“මහණෙනි, යම් මේ භික්ෂුවක් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ආක්‍රෝශ කරන්නේ වෙයි ද, පරිභව කරන්නේ වෙයි ද, ආර්යෝපවාද කරන්නේ වෙයි ද, යම් හෙයකින් ඒ තැනැත්තා මේ එකොළොස් විධ විපත්තීන්ගෙන් එක්තරා ව්‍යසනයකට පත්නොවන්නේ ය යන කරුණට හේතුවක් නැත. අවකාශයක් නැත. ඒ කවර එකොළොස් විපතෙක් ද යත්;
නොලැබූ මගඵල ආදිය නොලබන්නේ ය. ලබන ලද ධ්‍යාන ආදිය ඇත්නම් පිරිහෙන්නේ ය. සද්ධර්මය තුළ දියුණුවක් නොලබන්නේ ය. සද්ධර්මය තුළ දියුණුවක් ඇතැයි අධිමානයට පත්වන්නේ ය. නිවන් මගෙහි සිත් අලවා වාසය කිරීමක් නැත්තේ ය. යම්කිසි කිළුටු ඇවතකට හෝ පත්වන්නේ ය. ශික්ෂාව ප්‍රතික්ෂේප කොට සිවුරු හැර ගිහි බවට හෝ පත්වන්නේ ය. දරුණු වූ රෝගපීඩා ආදිය වැළඳෙන්නේ ය. චිත්ත වික්ෂේපය නම් වූ උමතු බවකට හෝ පත්වන්නේ ය. සිහිමුළා ව මරණයට පත්වන්නේ ය. කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපදින්නේ ය.
මහණෙනි, යම් මේ භික්ෂුවක් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ආක්‍රෝශ කරන්නේ වෙයි ද, පරිභව කරන්නේ වෙයි ද, ආර්යෝපවාද කරන්නේ වෙයි ද, යම් හෙයකින් ඒ තැනැත්තා මේ එකොළාස් විධ විපත්තීන්ගෙන් එක්තරා ව්‍යසනයකට පත්නොවන්නේ ය යන කරුණට හේතුවක් නැත. අවකාශයක් නැත.
සාදු! සාදු!! සාදු!!!
ව්‍යසන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_11-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M