මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා ආයුෂ්මත් සැරියුත් තෙරුන් ද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන් ද, ආයුෂ්මත් මහාකස්සප තෙරුන් ද, ආයුෂ්මත් මහාකච්චාන තෙරුන් ද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් ද, ආයුෂ්මත් මහාකප්පින තෙරුන් ද, ආයුෂ්මත් මහා චුන්ද තෙරුන් ද, ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ද, ආයුෂ්මත් රේවත තෙරුන් ද, ආයුෂ්මත් ආනන්ද තෙරුන් ද භාග්‍යවතුන් වහන්සේ ළඟට වඩිමින් සිටියා. ඒ ආයුෂ්මත් තෙරුන් වහන්සේලා දුරින්ම වඩින අයුරු භාග්‍යවතුන් වහන්සේ දැක වදාළා. දැකලා භික්ෂූන් වහන්සේලා අමතා වදාළා.
“පින්වත් මහණෙනි, අන්න බ්‍රාහ්මණවරු පැමිණෙනවා. පින්වත් මහණෙනි, අන්න බ්‍රාහ්මණවරු පැමිණෙනවා.”
එතකොට එක්තරා බ්‍රාහ්මණ වංශික භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙහෙම ඇහුවා. “ස්වාමීනී, බ්‍රාහ්මණයෙක් වෙන්නේ මොන වගේ කරුණු වලින් යුතු කෙනෙක්ද? බ්‍රාහ්මණයෙක් බවට පත් කරවන ගුණධර්ම මොනවාද?”
එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ නුවණින් ප්‍රත්‍යක්ෂ කර ගෙන, ඒ වෙලාවේ ශාන්ත සතුටින් යුක්තව මේ උදාන ගාථාව වදාළා.
“යම් කෙනෙක් පාපී අකුසල් බැහැර කරලා හැම තිස්සෙම සිහි නුවණින් යුක්තව හැසිරෙනවා නම්, සංසාර බන්ධන නැතිකළා නම්, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා නම්, ඒකාන්තයෙන් ලෝකයේ බ්‍රාහ්මණවරු වන්නේ අන්න ඒ උදවියයි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M