ඛුද්දක නිකාය

උදාන පාළි

2.8. සුප්පාවාසා සුත්තං

2.8. සුප්පාවාසා අරභයා වදාළ උදානය

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා කුණ්ඩියායං විහරති කුණ්ඩධානවනේ. තේන ඛෝ පන සමයේන සුප්පවාසා කෝලියධීතා සත්තවස්සානි ගබ්භං ධාරේති සත්තාහං මූළ්හගබ්භා. සා දුක්ඛාහි තිබ්බාහි ඛරාහි කටුකාහි වේදනාහි ඵුට්ඨා තීහි විතක්කේහි අධිවාසේති:

“සම්මාසම්බුද්ධෝ වත සෝ භගවා ඉමස්ස ඒවරූපස්ස දුක්ඛස්ස පහානාය ධම්මං දේසේති, සුප්පටිපන්නෝ වත තස්ස භගවතෝ සාවකසංඝෝ යෝ ඉමස්ස ඒවරූපස්ස දුක්ඛස්ස පහානාය පටිපන්නෝ. සුසුඛං වත තං නිබ්බානං යත්ථිදං ඒවරූපං දුක්ඛං න සංවිජ්ජතී”ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කුණ්ඩියා නගරය අසල කුණ්ඩධාන වනයේ.

ඒ දිනවල සුප්පාවාස නම් වූ කෝලිය වංශික දියණිය අවුරුදු හතක් පුරා දරු ගැබක් දරාගෙන සිටියා. දවස් හතක් මුළුල්ලේ දරු ගැබ බිහි නොවී සිර වී තිබුනා. ඇය ඉතා දුක් වූ, තියුණු වූ, කර්කශ වූ, කටුක වූ වේදනා විඳිද්දීත් තුන් ආකාර කල්පනාවක් මුල් කරගෙන ඒ දුක් වේදනා ඉවසාගෙන සිටියා. “ ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධමයි. ඒ බුදුරජාණන් වහන්සේ දහම් දෙසා වදාළේ මෙබඳු වූ දුක් දුරුකිරීම පිණිසමයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන ඒකාන්තයෙන්ම සුපටිපන්නයි. මෙබඳු වූ දුක් දුරු කරගැනීමට නේද උන්වහන්සේලා පිළිවෙත් පුරන්නේ. මෙබඳු වූ දුකක් යම් තැනක නැත්නම්, ඒ අමා නිවන ඒකාන්තයෙන්ම උතුම්ම සැපයයි” යන තුන් කල්පනාවයි.

අථ ඛෝ සුප්පවාසා කෝලියධීතා සාමිකං ආමන්තේසි: “ඒහි ත්වං, අය්‍යපුත්ත, යේන භගවා තේනුපසංකම. උපසංකමිත්වා මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්දාහි. අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ: “සුප්පවාසා භන්තේ කෝලියධීතා භගවතෝ පාදේ සිරසා වන්දති. අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී”ති. ඒවංච වදේහි: “සුප්පවාසා භන්තේ කෝලියධීතා සත්ත වස්සානි ගබ්භං ධාරේති, සත්තාහං මූළ්හගබ්භා. සා දුක්ඛාහි තිබ්බාහි ඛරාහි කටුකාහි වේදනාහි ඵුට්ඨා තීහි විතක්කේහි අධිවාසේති: “සම්මාසම්බුද්ධෝ වත සෝ භගවා යෝ ඉමස්ස ඒවරූපස්ස දුක්ඛස්ස පහානාය ධම්මං දේසේති. සුප්පටිපන්නෝ වත තස්ස භගවතෝ සාවකසංඝෝ, යෝ ඉමස්ස ඒවරූපස්ස දුක්ඛස්ස පහානාය පටිපන්නෝ. සුසුඛං වත තං නිබ්බානං, යත්ථිදං ඒවරූපං දුක්ඛං න සංවිජ්ජතී”ති.

ඉතින් සුප්පාවාසා නම් කෝලිය වංශික දියණිය තම ස්වාමියා ඇමතුවා.

