අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.3.1.6. නිජ්ජර සුත්තං

10.3.1.6. විනාශ කරවන දේ ගැන වදාළ දෙසුම

“මහණෙනි, මේ අකුසල් විනාශ කරවන කරුණු දසයෙකි. කවර දසයක් ද යත්;

1. මහණෙනි, නිවැරදි දෘෂ්ටිය ඇත්තහුගේ වැරදි දෘෂ්ටිය විනාශ වූයේ වෙයි. වැරදි දෘෂ්ටිය නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු තුළ ඒවා ද විනාශ වූයේ වෙයි. නිවැරදි දෘෂ්ටිය නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.

2. මහණෙනි, නිවැරදි සංකල්ප ඇත්තහුගේ වැරදි සංකල්ප විනාශ වූයේ වෙයි. වැරදි සංකල්ප නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු තුළ ඒවා ද විනාශ වූයේ වෙයි. නිවැරදි සංකල්ප නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.

3. මහණෙනි, නිවැරදි වචන භාවිතය ඇත්තහුගේ වැරදි වචන භාවිතය විනාශ වූයේ වෙයි. වැරදි වචන භාවිතය නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු තුළ ඒවා ද විනාශ වූයේ වෙයි. නිවැරදි වචන භාවිතය නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.

4. මහණෙනි, නිවැරදි කායික ක්‍රියා ඇත්තහුගේ වැරදි කායික ක්‍රියා විනාශ වූයේ වෙයි. වැරදි කායික ක්‍රියා නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු තුළ ඒවා ද විනාශ වූයේ වෙයි. නිවැරදි කායික ක්‍රියා නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.

5. මහණෙනි, නිවැරදි ජීවිකාව ඇත්තහුගේ වැරදි ජීවිකාව විනාශ වූයේ වෙයි. වැරදි ජීවිකාව නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු තුළ ඒවා ද විනාශ වූයේ වෙයි. නිවැරදි ජීවිකාව නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.

6. මහණෙනි, නිවැරදි උත්සාහය ඇත්තහුගේ වැරදි උත්සාහය විනාශ වූයේ වෙයි. වැරදි උත්සාහය නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු තුළ ඒවා ද විනාශ වූයේ වෙයි. නිවැරදි උත්සාහය නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.

7. මහණෙනි, නිවැරදි සිහිය ඇත්තහුගේ වැරදි සිහිය විනාශ වූයේ වෙයි. වැරදි සිහිය නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු තුළ ඒවා ද විනාශ වූයේ වෙයි. නිවැරදි සිහිය නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.

8. මහණෙනි, නිවැරදි චිත්තේකාග්‍රතාව ඇත්තහුගේ වැරදි චිත්තේකාග්‍රතාව විනාශ වූයේ වෙයි. වැරදි චිත්තේකාග්‍රතාව නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු තුළ ඒවා ද විනාශ වූයේ වෙයි. නිවැරදි චිත්තේකාග්‍රතාව නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.

9. මහණෙනි, නිවැරදි ඥානය ඇත්තහුගේ වැරදි ඥානය විනාශ වූයේ වෙයි. වැරදි ඥානය නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු තුළ ඒවා ද විනාශ වූයේ වෙයි. නිවැරදි ඥානය නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.

10. මහණෙනි, නිවැරදි විමුක්තිය ඇත්තහුගේ වැරදි විමුක්තිය විනාශ වූයේ වෙයි. වැරදි විමුක්තිය නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු තුළ ඒවා ද විනාශ වූයේ වෙයි. නිවැරදි විමුක්තිය නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.

මහණෙනි, මේවා වනාහී කෙලෙස් විනාශ වී යන කරුණු දසයයි.

සාදු! සාදු!! සාදු!!!

නිජ්ජර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M