝ’ති ඛෝ තේ භික්ඛූ ආයස්මතෝ ආනන්දස්ස පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නේ ඛෝ තේ භික්ඛූ භගවා ඒතදවෝච: “කිං නු තුම්හේ භික්ඛවේ උච්චාසද්දා මහාසද්දා කේවට්ටා මඤ්ඤේ මච්ඡවිලෝපේ”ති.

“එසේය, ප්‍රිය ආයුෂ්මතුනි” කියලා ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් ආනන්දයන්ට පිළිතුරු දීලා, භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා, පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ඒ භික්ෂූන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙය අසා වදාළා.

“පින්වත් මහණෙනි, උස් හඬින්, මහ හඬින් ශබ්ද කළේ ඇයි? මාලු මරණ තැන්වල කෑකෝ ගහන කෙවුල් මිනිසුන් වගේ.”

ඒවං වුත්තේ ආයස්මා යසෝජෝ භගවන්තං ඒතදවෝච: “ඉමානි භන්තේ පඤ්චමත්තානි භික්ඛුසතානි සාවත්ථිං අනුප්පත්තානි භගවන්තං දස්සනාය. තේ’මේ ආගන්තුකා භික්ඛූ නේවාසිකේහි භික්ඛූහි සද්ධිං පටිසම්මෝදමානා සේනාසනානි පඤ්ඤාපයමානා පත්තචීවරානි පටිසාමයමානා උච්චාසද්දා මහාසද්දා”ති.

මෙසේ වදාළ විට ආයුෂ්මත් යසෝජ තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කිව්වා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නමයි මේ පන්සියයක් පමණ භික්ෂූන් මේ සැවැත් නුවරට පැමිණුනේ. මේ ආගන්තුක භික්ෂූන් නේවාසික භික්ෂූන් සමඟ පිළිසඳර කතා කරද්දී, සේනාසන පහසුකම් සලසද්දී, පාත්‍ර සිවුරු තැන්පත් කරද්දී තමයි ඔය උස් හඬ, මහ හඬ ඇති වුනේ.”

“ගච්ඡථ භික්ඛවේ, වෝ පණාමේමි. න වෝ මම සන්තිකේ වත්ථබ්බ”න්ති.

“යන්න පින්වත් මහණෙනි, මං ඔබ බැහැර කරනවා. මා සමීපයේ ඔබ වාසය කරන්න ඕන නෑ.”

“ඒවං භන්තේ”ති ඛෝ තේ භික්ඛූ භගවතෝ පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා සේනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය යේන වජ්ජි තේන චාරිකං පක්කමිංසු. වජ්ජීසු අනුපුබ්බේන චාරිකං චරමානා යේන වග්ගුමුදා නදී, තේනුපසංකමිංසු. උපසංකමිත්වා වග්ගුමුදාය නදියා තීරේ පණ්ණකුටියෝ කරිත්වා වස්සං උපගච්ඡිංසු.

“එසේය, ස්වාමීනී” කියලා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීලා, ආසනෙන් නැගිටලා ආදරයෙන් වන්දනා කළා. ප්‍රදක්ෂිණා කළා. සකස් කරගත්තු ආසන ආයෙමත් තැන්පත් කළා. පාත්‍ර සිවුරු අරගත්තා. වජ්ජි දේශය බලා පිටත් වුනා. වජ්ජි ජනපදයේ පිළිවෙලින් චාරිකාවේ සැරිසරා යද්දි වග්ගුමුදා නදිය වෙත පැමිණුනා. පැමිණිලා, වග්ගුමුදා නදී තීරයේ කොළ අතු සෙවිලි කළ කුටි හදාගෙන, වස් සමාදන් වුනා.

අථ ඛෝ ආයස්මා යසෝජෝ වස්සූපගතෝ භික්ඛූ ආමන්තේසි: “භගවතා මයං ආවුසෝ පණාමිතා අත්ථකාමේන හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය. හන්ද මයං ආවුසෝ තථා විහාරං කප්පේම, යථා නෝ විහරතං භගවා අත්තමනෝ අස්සා”ති.