“ආර්ය පුත්‍රය, ඔබ එන්න. භාග්‍යවතුන් වහන්සේ ළඟට යන්න. ගිහින් මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරි පා යුග හිසින් වඳින්න. උන්වහන්සේගේ නිදුක් බවත්, නීරෝග බවත්, සැහැල්ලු පැවැත්මත්, කාය බලයත්, පහසුවෙන් විසීමත් ගැන (මේ විදිහට) අහන්න. ‘ස්වාමීනී, සුප්පාවාසා නම් කෝලිය වංශික දියණිය භාග්‍යවතුන් වහන්සේ සිරි පා යුග හිසින් වඳිනවා. ඇය භාග්‍යවතුන් වහන්සේගේ නිදුක් බව, නීරෝග බව, සැහැල්ලු පැවැත්ම, කාය බලය, පහසු විහරණය ගැන විමසනවා’ මේ විදිහටත් කියන්න. ‘ස්වාමීනී, සුප්පාවාසා නම් වූ කෝලිය වංශික දියණිය අවුරුදු හතක් මුළුල්ලේ දරු ගැබක් උසුලාගෙන ඉන්නවා. දරු ප්‍රසූතිය සිරවෙලා දැන් දවස් හතක් වෙනවා. ඇය ඉතා දුක් වූ, තියුණු වූ, කර්කශ වූ, කටුක වූ වේදනා විඳ විඳ කරුණු තුනක් ගැන හිත හිතා ඒ දුක ඉවසාගෙන ඉන්නවා. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධමයි. ඒ බුදුරජාණන් වහන්සේ දහම් දෙසා වදාළේ මෙබඳු වූ දුක් දුරුකිරීම පිණිසමයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන ඒකාන්තයෙන්ම සුපටිපන්නයි. මෙබඳු වූ දුක් දුරු කරගැනීමට නේද උන්වහන්සේලා පිළිවෙත් පුරන්නේ. මෙබඳු වූ දුකක් යම් තැනක නැත්නම්, ඒ අමා නිවන ඒකාන්තයෙන්ම උතුම්ම සැපයයි’ කියලා.”

පරමන්ති ඛෝ සෝ කෝලියපුත්තෝ සුප්පවාසාය කෝලියධීතාය පටිස්සුණිත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ සෝ කෝලියපුත්තෝ භගවන්තං ඒතදවෝච:

ඉතින් ඒ කෝලිය පුත්‍රයා “හොඳයි” කියලා සුප්පාවාසා කෝලිය දියණියට පිළිතුරු දීලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ඒ කෝලිය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“සුප්පවාසා භන්තේ කෝලියධීතා භගවතෝ පාදේ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතීති. ඒවඤ්ච වදේති: ‘සුප්පවාසා භන්තේ කෝලියධීතා සත්ත වස්සානි ගබ්භං ධාරේති සත්තාහං මූළ්හගබ්භා සා දුක්ඛාහි තිබ්බාහි ඛරාහි කටුකාහි වේදනාහි ඵුට්ඨා තීහි විතක්කේහි අධිවාසේති: ‘සම්මාසම්බුද්ධෝ වත සෝ භගවා, යෝ ඉමස්ස ඒවරූපස්ස දුක්ඛස්ස පහානාය ධම්මං දේසේති. සුප්පටිපන්නෝ වත තස්ස භගවතෝ සාවකසංඝෝ, යෝ ඉමස්ස ඒවරූපස්ස දුක්ඛස්ස පහානාය පටිපන්නෝ සුසුඛං වත නිබ්බානං, යත්ථිදං ඒවරූපං දුක්ඛං න සංවිජ්ජතී”ති.

