☰
“මහණෙනි, ආර්ය වූ පව් සේදීම ගැන ඔබට දෙසන්නෙමි. එය අසව් ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මෙහිලා ආර්ය ශ්රාවකයා මෙසේ නුවණින් විමසයි. ප්‍රාණඝාතය හේතුවෙන් මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි යනුවෙන් මෙසේ හේ නුවණින් විමසා ප්‍රාණඝාතය අත්හරී. එවිට ප්‍රාණඝාතය නම් වූ පව සෝදා හළේ වෙයි. ….(පෙ)…. වැරදි දෘෂ්ටිය හේතුවෙන් මෙලොවදී ත්, පරලොවදී ත් පවිටු විපාක ලැබෙයි යනුවෙන් මෙසේ හේ නුවණින් විමසා වැරදි දෘෂ්ටිය අත්හරී. එවිට වැරදි දෘෂ්ටියනම් වූ පව සෝදා හළේ වෙයි.
මහණෙනි, මෙය ආර්ය වූ පව් සේදීම යැයි කියනු ලැබේ.”
සාදු! සාදු!! සාදු!!!
අරිය පච්චෝරෝහණී සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-4-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M