ඉතින් ආයුෂ්මත් යසෝජ තෙරුන් වස් සමාදන් වූ භික්ෂූන් ඇමතුවා.

“ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අපව බැහැර කොට වදාළේ අපේම යහපත කැමැති නිසාමයි. හිතවත්කමටයි. අනුකම්පාවෙන්මයි. අනුකම්පාව උපදවා ගෙනමයි. ඉතින් ප්‍රිය ආයුෂ්මතුනි, ඒ නිසා අපත් භාග්‍යවතුන් වහන්සේ සතුටු වන්නේ යම් විදිහකින් ඉන්න කොටද, ඉතින් අපිත් ඒ විදිහට මේ වස් කාලය ගත කරමු.”

‘ඒවමාවුසෝ’ති ඛෝ තේ භික්ඛූ ආයස්මතෝ යසෝජස්ස පච්චස්සෝසුං. අථ ඛෝ තේ භික්ඛූ වූපකට්ඨා අප්පමත්තා ආතාපිනෝ පහිතත්තා විහරන්තා තේනේවන්තරවස්සේන සබ්බේව තිස්සෝ විජ්ජා සච්ඡාකංසු.

“එසේය, ආයුෂ්මතුනි” කියලා ඒ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් යසෝජ තෙරුන්ට පිළිතුරු දුන්නා.

ඉතින් ඒ භික්ෂූන් හුදෙකලා වුනා. අප්‍රමාදී වුනා. කෙලෙස් තවන වීරිය ඇති කරගත්තා. දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරුනා. ඒ වස් කාලෙ ඇතුළත ඒ සියලුම භික්ෂූන් ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කළා.

අථ ඛෝ භගවා සාවත්ථියං යථාභිරන්තං විහරිත්වා යේන වේසාලී තේන චාරිකං පක්කාමි. අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන වේසාලී තදවසරි තත්‍ර සුදං භගවා වේසාලියං විහරති මහාවනේ කූටාගාරසාලායං. අථ ඛෝ භගවා වග්ගුමුදාතීරියානං භික්ඛූනං චේතසා චේතෝ පරිච්ච මනසිකරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: “ආලෝකජාතා විය මේ ආනන්ද, ඒසා දිසා ඕභාසජාතා විය මේ ආනන්ද, ඒසා දිසා. යස්සං දිසායං වග්ගුමුදාතීරියා භික්ඛූ විහරන්ති. ගන්තුං අප්පටිකුලාසි මේ මනසිකාතුං. පහිණෙය්‍යාසි ත්වං ආනන්ද, වග්ගුමුදාතීරියානං භික්ඛූනං සන්තිකේ දූතං, සත්ථා ආයස්මන්තේ ආමන්තේති. සත්ථා ආයස්මන්තානං දස්සනකාමෝ”ති.

එතකොට භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර කැමැති තාක් කල් වැඩවාසය කරලා, විශාලා මහනුවර බලා චාරිකාවේ වැඩම කළා. එහිදී භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ. එදා භාග්‍යවතුන් වහන්සේ වග්ගුමුදා ගං තෙර සිටි භික්ෂූන්ගේ සිත් ගැන තම සිතින් විමසා බලා ආයුෂ්මත් ආනන්දයන් අමතා වදාළා.

“පින්වත් ආනන්ද, යම් දිශාවක වග්ගුමුදා ගං තෙර භික්ෂූන් සිටිත් නම්, ඒ දිශාව මට එළියක් පහළ වුනා වගේ. පින්වත් ආනන්ද, මට ඒ දිශාව ආලෝකයක් පහළ වුනා වගේ. එහි වඩින්න වුනත්, සිහි කරන්න වුනත්, කිසිම අප්‍රසන්න කමක් නෑ. පින්වත් ආනන්ද, ඔබ වග්ගුමුදා නදී තීරයේ සිටින භික්ෂූන් සමීපයට දූතයෙක් යවන්න ඕන. ඔය ආයුෂ්මතුන් වහන්සේලාව ශාස්තෘන් වහන්සේ කැඳවනවා. ඔය ආයුෂ්මතුන් වහන්සේලාගේ දැකීමට ශාස්තෘන් වහන්සේ කැමතියි කියලා.”