“ස්වාමීනී, සුප්පාවාසා නම් කෝලිය වංශික දියණිය භාග්‍යවතුන් වහන්සේ සිරි පා යුග හිසින් වඳිනවා. ඇය භාග්‍යවතුන් වහන්සේගේ නිදුක් බව, නීරෝග බව, සැහැල්ලු පැවැත්ම, කාය බලය, පහසු විහරණය ගැන විමසනවා. ඇය මේ විදිහටත් කියනවා. ‘ස්වාමීනී, සුප්පාවාසා නම් වූ කෝලිය වංශික දියණිය අවුරුදු හතක් මුළුල්ලේ දරු ගැබක් උසුලාගෙන ඉන්නවා. දරු ප්‍රසූතිය සිරවෙලා දැන් දවස් හතක් වෙනවා. ඇය ඉතා දුක් වූ, තියුණු වූ, කර්කශ වූ, කටුක වූ වේදනා විඳ විඳ කරුණු තුනක් ගැන හිත හිතා ඒ දුක ඉවසාගෙන ඉන්නවා. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධමයි. ඒ බුදුරජාණන් වහන්සේ දහම් දෙසා වදාළේ මෙබඳු වූ දුක් දුරුකිරීම පිණිසමයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන ඒකාන්තයෙන්ම සුපටිපන්නයි. මෙබඳු වූ දුක් දුරු කරගැනීමට නේද උන්වහන්සේලා පිළිවෙත් පුරන්නේ. මෙබඳු වූ දුකක් යම් තැනක නැත්නම්, ඒ අමා නිවන ඒකාන්තයෙන්ම උතුම්ම සැපයයි’ කියලා.”

(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ ආශිර්වාද කොට වදාළා)

“සුඛිනී හෝතු සුප්පවාසා කෝලියධීතා අරෝගා, අරෝගං පුත්තං විජායතූ”ති. සහ වචනා ච පන භගවතෝ සුප්පවාසා කෝලියධීතා සුඛිනී අරෝගා අරෝගං පුත්තං විජායි.

“සුප්පාවාසා කෝලිය වංශික දියණිය සුවපත් වේවා! නීරෝග වේවා! නීරෝග පුතෙකු වදාවා!”

භාග්‍යවතුන් වහන්සේගේ ඒ වචනයත් සමඟම, සුප්පාවාසා කෝලිය වංශික දියණිය සුවපත් වුනා. නීරෝග වුනා. නීරෝග පුතෙකු වැදුවා.

ඒවං භන්තේ’ති ඛෝ සෝ කෝලියපුත්තෝ භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා සකං ඝරං පච්චායාසි.

“එහෙමයි, ස්වාමීනී” කියලා කෝලිය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ සතුටින් පිළිඅරගෙන භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ප්‍රදක්ෂිණා කළා. තමන්ගේ නිවස කරා පිටත් වුනා.

අද්දසා ඛෝ කෝලියපුත්තෝ සුප්පවාසං කෝලියධීතරං සුඛිනිං අරෝගං, අරෝගං පුත්තං විජාතං. දිස්වානස්ස ඒතදහෝසි: “අච්ඡරියං වත භෝ, අබ්භූතං වත භෝ, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා, යත්‍ර හි නාමායං සුප්පවාසා කෝලියධීතා සහ වචනා ච පන භගවතෝ සුඛිනී අරෝගා අරෝගං පුත්තං විජායිස්සතී”ති. අත්තමනෝ පමුදිතෝ පීතිසෝමනස්සජාතෝ අහෝසි.

කෝලිය පුත්‍රයා (තම නිවස කරා එද්දී) නීරෝග පුතෙකු බිහිකළ, සුවපත් වූ, නීරෝග වූ සුප්පාවාසා දියණියව දැකගන්න ලැබුනා. දැකලා ඔහුට මෙහෙම හිතුනා. ‘පින්වතිය, ඒකාන්තයෙන්ම ආශ්චර්යයි! පින්වතිය, ඒකාන්තයෙන්ම අද්භූතයි! තථාගතයන් වහන්සේ මහා ඉර්ධිමත් වන සේක! මහානුභාව සම්පන්න වන සේක! භාග්‍යවතුන් වහන්සේගේ වචනයත් සමඟම මේ සුප්පාවාසා කෝලිය වංශික දියණිය සුවපත් වුනා නෙව. නීරෝග පුතෙකු බිහිකළා නෙව’ කියලා ගොඩාක් සතුටු වුනා. ප්‍රමුදිත වුනා. ප්‍රීති සොම්නස් ඇතිවුනා.

