“මහණෙනි, මේ ධර්මය යහපත අත්හැරීම් සහිත යි. මේ ධර්මය යහපත අත්හැරීම් රහිත නොවේ. මහණෙනි, මේ ධර්මය යහපත අත්හැරීම් සහිත වන්නේ කෙසේද? යහපත අත්හැරීම් රහිත නොවෙන්නේ කෙසේද?
මහණෙනි, ප්‍රාණඝාතයෙහි යෙදෙන්නා හට ප්‍රාණඝාතයෙන් වෙන් වීම නම් යහපත අත්හැරුණේ වෙයි. මහණෙනි, සොරකමෙහි යෙදෙන්නා හට සොරකමින් වෙන් වීම නම් යහපත අත්හැරුණේ වෙයි. මහණෙනි, වැරදි කාමසේවනයෙහි යෙදෙන්නා හට වැරදි කාම සේවනයෙන් වෙන් වීම නම් යහපත අත්හැරුණේ වෙයි. මහණෙනි, බොරු කියන්නා හට බොරු කීමෙන් වෙන් වීම නම් යහපත අත්හැරුණේ වෙයි. මහණෙනි, කේළාම් කියන්නා හට කේළාම් කීමෙන් වෙන් වීම නම් යහපත අත්හැරුණේ වෙයි. මහණෙනි, දරුණු වචන කියන්නා හට දරුණු වචනයෙන් වෙන් වීම නම් යහපත අත්හැරුණේ වෙයි. මහණෙනි, නිසරු දේ කියන්නා හට නිසරු දේ කීමෙන් වෙන් වීම නම් යහපත අත්හැරුණේ වෙයි. මහණෙනි, අන් සතු දෙයට ආශා කරන්නා හට අන් සතු දෙයට ආශා නොකිරීම නම් යහපත අත්හැරුණේ වෙයි. මහණෙනි, ද්වේෂ කරන්නා හට ද්වේෂ නොකිරීම නම් යහපත අත්හැරුණේ වෙයි. මහණෙනි, වැරදි දෘෂ්ටිය ගත්තහුට නිවැරදි දෘෂ්ටිය නම් යහපත අත්හැරුණේ වෙයි.
මහණෙනි, මෙසේ මේ ධර්මය යහපත අත්හැරීම් සහිත යි. මේ ධර්මය යහපත අත්හැරීම් රහිත නොවේ.
සාදු! සාදු!! සාදු!!!
සපරික්කමන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-4-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M