මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
එදා කුඩා දරුවන් පිරිසක් සැවැත් නුවරටත්, ජේතවනාරාමයටත් අතර මාවතේදී දණ්ඩකින් සර්පයෙකුට පීඩා කරමින් සිටියා. ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍රා සිවුරු අරගෙන සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩම කළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේට සැවැත් නුවරත්, ජේතවනාරාමයත් අතර මාවතේදී සර්පයෙකුව දණ්ඩෙන් පෙළන ඒ දරු පිරිස දැකගන්නට ලැබුනා.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“තමන්ගේ සැප සොයන යම් කෙනෙක්, ඒ වගේම සැප කැමැති සතුන්ව දඬු මුගුරුවලින් පෙළනවා නම්, ඒ තැනැත්තා පරලොවදී සැපයක් ලබන්නේ නෑ.
තමන්ගේ සැප සොයන යම් කෙනෙක්, ඒ වගේම සැප කැමැති සතුන්ව දඬු මුගුරුවලින් පෙළන්නේ නැත්නම්, ඒ කෙනාට පරලොවදී සැප ලැබෙනවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M