අථ ඛෝ සුප්පවාසා කෝලියධීතා සාමිකං ආමන්තේසි: “ඒහි ත්වං අය්‍යපුත්ත, යේන භගවා තේනුපසංකම. උපසංකමිත්වා මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්දාහි, සුප්පවාසා භන්තේ කෝලියධීතා භගවතෝ පාදේ සිරසා වන්දතී”ති. ඒවං ච වදේහි: “සුප්පවාසා භන්තේ කෝලියධීතා සත්ත වස්සානි ගබ්භං ධාරේසි. සත්තාහං මූළ්හගබ්භා. සා ඒතරහි සුඛිනී අරෝගා අරෝගං පුත්තං විජාතා. සා සත්තාහං බුද්ධපමුඛං භික්ඛුසංඝං භත්තේන නිමන්තේති. අධිවාසේතු කිර භන්තේ භගවා සුප්පවාසාය කෝලියධීතාය සත්ත භත්තානි සද්ධිං භික්ඛුසංඝේනා”ති.

ඉතින් සුප්පාවාසා කොලිය වංශික දියණිය තම ස්වාමියාව ඇමතුවා.

“ඔබ මෙහි එන්න ආර්ය පුත්‍රය, භාග්‍යවතුන් වහන්සේ ළඟට යන්න. ගිහින් මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරි පා යුග හිසින් වඳින්න. ‘ස්වාමීනී, සුප්පාවාසා නම් කෝලිය වංශික දියණිය භාග්‍යවතුන් වහන්සේ සිරි පා යුග හිසින් වඳිනවා.’ මේ විදිහටත් කියන්න. ‘ස්වාමීනී, සුප්පාවාසා කෝලිය වංශික දියණිය අවුරුදු හතක් මුළුල්ලේ දරු ගැබක් දරාගෙන හිටියා. දරු ප්‍රසූතිය සිරවෙලා දවස් හතක් සිටියා. අද ඈ සුවපත් වුනා. නීරෝග වුනා. නීරෝග පුතෙකු වැදුවා. ඈ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුසංඝයාට දවස් හතක් මුළුල්ලේ දන් පිදීමට ආරාධනා කරනවා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, සුප්පාවාසා කෝලිය වංශික දියණියගේ සත් දින දානය භික්ෂුසංඝයා සමඟ ඉවසා වදාරණ සේක්වා!”

පරමන්ති ඛෝ සෝ කෝලියපුත්තෝ සුප්පවාසාය කෝලියධීතාය පටිස්සුණිත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ සෝ කෝලියපුත්තෝ භගවන්තං ඒතදවෝච: “සුප්පවාසා භන්තේ කෝලියධීතා භගවතෝ පාදේ සිරසා වන්දති. ඒවං ච වදේති: සුප්පාවාසා භන්තේ කෝලියධීතා සත්ත වස්සානි ගබ්භං ධාරේසි. සත්තාහං මූළ්හගබ්භා. සා ඒතරහි සුඛිනී අරෝගා අරෝගං පුත්තං විජාතා. සා සත්තාහං බුද්ධපමුඛං භික්ඛුසංඝං භත්තේන නිමන්තේති. අධිවාසේතු කිර භන්තේ භගවා සුප්පවාසාය කෝලියධීතාය සත්ත භත්තානි සද්ධිං භික්ඛුසංඝේනා”ති.

ඉතින් ඒ කෝලිය පුත්‍රයා “හොඳයි” කියලා සුප්පාවාසා කෝලිය දියණියට පිළිතුරු දීලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ඒ කෝලිය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, සුප්පාවාසා නම් කෝලිය වංශික දියණිය භාග්‍යවතුන් වහන්සේ සිරි පා යුග හිසින් වඳිනවා. මේ විදිහටත් කියනවා. ‘ස්වාමීනී, සුප්පාවාසා කෝලිය වංශික දියණිය අවුරුදු හතක් මුළුල්ලේ දරු ගැබක් දරාගෙන හිටියා. දරු ප්‍රසූතිය සිරවෙලා දවස් හතක් සිටියා. අද ඈ සුවපත් වුනා. නීරෝග වුනා. නීරෝග පුතෙකු වැදුවා. ඈ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුසංඝයාට දවස් හතක් මුළුල්ලේ දන් පිදීමට ආරාධනා කරනවා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, සුප්පාවාසා කෝලිය වංශික දියණියගේ සත් දින දානය භික්ෂුසංඝයා සමඟ ඉවසා වදාරණ සේක්වා!’ කියලා.”

