ඛුද්දක නිකාය

උදාන පාළි

1.8. සංගාමජී සුත්තං

1.8. සංගාමජී තෙරුන් මුල්කොට වදාළ උදානය

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන ආයස්මා සංගාමජී සාවත්ථිං අනුප්පත්තෝ හෝති භගවන්තං දස්සනාය. අස්සෝසි ඛෝ ආයස්මතෝ සංගාමජිස්ස පුරාණදුතියිකා ‘අය්‍යෝ කිර සංගාමජී සාවත්ථිං අනුප්පත්තෝ’ති. සා දාරකං ආදාය ජේතවනං අගමාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. ඒ දිනවල ආයුෂ්මත් සංගාමජී තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ බැහැදැකීම පිණිස සැවැත් නුවරට පැමිණ සිටියා. එදා ආයුෂ්මත් සංගාමජී තෙරුන්ගේ ගිහි කල පැරණි බිරිඳට ‘සංගාමජී ආර්යයන් වහන්සේ අන්න සැවැත් නුවරට වැඩලා ඉන්නවා’ කියලා දැනගන්නට ලැබුනා. ඉතින් ඇය දරුවත් වඩාගෙන ජේතවනාරාමයට ගියා.

තේන ඛෝ පන සමයේන ආයස්මා සංගාමජී අඤ්ඤතරස්මිං රුක්ඛමූලේ දිවාවිහාරං නිසින්නෝ හෝති. අථ ඛෝ ආයස්මතෝ සංගාමජිස්ස පුරාණදුතියිකා යේනායස්මා සංගාමජී තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං සංගාමජිං ඒතදවෝච: ‘ඛුද්දපුත්තාම්හි සමණ, පෝසම’න්ති. ඒවං වුත්තේ ආයස්මා සංගාමජී තුණ්හී අහෝසි.

ඒ මොහොතේ ආයුෂ්මත් සංගාමජී තෙරුන් එක් රුක් සෙවනක දවල් කාලෙ, විවේකයෙන් වැඩසිටියා. එතකොට ආයුෂ්මත් සංගාමජී තෙරුන්ගේ ගිහි කල පැරණි බිරිඳ ආයුෂ්මත් සංගාමජී තෙරුන් ළඟට ආවා. ඇවිදින් ආයුෂ්මත් සංගාමජී තෙරුන්ට මෙහෙම කිව්වා. ‘පින්වත් ශ්‍රමණය, මට දැන් පොඩි දරුවෙක් ඉන්නවා. මාව නඩත්තු කරන්න’ කියලා. එහෙම කිව්වට පස්සේ ආයුෂ්මත් සංගාමජී තෙරුන් නිශ්ශබ්දව වැඩසිටියා.

දුතියම්පි ඛෝ ආයස්මතෝ සංගාමජිස්ස පුරාණදුතියිකා ආයස්මන්තං සංගාමජිං ඒතදවෝච: ‘ඛුද්දපුත්තාම්හි සමණ, පෝසම’න්ති. දුතියම්පි ඛෝ ආයස්මා සංගාමජී තුණ්හී අහෝසි.

දෙවෙනි වතාවටත්, ආයුෂ්මත් සංගාමජී තෙරුන්ගේ ගිහි කල පැරණි බිරිඳ ආයුෂ්මත් සංගාමජී තෙරුන්ට මෙහෙම කිව්වා. ‘පින්වත් ශ්‍රමණය, මට දැන් පොඩි දරුවෙක් ඉන්නවා. මාව නඩත්තු කරන්න’ කියලා. දෙවෙනි වතාවටත් ආයුෂ්මත් සංගාමජී තෙරුන් නිශ්ශබ්දව වැඩසිටියා.

තතියම්පි ඛෝ ආයස්මතෝ සංගාමජිස්ස පුරාණදුතියිකා ආයස්මන්තං සංගාමජිං ඒතදවෝච: ‘ඛුද්දපුත්තාම්හි සමණ, පෝසම’න්ති. තතියම්පි ඛෝ ආයස්මා සංගාමජී තුණ්හී අහෝසි.

