මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදය නම් වූ පූර්වාරාමයේ.
ඒ දිනවල මිගාර මාතාව නම් වූ විශාඛාවට පසේනදී කොසොල් රජු ලවා කරවා ගත යුතු කිසියම් වැඩ කටයුත්තක් තිබුනා. නමුත් පසේනදී කොසොල් රජතුමා ඇයගේ අදහසට අනුකූල පරිදි එය කරන්නෙ නෑ.
විශාඛා මිගාර මාතාව දවල් මධ්‍යහ්නයේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන විශාඛා මිගාර මාතාවගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙය අසා වදාළා.
“පින්වත් විශාඛා, මේ මහ ගිනි මද්දහනේ කොහේ ඉඳන් එන ගමන්ද?”
“ස්වාමීනී, මට පසේනදී කොසොල් රජ්ජුරුවන් ලවා කර ගත යුතු කිසියම් වැඩකටයුත්තක් තියෙනවා. නමුත් පසේනදී කොසොල් රජ්ජුරුවෝ අපේ අදහසට අනුකූල පරිදි එය කරදෙන්නෙ නැහැනේ.”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“අනුන්ගේ යටතේ තියෙන හැමදෙයක්ම දුකක්. සියලු ලොව්තුරු ඉසුරුමත් බව සැපයි. සාධාරණය ඉටු කරගන්න යන හැම දෙනෙක්ම පීඩා විඳිනවා. මේ කෙලෙස් බන්ධනවලින් නිදහස් වෙන එක නම් ලේසි දෙයක් නොවෙයි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M