තේන ඛෝ පන සමයේන අඤ්ඤතරේන උපාසකේන බුද්ධපමුඛෝ භික්ඛුසංඝෝ ස්වාතනාය භත්තේන නිමන්තිතෝ හෝති: සෝ ච උපාසකෝ ආයස්මතෝ මහාමොග්ගල්ලානස්ස උපට්ඨාකෝ හෝති. අථ ඛෝ භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානං ආමන්තේසි: “ඒහි ත්වං මොග්ගල්ලාන, යේන සෝ උපාසකෝ තේනුපසංකම්‍යොසි: උපසංකමිත්වා තං උපාසකං ඒවං වදේහි: “සුප්පාවාසා ආවුසෝ කෝලියධීතා සත්ත වස්සානි ගබ්භං ධාරේසි, සත්තාහං මූළ්හගබ්භා. සා ඒතරහි සුඛිනී අරෝගා අරෝගං පුත්තං විජාතා. සා සත්තාහං බුද්ධපමුඛං භික්ඛුසංඝං භත්තේන නිමන්තේති. කරෝතු සුප්පවාසා කෝලියධීතා සත්ත භත්තානි. පච්ඡා සෝ කරිස්සති. තුය්හේසෝ උපට්ඨාකෝ”ති.

ඒ දිනවල එක්තරා උපාසක කෙනෙක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුසංඝයාට හෙට දවසේ දානය පිණිස ආරාධනා කරලයි තිබුනේ. ඒ උපාසකතුමා ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්සේගේ උපස්ථායකයෙක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්සේව ඇමතුවා.

“පින්වත් මොග්ගල්ලාන, ඔබ මෙහි එන්න. ඒ උපාසකතුමා ළඟට යන්න. ගිහින් ඒ උපාසකතුමාට මෙහෙම කියන්න. ‘ප්‍රිය ආයුෂ්මත, සුප්පාවාසා කෝලිය වංශික දියණිය හත් අවුරුද්දක් මුළුල්ලේ දරු ගැබක් දරාගෙන සිටියා. දරු ප්‍රසූතිය සිරවෙලා දවස් හතක් හිටියා. දැන් ඈ සුවපත් වුනා. නීරෝග වුනා. නීරෝග පුතෙකු වැදුවා. ඈ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුසංඝයාට දවස් හතක් මුළුල්ලේ දන් පිදීමට ආරාධනා කරනවා. සුප්පාවාසා කෝලිය වංශික දියණියට ඒ දින හතක් මුළුල්ලේ දෙනු ලබන දානය දෙන්නට ලැබේවා!’ ඔහුගේ දානය පසුව දෙන්නට පුළුවන් බව කියන්න. අනික ඔහු ඔබගේ උපස්ථායකයෙක් නෙව.”

ඒවං භන්තේ’ති ඛෝ ආයස්මා මහාමොග්ගල්ලානෝ භගවතෝ පටිස්සුණිත්වා යේන සෝ උපාසකෝ, තේනුපසංකමි. උපසංකමිත්වා තං උපාසකං ඒතදවෝච: “සුප්පවාසා ආවුසෝ කෝලියධීතා සත්ත වස්සානි ගබ්භං ධාරේසි. සත්තාහං මූළ්හගබ්භා. සා ඒතරහි සුඛිනී, අරෝගා, අරෝගං පුත්තං විජාතා. සත්තාහං බුද්ධපමුඛං භික්ඛුසංඝං භත්තේන නිමන්තේති. කරෝතු සුප්පවාසා කෝලියධීතා සත්ත භත්තානි. පච්ඡා ත්වං කරිස්සසී”ති. “සචේ මේ භන්තේ අය්‍යෝ මහාමොග්ගල්ලානෝ තිණ්ණං ධම්මානං පාටිභෝගෝ භෝගානඤ්ච ජීවිතස්ස ච සද්ධාය ච, කරෝතු සුප්පවාසා කෝලියධීතා සත්ත භත්තානි. පච්ඡා අහං කරිස්සාමී”ති. “ද්වින්නං ඛෝ තේ අහං ආවුසෝ ධම්මානං පාටිභෝගෝ භෝගානඤ්ච, ජීවිතස්ස ච. සද්ධාය පන ත්වංයේව පාටිභෝගෝ”ති.