‘ඒවං භන්තේ’ති ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පටිස්සුත්වායේන අඤ්ඤතරෝ භික්ඛු තේනුපසංකමි, උපසංකමිත්වා තං භික්ඛුං ඒතදවෝච: “ඒහි ත්වං ආවුසෝ. යේන වග්ගුමුදාතීරියා භික්ඛූ තේනුපසංකමෙය්‍යාසි. උපසංකමිත්වා වග්ගුමුදාතීරියේ භික්ඛූ ඒවං වදේහි: සත්ථා ආයස්මන්තේ ආමන්තේති. සත්ථා ආයස්මන්තානං දස්සනකාමෝ”ති.

“එසේය, ස්වාමීනී” කියලා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීලා එක්තරා භික්ෂුවක් ළඟට ගියා. ගිහින් ඒ භික්ෂුවට මෙහෙම කිව්වා.

“ප්‍රිය ආයුෂ්මත, මෙහි එන්න. වග්ගුමුදා ගං තෙර වසන භික්ෂූන්ට මෙහෙම කියන්න. ‘ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ශාස්තෘන් වහන්සේ ඔබ අමතනවා. ශාස්තෘන් වහන්සේ ආයුෂ්මතුන් වහන්සේලා දකින්නට කැමැතියි’ කියලා.”

“ඒවමාවුසෝ”ති ඛෝ සෝ භික්ඛූ ආයස්මතෝ ආනන්දස්ස පටිස්සුත්වා සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය. ඒවමේව මහාවනේ කූටාගාරසාලායං අන්තරහිතෝ වග්ගුමුදාය නදියා තීරේ තේසං භික්ඛූනං පුරතෝ පාතුරහෝසි. අථ ඛෝ සෝ භික්ඛු වග්ගුමුදාතීරියේ භික්ඛූ ඒතදවෝච: “සත්ථා ආයස්මන්තේ ආමන්තේති, සත්ථා ආයස්මන්තානං දස්සනකාමෝ”ති.

“එසේය, ආයුෂ්මත” කියලා ඒ භික්ෂුව ආයුෂ්මත් ආනන්දයන්ට පිළිතුරු දීලා, බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග හරින වේගයෙන්, දික් කළ අතක් හකුළන වේගයෙන් මහා වනයේ කූටාගාර ශාලාවෙන් නොපෙනී ගියා. වග්ගුමුදා ගං තෙර වසන ඒ භික්ෂූන් ඉදිරියේ පහළ වුනා. ඉතින් ඒ භික්ෂුව වග්ගුමුදා ගං තෙර වසන ඒ භික්ෂූන්ට මෙහෙම කිව්වා.

“ප්‍රිය ආයුෂ්මතුනි, අන්න ශාස්තෘන් වහන්සේ ඔබ අමතනවා. ශාස්තෘන් වහන්සේ ආයුෂ්මතුන් වහන්සේලා දකින්න කැමැතියි”

“ඒවමාවුසෝ”ති ඛෝ තේ භික්ඛූ තස්ස භික්ඛුනෝ පටිස්සුත්වා සේනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය. ඒවමේව වග්ගුමුදාය නදියා තීරේ අන්තරහිතා මහාවනේ කූටාගාරසාලායං භගවතෝ සම්මුඛේ පාතුරහේසුං.

