මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ අජකලාපක කියන සිද්ධස්ථානය අසල, අජකලාපක නම් යක්ෂයාගේ භවනේ. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ රෑ ඝන අඳුරේ, එළිමහනේ වැඩසිටියා. වැහි බිඳුත් එක දෙක වැටෙමින් තිබුනා.
එතකොට අජකලාපක යක්ෂයා භාග්‍යවතුන් වහන්සේව භය කරන්න හිතාගෙන, තැතිගන්වන්න හිතාගෙන, ලොමු දහ ගන්වන්න හිතාගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් ‘අක්කුල පක්කුල’ යන හඬ එන පරිදි තුන්වරක් ශබ්ද කළා. “ඒයි ශ්‍රමණය, මෙන්න ඔබ ළඟට පිශාචයෙක් ඇවිල්ලා ඉන්නවා.”
එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ දැනගෙන ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“යම් දවසක අරහත් බ්‍රාහ්මණයා තමන් තුළ වැඩුණු ගුණධර්ම තුළින් සංසාරෙන් එතෙර වුනා නම්, ඊට පස්සේ ඔය පිශාචයාවත් පක්කුල ශබ්දයත් ඉක්මවා ගිහිල්ලයි ඉන්නෙ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M