තුන්වෙනි වතාවටත්, ආයුෂ්මත් සංගාමජී තෙරුන්ගේ ගිහි කල පැරණි බිරිඳ ආයුෂ්මත් සංගාමජී තෙරුන්ට මෙහෙම කිව්වා. ‘පින්වත් ශ්‍රමණය, මට දැන් පොඩි දරුවෙක් ඉන්නවා. මාව නඩත්තු කරන්න’ කියලා. තුන්වෙනි වතාවටත් ආයුෂ්මත් සංගාමජී තෙරුන් නිශ්ශබ්දව වැඩසිටියා.

අථ ඛෝ ආයස්මතෝ සංගාමජිස්ස පුරාණදුතියිකා තං දාරකං ආයස්මතෝ සංගාමජිස්ස පුරතෝ නික්ඛිපිත්වා පක්කාමි ‘ඒස තේ සමණ, පුත්තෝ. පෝසන’න්ති.

එතකොට ආයුෂ්මත් සංගාමජී තෙරුන් ගේ පැරණි බිරිඳ ඒ දරුවා සංගාමජී තෙරුන් ඉදිරියේ අත්හැරියා. ‘ඒයි ශ්‍රමණය, මේ පුතා ඔබේ. දැන් මෙයාව නඩත්තු කරන්න’ කියලා යන්න ගියා.

අථ ඛෝ ආයස්මා සංගාමජී තං දාරකං නේව ඕලෝකේසි නපි ආලපි. අථ ඛෝ ආයස්මතෝ සංගාමජිස්ස පුරාණදුතියිකා අවිදූරං ගන්ත්වා අපලෝකෙන්තී අද්දස ආයස්මන්තං සංගාමජිං තං දාරකං නේව ඕලෝකෙන්තං න පි ආලපන්තං. දිස්වානස්සා ඒතදහෝසි: ‘න චායං සමණෝ පුත්තේනපි අත්ථිකෝ’ති. තතෝ පටිනිවත්තිත්වා දාරකං ආදාය පක්කාමි. අද්දසා ඛෝ භගවා දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන ආයස්මතෝ සංගාමජිස්ස පුරාණදුතියිකාය ඒවරූපං විප්පකාරං.

ඊට පස්සේ ආයුෂ්මත් සංගාමජී තෙරුන් ඒ දරුවා දිහා බැලුවෙවත් නෑ. ඒ දරුවා එක්ක කතා කළෙත් නෑ. ඉතින් ආයුෂ්මත් සංගාමජී තෙරුන්ගේ පැරණි බිරිඳ ටිකක් ඈතට ගිහින් ආපහු හැරිලා බලාගෙන හිටියා. දරුවා දිහා බලන්නෙවත් නැති, කතා කරන්නෙවත් නැති ආයුෂ්මත් සංගාමජී තෙරුන්ව දැක්කා. දැකලා ඇයට මෙහෙම හිතුනා. ‘මේ ශ්‍රමණයාට කිසි දරු කැක්කුමක් නෑ’ කියලා ඇය ආපසු හැරිලා දරුවත් වඩාගෙන යන්න ගියා.

අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ දැනගෙන ඒ වෙලාවේ මේ උදානය වදාළා.

ආයන්තිං නාභිනන්දති පක්කමන්තිං න සෝචති,
සංගා සංගාමජීං මුත්තං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණ’න්ති.

“ඇය ළඟට එනකොට සතුටක් ඇති වුනෙත් නෑ. ඇය ආපහු යන කොට ශෝකයක් ඇති වුනෙත් නෑ. රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි යන මේ සංගවලින් සංගාමජී භික්ෂුව නිදහස් වුනා. අන්න ඒ භික්ෂුවටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M