මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
ඒ දිනවල එක්තරා උපාසකයෙකුගේ ප්‍රියාදර වූ එකම පුතා මරණයට පත්වුනා. එදා බොහෝ උපාසකවරු ඇඳුම් තෙමාගෙන, කොණ්ඩෙත් තෙමාගෙන, මධ්‍යහ්න වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වෙත ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා, පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ඒ උපාසකවරුන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවා.
“පින්වත් උපාසකවරුනි, මොකද මේ ගිනි මද්දහනෙ ඇඳුම් තෙමාගෙන, කොණ්ඩෙත් තෙමාගෙන මේ පැත්තෙ ආවෙ?”
මෙහෙම වදාළ විට ඒ උපාසකතුමා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“මගේ එකම ප්‍රියාදර පුත්‍රයා මරණයට පත්වුනා. ඒ නිසයි අපි ඇඳුම් තෙමාගෙන, කොණ්ඩෙත් තෙමාගෙන මධ්‍යහ්න වෙලාවෙ මෙහෙ ආවෙ.”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“බොහෝ දෙවියොත්, බොහෝ මිනිස්සුත් ප්‍රිය ස්වරූප ඇති ආශ්වාදයටම ගිජු වෙලයි ඉන්නෙ. අන්තිමේදී දුකට පත්වෙනවා. පිරිහිලා යනවා. මාරයාගේ වසඟයට යනවා.
යම් කෙනෙක් දිව රෑ වෙහෙස නොබලා, අප්‍රමාදීව, ප්‍රිය ස්වරූප වූ පංච කාමයන් දුරුකළොත්, ඇත්තෙන්ම ඔවුන් විතරක් ඉක්මවා යන්නට ඉතා අපහසු වූ මාරයාගේ විෂයට අයිති වූ මේ දුකේ මූලික හේතුව වන තෘෂ්ණාව මුලින්ම උදුරලා දානවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M