මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ උතුම් වූ සම්බුද්ධත්වයට පත්වෙලා, ඒ මුල් දිනවල වැඩසිටියේ උරුවෙල් ජනපදයේ නේරංජරා ගංතෙර අජපාල නුග රුක් සෙවනේ. එහිදීත් භාග්‍යවතුන් වහන්සේ එක දිගට සත් දිනක්ම එක පළඟින්ම විමුක්ති සැපය විඳිමින් වැඩසිටියා.
එදා භාග්‍යවතුන් වහන්සේ ඒ හත් දවස ගෙවුනට පස්සේ ඒ සමාධියෙන් නැගිට වදාළා. එදා එක්තරා හුහුංක ජාතික බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. පිළිසඳර කතා බහේ යෙදුනා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිට ගත් ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.
“භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෙක් වෙන්නේ මොන වගේ කරුණු වලින් යුතු කෙනෙක්ද? බ්‍රාහ්මණයෙක් බවට පත් කරවන ගුණධර්ම මොනවාද?”
එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ නුවණින් ප්‍රත්‍යක්ෂ කර ගෙන, ඒ වෙලාවේ ශාන්ත සතුටින් යුක්තව මේ උදාන ගාථාව වදාළා.
“යම් අරහත් බ්‍රාහ්මණයෙක් හැම පවක්ම බැහැර කළා නම්, හුහුංකාර මාන්නය නැත්නම්, කෙලෙස් කහට නැත්නම්, සංවර කරගත් සිතක් තියෙනවා නම්, අවබෝධයේ කෙළවරටම පැමිණියා නම්, නිවන් මග සම්පූර්ණ කර ගත්තා නම්, එබඳු වූ කෙනෙක් ලෝකයේ කිසි අරමුණක් ගැන ඇවිස්සෙන බවක් නැත්නම්, අන්න එයාටයි ධර්මානුකූල ලෙස ‘බ්‍රාහ්මණයා’ කිව යුත්තේ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M