එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක වැඩවෙසෙන සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස්ව හිඳගත් සේක. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, භික්ෂුවකට මෙබඳු වූ සමාධියක් ලැබිය හැකිද? එනම් යම් සේ පඨවී ධාතුවෙහි පඨවී යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආපෝ ධාතුවෙහි ආපෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, තේජෝ ධාතුවෙහි තේජෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, වායෝ ධාතුවෙහි වායෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, මේ ලෝකයෙහි මේ ලෝකය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, පරලොවෙහි පරලොව යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එහිලා ද ඔහුට හැඳිනීමෙක් නැත්තේ නම්, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැකිද?”
“එසේ ය ආනන්දයෙනි, යම් සේ පඨවී ධාතුවෙහි පඨවී යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආපෝ ධාතුවෙහි ආපෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, තේජෝ ධාතුවෙහි තේජෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, වායෝ ධාතුවෙහි වායෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, මේ ලෝකයෙහි මේ ලෝකය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, පරලොවෙහි පරලොව යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එහිලා ද ඔහුට හැඳිනීමෙක් නැත්තේ නම්, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැකිය.”
“ස්වාමීනී, කෙසේ නම් භික්ෂුවකට එබඳු සමාධියක් ලැබිය හැකිද? එනම් යම් සේ පඨවී ධාතුවෙහි පඨවී යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආපෝ ධාතුවෙහි ආපෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, තේජෝ ධාතුවෙහි තේජෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, වායෝ ධාතුවෙහි වායෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, මේ ලෝකයෙහි මේ ලෝකය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, පරලොවෙහි පරලොව යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එහිලා ද ඔහුට හැඳිනීමෙක් නැත්තේ නම්, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත වැ සිටින්නේ නම්, කෙසේ නම් එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැකිද?”
“ආනන්දය, මෙහිලා භික්ෂුව මෙබඳු වූ හැඳිනීමෙකින් යුක්ත වූයේ වෙයි. ‘මෙම සමාධිය ශාන්ත වූ දෙයකි. මෙම සමාධිය ඉතා ප්‍රණීත දෙයකි. එනම්, සකස් වූ සියළු දෙයෙහි සංසිඳී ගිය බවෙක් ඇද්ද, යළි උපතකට හේතු වන සියල්ල දුරැලූ බවෙක් ඇද්ද, තෘෂ්ණාවෙහි නැසී ගිය බවෙක් ඇද්ද, නොඇල්මට පත් වූ බවෙක් ඇද්ද, භවය නිරුද්ධ වූ බවෙක් ඇද්ද, නිර්වාණයක් ඇද්ද, එයයි.’
ආනන්දය, මෙබඳු වූ සමාධි ප්රතිලාභයෙකි භික්ෂුවකට ලැබෙන්නේ. එනම්, යම් සේ පඨවී ධාතුවෙහි පඨවී යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආපෝ ධාතුවෙහි ආපෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, තේජෝ ධාතුවෙහි තේජෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, වායෝ ධාතුවෙහි වායෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, මේ ලෝකයෙහි මේ ලෝකය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, පරලොවෙහි පරලොව යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එහිලා ද ඔහුට හැඳිනීමෙක් නැත්තේ නම්, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබෙන්නේ මේ අයුරිනි.
එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට පැදකුණු කොට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය පැවසූහ.
“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, භික්ෂුවකට මෙබඳු වූ සමාධියක් ලැබිය හැකිද? එනම් යම් සේ පඨවී ධාතුවෙහි පඨවී යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ….(පෙ)…. යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එහිලා ද ඔහුට හැඳිනීමෙක් නැත්තේ නම්, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැකිද?”
“එසේ ය ආයුෂ්මත් ආනන්දයෙනි, යම් සේ පඨවී ධාතුවෙහි පඨවී යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ….(පෙ)…. යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එහිලා ද ඔහුට හැඳිනීමෙක් නැත්තේ නම්, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැකිය.”
“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, කෙසේ නම් භික්ෂුවකට එබඳු සමාධියක් ලැබිය හැකිද? එනම් යම් සේ පඨවී ධාතුවෙහි පඨවී යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ….(පෙ)…. යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එහිලා ද ඔහුට හැඳිනීමෙක් නැත්තේ නම්, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත වැ සිටින්නේ නම්, කෙසේ නම් එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැකිද?”
“ආයුෂ්මත් ආනන්දය, මෙහිලා භික්ෂුව මෙබඳු වූ හැඳිනීමෙකින් යුක්ත වූයේ වෙයි. ‘මෙම සමාධිය ශාන්ත වූ දෙයකි. මෙම සමාධිය ඉතා ප්‍රණීත දෙයකි. එනම්, සකස් වූ සියළු දෙයෙහි සංසිඳී ගිය බවෙක් ඇද්ද, යළි උපතකට හේතු වන සියල්ල දුරැලූ බවෙක් ඇද්ද, තෘෂ්ණාවෙහි නැසී ගිය බවෙක් ඇද්ද, නොඇල්මට පත් වූ බවෙක් ඇද්ද, භවය නිරුද්ධ වූ බවෙක් ඇද්ද, නිර්වාණයක් ඇද්ද, එයයි.’
ආයුෂ්මත් ආනන්දය, මෙබඳු වූ සමාධි ප්රතිලාභයෙකි භික්ෂුවකට ලැබෙන්නේ. එනම්, යම් සේ පඨවී ධාතුවෙහි පඨවී යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ….(පෙ)…. යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එහිලා ද ඔහුට හැඳිනීමෙක් නැත්තේ නම්, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබෙන්නේ මේ අයුරිනි.”
“ආයුෂ්මත්නි, ආශ්චර්ය ය. ආයුෂ්මත්නි, අද්භූත ය. යම් කරුණෙක්හිලා ශාස්තෘන් වහන්සේගේ ත්, ශ්‍රාවකයන් වහන්සේගේ ත් අග්‍ර වූ ධර්මය පිළිබඳ ව අර්ථයෙන් අර්ථය, ප්රකාශනයෙන් ප්රකාශනය සැසඳෙන්නේ ම ය. සමවන්නේ ම ය. නොගැටෙන්නේ ම ය. ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මම දැන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ මෙකරුණ විමසුවෙමි. භාග්‍යවතුන් වහන්සේ ද මට මේ පදයන්ගෙන් ම, මේ ප්රකාශනයන්ගෙන් ම එම අර්ථය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ පරිද්දෙන් වදාළ සේක.
ආයුෂ්මත්නි, ආශ්චර්ය ය. ආයුෂ්මත්නි, අද්භූත ය. යම් කරුණෙක්හිලා ශාස්තෘන් වහන්සේගේ ත්, ශ්‍රාවකයන් වහන්සේගේ ත් අග්‍ර වූ ධර්මය පිළිබඳ ව අර්ථයෙන් අර්ථය, ව්‍යංජනයෙන් ව්‍යංජනය සැසඳෙන්නේ ම ය. සමවන්නේ ම ය. නොගැටෙන්නේ ම ය.”
සාදු! සාදු!! සාදු!!!
පඨම සඤ්ඤා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_11-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M