“එසේය, ආයුෂ්මත” කියලා ඒ භික්ෂූන් අර භික්ෂුවට පිළිතුරු දුන්නා. වැඩසිටිය ආසන ආදිය පිළිවෙලකට තැන්පත් කළා. පාත්‍ර සිවුරු අරගත්තා. බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග හරින වේගයෙන්, දික් කළ අතක් හකුළන වේගයෙන් වග්ගුමුදා ගං තෙරින් නොපෙනී ගියා. මහා වනයේ කූටාගාර ශාලාවේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහළ වුනා.

තේන ඛෝ පන සමයේන භගවා ආනෙඤ්ජේන සමාධිනා නිසින්නෝ හෝති. අථ ඛෝ තේසං භික්ඛූනං ඒතදහෝසි “කතමේන නු ඛෝ භගවා විහාරේන ඒතරහි විහරතී”ති. අථ ඛෝ තේසං භික්ඛූනං ඒතදහෝසි: “ආනෙඤ්ජේන ඛෝ භගවා විහාරේන ඒතරහි විහරතී”ති. සබ්බේව ආනෙඤ්ජේනසමාධිනා නිසීදිංසු.

ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ ආනෙඤ්ජ සමාධියෙන් (ධ්‍යාන බලයෙන් යුතු අරහත් ඵල සමාධියක්) වැඩසිටියේ. එතකොට අර භික්ෂූන්ට මෙහෙම හිතුනා. ‘දැන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින්නේ කුමන විහරණයකින්ද?’ කියලා. ඉතින් ඒ භික්ෂූන්ට මේ අදහස ඇතිවුනා. ‘ආනෙඤ්ජ සමාධියෙන් දැන් භාග්‍යවතුන් වහන්සේ වැඩඉන්නේ’ කියලා. ඒ සියලු දෙනාම ආනෙඤ්ජ සමාධියට සමවැදුනා.

අථ ඛෝ ආයස්මා ආනන්දෝ අභික්කන්තාය රත්තියා නික්ඛන්තේ පඨමේ යාමේ උට්ඨායාසනා ඒකංසං චීවරං කරිත්වා යේන භගවා තේනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං ඒතදවෝච: “අභික්කන්තා භන්තේ රත්ති. නික්ඛන්තෝ පඨමෝ යාමෝ. චිරනිසින්නා ආගන්තුකා භික්ඛූ. පටිසම්මෝදතු භන්තේ භගවා ආගන්තුකේහි භික්ඛූහී”ති.

ඉතින් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ රැය ගෙවෙන වේලෙහි පළමු යාමය ගෙවුන කල්හි ආසනයෙන් නැගිට්ටා. සිවුර ඒකාංශ කොට පොරවා ගත්තා. භාග්‍යවතුන් වහන්සේ වෙත වන්දනා කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, රාත්‍රී බොහෝ වේලා ඉක්ම ගියා. පළමු යාමය ගෙවුනා. ආගන්තුක භික්ෂූන් වාඩිවෙලා බොහෝ වේලාවක් වෙනවා. ආගන්තුක භික්ෂූන් සමඟ පිළිසඳර කතාබහේ යෙදෙන සේක්වා!”

ඒවං වුත්තේ භගවා තුණ්හී අහෝසි. දුතියම්පි ඛෝ ආයස්මා ආනන්දෝ අභික්කන්තාය රත්තියා නික්ඛන්තේ මජ්ඣිමේ යාමේ උට්ඨායාසනා ඒකංසං චීවරං කරිත්වා යේන භගවා තේනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං ඒතදවෝච: “අභික්කන්තා භන්තේ රත්ති. නික්ඛන්තෝ මජ්ඣිමෝ යාමෝ. චිරනිසින්නා ආගන්තුකා භික්ඛූ, පටිසම්මෝදතු භන්තේ භගවා ආගන්තුකේහි භික්ඛූහී”ති දුතියම්පි ඛෝ භගවා තුණ්හී අහෝසි. තතියම්පි ඛෝ ආයස්මා ආනන්දෝ අභික්කන්තාය රත්තියා නික්ඛන්තේ පච්ඡිමේ යාමේ උද්ධතේ අරුණේ නන්දිමුඛියා රත්තියා උට්ඨායාසනා ඒකංසං චීවරං කරිත්වා යේන භගවා තේනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං ඒතදවෝච: “අභික්කන්තා භන්තේ රත්ති. නික්ඛන්තෝ පච්ඡිමෝ යාමෝ. උද්ධතෝ අරුණෝ. නන්දිමුඛී රත්ති. චිරනිසින්නා ආගන්තුකා භික්ඛූ, පටිසම්මෝදතු භන්තේ භගවා ආගන්තුකේහි භික්ඛූහී”ති.

