මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
එදා ඉච්ඡානංගල කියන ගමේ එක්තරා උපාසකයෙක් යම් කිසි කටයුත්තකට සැවැත් නුවරට ආවා. ඉතින් ඒ උපාසක තැන සැවැත් නුවරදී ඒ වැඩකටයුතු අවසන් කරලා භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන උපාසකතුමාට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළා.
“පින්වත් උපාසක, ඔබ කාලෙකට පස්සෙයි මේ පැත්තෙ ආවේ?”
“අනේ ස්වාමීනී, මම දැන් සෑහෙන කාලෙක ඉඳන් භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න මෙහෙ එන්න කැමැත්තෙන්මයි හිටියේ. ඒ වුනත් මං එක එක වැඩකටයුතුවලට පැටලිලා ගියා. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට මට එන්න බැරිවුනේ.”
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“සද්ධර්මය තුළ බහුශ්‍රැත වූ රහතන් වහන්සේට ඔය කිසි කරදරයක් නෑ. ඇත්තෙන්ම ඔහු තුළ තියෙන්නෙ සැපක්. නමුත් කෙලෙස් සහිත කෙනා ඒ කෙලෙස් නිසාම පීඩා විඳින හැටි බලන්න. මේ ජනයා, ජනයා තුළටම බැඳී යන ස්වභාවයෙන්මයි යුක්ත වන්නේ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M