“එසේය, ස්වාමීනී” කියලා ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ උපාසකතුමා ළඟට වැඩියා. වැඩලා ඒ උපාසකතුමාට මෙහෙම කිව්වා.

“ප්‍රිය ආයුෂ්මත, සුප්පාවාසා කෝලිය වංශික දියණිය හත් අවුරුද්දක් මුළුල්ලේ දරු ගැබක් දරාගෙන සිටියා. දරු ප්‍රසූතිය සිරවෙලා දවස් හතක් හිටියා. දැන් ඈ සුවපත් වුනා. නීරෝග වුනා. නීරෝග පුතෙකු වැදුවා. ඈ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුසංඝයාට දවස් හතක් මුළුල්ලේ දන් පිදීමට ආරාධනා කරනවා. සුප්පාවාසා කෝලිය වංශික දියණියට ඒ දින හතක් මුළුල්ලේ දෙනු ලබන දානය දෙන්න ලැබේවා! ඔබේ දානය පසුව දෙන්න පුළුවන්නෙ.”

“එහෙම නම් ස්වාමීනී, ආර්ය වූ මොග්ගල්ලානයන් වහන්සේ මාගේ දානය පිණිස වූ වස්තුවත්, ජීවිතයත්, ශ්‍රද්ධාවත් කියන කරුණු තුන රැක දෙන්නට ඇප වෙනවා නම්, සුප්පාවාසා කෝලිය වංශික දියණිය සත් දිනක් පුරා දානය පූජා කරාවා! මම පස්සේ දානය පූජා කරන්නම්.”

“ප්‍රිය ආයුෂ්මත, මම ඔබේ දානය පිණිස වූ වස්තුවත්, ජීවිතයත් කියන දෙක ගැන විතරක් ඇපවෙන්නම්. හැබැයි ශ්‍රද්ධාව ගැන නම් ඔබමයි ඔබට ඇප විය යුත්තේ.”

“සචේ මේ භන්තේ අය්‍යෝ මහාමොග්ගල්ලානෝ ද්වින්නං ධම්මානං පාටිභෝගෝ භෝගානඤ්ච, ජීවිතස්ස ච. කරෝතු සුප්පවාසා කෝලියධීතා සත්ත භත්තානි. පච්ඡා අහං කරිස්සාමී”ති.

“එහෙම නම් ස්වාමීනී, ආර්ය වූ මොග්ගල්ලානයන් වහන්සේ මාගේ දානය පිණිස වූ වස්තුවත්, ජීවිතයත් රැක දෙන්නට ඇප වෙන නිසා සුප්පාවාසා කෝලිය වංශික දියණිය සත් දිනක් පුරා දානය පූජා කරාවා! මම පස්සේ දානය පූජා කරන්නම්.”

අථ ඛෝ ආයස්මා මහාමොග්ගල්ලානෝ තං උපාසකං සඤ්ඤාපෙත්වා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං ඒතදවෝච:

ඉතින් ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්සේ ඒ උපාසකතුමාව දැනුවත් කරලා භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම පැවසුවා.

“සඤ්ඤත්තෝ භන්තේ සෝ උපාසකෝ මයා, කරෝතු සුප්පවාසා කෝලියධීතා සත්ත භත්තානි, පච්ඡා සෝ කරිස්සතී”ති.

“ස්වාමීනී, මං ඒ උපාසකතුමාව දැනුවත් කළා. සුප්පාවාසා කෝලිය දියණිය සත් දිනක් පුරා දානය පූජා කරවා! ඔහුගේ දානය පස්සේ පූජා කරාවි.”