එහෙම කිව්වාම භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වුනා. දෙවෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ රැය ගෙවෙන වේලෙහි මධ්‍යම යාමය ගෙවුන කල්හි ආසනයෙන් නැගිට්ටා. සිවුර ඒකාංශ කොට පොරවා ගත්තා. භාග්‍යවතුන් වහන්සේ වෙත වන්දනා කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, රාත්‍රී බොහෝ වේලා ඉක්ම ගියා. මධ්‍යම යාමයත් ගෙවුනා. ආගන්තුක භික්ෂූන් වාඩිවෙලා බොහෝ වේලාවක් වෙනවා. ආගන්තුක භික්ෂූන් සමඟ පිළිසඳර කතාබහේ යෙදෙන සේක්වා!”

දෙවෙනි වතාවටත් භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වුනා. තුන්වෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ රැය ගෙවෙන වේලෙහි පශ්චිම යාමය ගෙවුන කල්හි, අරුණ උදාවෙද්දී, රැය පහන් වෙද්දී, ආසනයෙන් නැගිට්ටා. සිවුර ඒකාංශ කොට පොරවා ගත්තා. භාග්‍යවතුන් වහන්සේ වෙත වන්දනා කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, රාත්‍රිය ඉක්ම ගියා. පශ්චිම යාමයත් ගෙවුනා. අරුණත් උදාවුනා. රැය පහන් වුනා. ආගන්තුක භික්ෂූන් වාඩිවෙලා බොහෝ වේලාවක් වෙනවා. ආගන්තුක භික්ෂූන් සමඟ පිළිසඳර කතාබහේ යෙදෙන සේක්වා!”

අථ ඛෝ භගවා තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි: “සචේ ඛෝ ත්වං ආනන්ද ජානෙය්‍යාසි, එත්තකම්පි තේ නප්පටිභාසෙය්‍ය. අහඤ්ච ආනන්ද, ඉමානි ච පඤ්ච භික්ඛුසතානි සබ්බේව ආනෙඤ්ජසමාධිනා නිසීදිම්හා”ති.

එතකොට භාග්‍යවතුන් වහන්සේ සමාධියෙන් නැගිට වදාළා. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ හට මෙය පවසා වදාළා.

“පින්වත් ආනන්ද, ඉතින් ඔබ මේ ගැන දන්නවා නම්, ඔහොම හිතන්නේ නෑ. පින්වත් ආනන්ද, මමත් මේ භික්ෂූන් පන්සියයත් යන අය ඔක්කොම ආනෙඤ්ජ සමාධියෙනුයි වාඩිවෙලා හිටියේ.”

අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

“යස්ස ජිතෝ කාමකණ්ටකෝ
අක්කෝසෝ ච වධෝ ච බන්ධනං ච,
පබ්බතෝ විය සෝ ඨිතෝ අනේජෝ
සුඛදුක්ඛේසු න වේධති ස භික්ඛූ”ති.

“යම් කෙනෙක් කාම කටුව ජයගත්තා නම්, ආක්‍රෝශ කිරීම්, වධ බන්ධනත් ජයගත්තා නම්, ඔහු නොසැලී පිහිටලා ඉන්නෙ පර්වතයක් වගෙයි. සැප දුක් දෙකේම සැළෙන්නෙ නෑ. අන්න ඔහු තමයි භික්ෂුව.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M