මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ගයා ප්‍රදේශයේ ගයා ශීර්ෂයෙහිය. එකල බොහෝ තවුසෝ හිම වැටෙන ශීත ඍතුවෙහි, අධිකව හිම වැටෙන අට දවසක කාලය තුළ රාත්‍රියේ ගයා තීර්ථයේ දියේ ගිලෙනවා. ආයෙමත් උඩට එනවා. ආයෙමත් දියේ ගිලෙනවා. ආයෙමත් උඩට එනවා. තමන්ගේ ඇඟට වතුර ඉසගන්නවා. ගිනි පූජාත් කරනවා. ‘මේවායින් ජීවිතය පිරිසිදු වෙනවා’ කියලා හිතාගෙනයි කරන්නේ.
ජීවිතය පිරිසිදු වෙනවා කියලා හිතාගෙන ඒ ශීත ඍතුවේ රාත්‍රී කාලයේ අධිකව හිම වැටෙන අට දවසක කාලය තුළ රාත්‍රියේ ගයා තීර්ථයේ දියේ ගිලෙන, ආයෙමත් මතුවෙන, ආයෙමත් දියේ ගිලෙන, ආයෙමත් උඩට මතුවෙන, ඇඟට වතුර ඉස ඉස ඉන්න, ගිනි පූජා කරමින් ඉන්න ජටාධර තවුසන් භාග්‍යවතුන් වහන්සේට දැකගන්න ලැබුනා.
ඉතින් මෙකරුණ දැන භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“මේ ගයා තොටුපලේ බොහෝ දෙනෙක් නානවා. නමුත් වතුරෙන් නම් ජීවිතය පිරිසිදු වෙන්නෙ නෑ. යමෙක් තුළ ආර්ය සත්‍යයත්, අමා නිවන් දහමත් තියෙනවා නම්, ඇත්තෙන්ම ඔහු පිරිසිදුයි. ඔහුමයි බ්‍රාහ්මණයෙක් වෙන්නේ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M