අථ ඛෝ සුප්පවාසා කෝලියධීතා සත්තාහං බුද්ධපමුඛං භික්ඛුසංඝං පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේසි, සම්පවාරේසි. තඤ්ච දාරකං භගවන්තං වන්දාපේසි සබ්බං ච භික්ඛුසංඝං.

ඉතින් සුප්පාවාසා කෝලිය වංශික දියණිය සත් දිනක් පුරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුසංඝයාට ප්‍රණීත වූ දානමානවලින් සිය අතින්ම පූජා කර ගත්තා. මැනැවින් පූජා කරගත්තා. ඒ දරුවා ලවා භාග්‍යවතුන් වහන්සේටත් සියලු භික්ෂුසංඝයාටත් වන්දනා කෙරෙව්වා.

අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ තං දාරකං ඒතදවෝච: “කච්චි තේ දාරක, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි න කිඤ්චි දුක්ඛ’න්ති. කුතෝ මේ භන්තේ සාරිපුත්ත ඛමනීයං, කුතෝ යාපනීයං. සත්ත වස්සානි මේ ලෝහිතකුම්භියං වුත්ථානී”ති.

එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඒ දරුවාගෙන් මෙහෙම ඇහැව්වා.

“පින්වත් පුතේ, ඔයාගේ සැප දුක් කොහොමද? ඉවසන්න පුළුවන්ද? දැන් ඔයාට කිසි දුකක් නැද්ද?”

“ස්වාමීනී, සාරිපුත්තයන් වහන්ස, අනේ මට සැපක් කොයින්ද? ඉවසීමක් කොයින්ද? මං සත් අවුරුද්දක් සිටියේ ලේ කලයක් ඇතුළේ නෙව.”

අථ ඛෝ සුප්පවාසා කෝලියධීතා “පුත්තෝ මේ ධම්මසේනාපතිනා සද්ධිං මන්තේතී”ති, අත්තමනා පමුදිතා පීතිසෝමනස්සජාතා අහෝසි.

අථ ඛෝ භගවා සුප්පවාසං කෝලියධීතරං අත්තමනං පමුදිතං පීතිසෝමනස්සජාතං දිස්වා සුප්පවාසං කෝලියධීතරං ඒතදවෝච: “ඉච්ඡෙය්‍යාසි ත්වං සුප්පවාසේ, අඤ්ඤම්පි ඒවරූපං පුත්ත”න්ති. “ඉච්ඡෙය්‍යාමහං භගවා අඤ්ඤානි’පි ඒවරූපානි සත්ත පුත්තානී”ති.

එතකොට සුප්පාවාසා කෝලිය වංශික දියණිය ‘මගේ පුතා ධර්ම සේනාධිපතීන් වහන්සේ සමඟ කතාබස් කරනවා නෙව’ කියලා ගොඩාක් සතුටු වුනා. ප්‍රමුදිත වුනා. හටගත් ප්‍රීති සොම්නසින් යුතු වුනා. ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ සතුටු සිතින්, ප්‍රමුදිතව, හටගත් ප්‍රීති සොම්නසින් ඉන්න සුප්පාවාසා කෝලිය දියණිය දැකලා මෙහෙම අසා වදාළා.

“පින්වත් සුප්පාවාසා, මේ වගේ තවත් දරුවෙක් ලැබෙනවාට කැමැතිද?”

“භාග්‍යවතුන් වහන්ස, මේ වගේ තවත් දරුවන් හතක් වුනත් ලැබෙනවාට මං කැමැතියි.”

අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

අසාතං සාතරූපේන පියරූපේන අප්පියං,
දුක්ඛං සුඛස්ස රූපේන පමත්තමතිවත්තතී”ති.

“අමිහිරි දේවල් මිහිරි ස්වරූපයෙන්, අප්‍රිය දේවල් ප්‍රිය ස්වරූපයෙන්, දුක් දේවල් සැප ස්වරූපයෙන් ප්‍රමාදී පුද්ගලයාව යට කරගෙන යනවා.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M