අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.4.2.8. කම්ම නිදාන සුත්තං

10.4.2.8. පාප කර්මයන්ගේ හේතුව ගැන වදාළ දෙසුම

“මහණෙනි, මම ප්‍රාණඝාතය ද තුන් ආකාර යැයි කියමි. එනම් ලෝභය නිසා ත් ප්‍රාණඝාත කරයි. ද්වේෂය නිසා ත් ප්‍රාණඝාත කරයි. මෝහය නිසා ත් ප්‍රාණඝාත කරයි.

මහණෙනි, මම සොරකම ද තුන් ආකාර යැයි කියමි. එනම් ලෝභය නිසා ත් සොරකම් කරයි. ද්වේෂය නිසා ත් සොරකම් කරයි. මෝහය නිසා ත් සොරකම් කරයි.

මහණෙනි, මම වැරදි කාම සේවනය ද තුන් ආකාර යැයි කියමි. එනම් ලෝභය නිසා ත් වැරදි කාම සේවනය කරයි. ද්වේෂය නිසා ත් වැරදි කාම සේවනය කරයි. මෝහය නිසා ත් වැරදි කාම සේවනය කරයි.

මහණෙනි, මම බොරු කීම ද තුන් ආකාර යැයි කියමි. එනම් ලෝභය නිසා ත් බොරු කියයි. ද්වේෂය නිසා ත් බොරු කියයි. මෝහය නිසා ත් බොරු කියයි.

මහණෙනි, මම කේළාම් කීම ද තුන් ආකාර යැයි කියමි. එනම් ලෝභය නිසා ත් කේළාම් කියයි. ද්වේෂය නිසා ත් කේළාම් කියයි. මෝහය නිසා ත් කේළාම් කියයි.

මහණෙනි, මම දරුණු වචන කීම ද තුන් ආකාර යැයි කියමි. එනම් ලෝභය නිසා ත් දරුණු වචන කියයි. ද්වේෂය නිසා ත් දරුණු වචන කියයි. මෝහය නිසා ත් දරුණු වචන කියයි.

මහණෙනි, මම නිසරු දේ කීම ද තුන් ආකාර යැයි කියමි. එනම් ලෝභය නිසා ත් නිසරු දේ කියයි. ද්වේෂය නිසා ත් නිසරු දේ කියයි. මෝහය නිසා ත් නිසරු දේ කියයි.

මහණෙනි, මම අන් සතු දේට ආශා කිරීම ද තුන් ආකාර යැයි කියමි. එනම් ලෝභය නිසා ත් අන් සතු දේට ආශා කරයි. ද්වේෂය නිසා ත් අන් සතු දේට ආශා කරයි. මෝහය නිසා ත් අන් සතු දේට ආශා කරයි.

මහණෙනි, මම ද්වේෂය ද තුන් ආකාර යැයි කියමි. එනම් ලෝභය නිසා ත් ද්වේෂ කරයි. ද්වේෂය නිසා ත් ද්වේෂ කරයි. මෝහය නිසා ත් ද්වේෂ කරයි.

මහණෙනි, මම වැරදි දෘෂ්ටිය ද තුන් ආකාර යැයි කියමි. එනම් ලෝභය නිසා ත් වැරදි දෘෂ්ටියට පැමිණෙයි. ද්වේෂය නිසා ත් වැරදි දෘෂ්ටියට පැමිණෙයි. මෝහය නිසා ත් වැරදි දෘෂ්ටියට පැමිණෙයි.

මෙසේ මහණෙනි, ලෝභය යනු පාප කර්මයාගේ හේතුවේ සම්භවයයි. ද්වේෂය යනු පාප කර්මයාගේ හේතුවේ සම්භවයයි. මෝහය යනු පාප කර්මයාගේ හේතුවේ සම්භවයයි. ලෝභය ක්ෂය වීමෙන් පාප කර්මයේ හේතු නැති වී යයි. ද්වේෂය ක්ෂය වීමෙන් පාප කර්මයේ හේතු නැති වී යයි. මෝහය ක්ෂය වීමෙන් පාප කර්මයේ හේතු නැති වී යයි.

සාදු! සාදු!! සාදු!!!

කම්ම නිදාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-4-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M